Monday, June 6, 2016

පේපර් වදන බිහිකල පැපයිරස් කොලේ කතාව


පැපයිරස් කියූ සැසින් සිහියට නැගෙන්නේ පැපයිරස් පත්‍ර මත කල ලේඛන කලාව නේ. පැපයිරස් මත ලියැවුණු ලේඛන කලාවේ කතාන්දරයයි මේ.




පුරාණ ලේඛන කලාවේදි භාවිතා කල පැපයිරස් පත්‍ර සාදාගත්තේ පැපයිරස් පන් ශාකය යොදාගෙනයි. පැපයිරස් ලේඛන පත්‍ර නිපදවීමේ ආරම්භය පුරාණ මිසරයේ පලමු රාජ්‍ය වංශ පාලන කාලය තෙක් දිවයයි. දැනට හමුවී ඇති පැරණිතම පැපයිරස් ලේඛනය හමුවි ඇත්තේ පැරණි ඊජිප්තුවට අයත් වාඩි-අල්-ජර්ෆ් නම් රතු මුහුදු වෙරලේ පිහිටි පුරාණ වාරය භූමියකිනි. මෙම ලේඛනය කුෆු රාජ වංශය සමයේ ලියන ලද්දක් බව පරික්ෂණ වලදි අනාවරණය වී ඇත. පහසුවෙන් නිපදවා ගත හැකි නිසා පැපයිරස් කලාව අප්‍රිකානු මහද්වීපයෙන් පිටත සිඝ්‍රයෙන්යෙන් ව්‍යාප්ත වන්නට විය.




පැපයිරස් පත්‍ර නිෂ්පාදනයේදි, පලමුව Cyperus papyrus ශාකයේ කද කොටස ගෙන, පිට පොත්ත ඉවත් කරයි. පොත්ත ඉවත් කල පසු ඉතිරි දඩු කොටස අඩියක පමණ ප්‍රමාණයේ කැබලි කරුනු ලබයි. මෙම කැබැලි නැවත දික් අතට සිහින් තීරු ලෙස පලාගනු ලැබේ. පසුව මෙම තීරු ජලයේ ගිල්වයි. ජලයේ ගිල්වාගත් තීරු, ශෛලමය මතුපිටක් මත අසුරනු ලැබේ. පලමු ඇතිරුමට ලම්බකව දෙවැනි පැපයිරස් තීරු ඇතිරුම සිදු කරයි. පසුව පැපයිරස් ඇතිරුම මත ශෛලමය පුවරුවක් තමා පීඩනය යොදයි. දින තුනක පමන කාලයක් මෙසේ පිඩනය යොදා තබා, පැපයිරස් පත්‍ර සාදාගනි.

ඊජිප්තුවේ පැවැති වියලි කාලගුණය පැපයිරස් ලේඛන කලාව හොදින් සිදුකිරිමට බලපෑවේය. මුල් අවධියේ පැපයිරස් පත්‍ර යුරෝපය වෙත අපනයනය සිදු විය. ග්‍රිසිය හා ඉතාලිය ප්‍රධාන පැපයිරස් ගැනුම් කරුවන් විය. ග්‍රික දාර්ශණිකයන් තම විෂයන් පැපයිරස් මත ලේඛණය කල අතර, 
පත්‍ර නැවීමේදි හා පොත්බැදීම සිදුකිරිමේදි ඉරියෑම නිතරව සිදුවිනි. ඊජිප්තුවේදි පැපයිරස් පත්‍ර ගබඩා කලේ රෝල් කර ලී පෙට්ටි වල දැමීම මගින් නිසා ඊජිප්තුවේදි මෙම ගැටලු ඇති නොවීය.

මිලෙන් අඩු පාච්මන්ට් වර්ග වෙලදපොලට පැමිණිමත් සමග පැපයිරස් සතු යුරෝපා වෙලදපොල කඩාවැටෙන්නට විය. එමෙන්ම බාල වර්ගයේ පැපයිරස් පත්‍ර වෙලදපොලට පැමිණිම, ඊජිප්තුව මුහුණ පෑ විදෙස් ආක්‍රමණද පැපයිරස් අපනායනය කඩා වැටිමට හේතුවිය. නමුත් පසුකාලිනව බයිසන්තියන් අධිරාජ්‍ය පැපයිරස් අතිරේක ලේඛන මාධ්‍යක් ලෙස භාවිතා කර ඇත.

මිසර වැසියන් පැපයිරස් පත්‍ර මත රූපාක්ෂර භාවිතා කරමින් සටහන් තබා ඇත. එතෙක් ගල්, ලී මත රෑපාක්ෂරකරණයේ යෙදුන ද පැපයිරස් පත්‍ර ආගමනය සමග මෙම කලාව වැඩි දියුණු වී ඇත. මෙම රෑපාක්ෂර කලාව, හයිරෝරේඛනය ලෙසද හදුන්වනු ලබයි. පසුකාලිනව මුහුණ පෑ ආක්‍රමණ හා ස්වභාවික හේතුන් මත පුරාණ රූපාක්ෂර සහිත පැපයිරස් පත්රු බොහෝමයක් විනාශ වීය.

එහෙන්ම ඉතාලියේ හර්කියුලේනියම් නගරයේ පුස්තකාලයේ ගබඩාකර තිබු පැපයිරස් ලේඛන විශාල ගණනක්, විසුවියස් ගිනිකදු විදාරණයක් නිසා විනාශයට පත්විමත් සමග වටිනා දැනුම් සම්භාරයක් විනාශයට පත්විය. මෙසේ අගුරු බවට පත් පැපයිරස් ලේඛන නැවත කියවිය හැකි ලෙස සකස් කරගැනීමට පරික්ෂකයන් දැඩි උත්සහයක නිරත වේ.

මෑත ඉතිහාසයේ විවිධ අවස්ථාවලදි පැපයිරස් ලේඛන කලාව නැවත පණගැන්වීමට විවිධ පුද්ගලයින් උත්සහ කලේය. වර්තමානයේ ඊජිප්තුව තුල සංචාරක ව්‍යාපාරයේ යෙදෙන පිරිස් පැපයිරස් පත්‍ර වෙලද භාණ්ඩයක් ලෙස සුළු පරිමාණයෙන් නිපදවනු ලබයි.

පැපයිරස් ලේඛන පත්‍ර නිපදවීමට අමතරව, පැපයිරස් පන් ශාකය යොදාගනිමින් බාස්කට්, තොප්පි, කලාල නිපදවීමද සිදු කරනු ලබයි.

වර්තමනයේ භාවිතා වන ‍Paper යන වදන වහරට පැමිණියේ Papyrus යන වදන ඇසුරින් බව ඉතිහාසඥයින්ගේ මතයයි.

- රොෂින් ප්‍රනාන්දු

No comments:

Post a Comment