Thursday, June 16, 2016

‘‘හා හා පුරා‘‘ හි සැගවුනු කතාව

‘‘හා හා පුරා  කියලා වැඩේ පටන් ගමු‘‘
වැඩක් පටන් ගනිද්දි මෙහෙම කියනවා ඔයාලා අහලා ඇති.

ඒත් ඔයාලා දන්නවාද මේ ‘‘හා හා පුරා‘‘ කියන එකේ තේරුම?




බහිරවයා කියලා හදුන්වන  මහපොලවට, ධනයට, නිදන්වලට අධිපතියෙක් ඉන්නවා කියලා පුරාණයේ සිට ගැමියන් අතර මතයක් තිබ්බා. ඒ නිසා නිවසක් තනන්න කලින් නැත්තම් පොලව සම්බන්ද දෙයක් කරන්න කලින් බහිරව පූජාවක් තැබිම සම්ප්‍රධායක් ලෙස කරනවා.

බහිරවයාගේ බිරිදගේ නම ‘‘පුරා‘‘ කියලායි ප්‍රවාද අනුව සදහන් වෙන්නේ. ඉතින් ඉස්සර ගොවියන් ගොවි තැන් කරන්න, පලමු උදලු පහර පොලවට ගහන්න කලින් පොලවට අධිපති බහිරවයා රවට්ටන්න හිතාගෙන ‘‘හා හා පුරා‘‘ කියලා ශබ්ද නගා කියලා තියනවා.

එහිදි ගොවියන් බලාපොරොත්තු වෙලා තියෙන්නේ, තමන් පොලව කොටන හදන ආකාරය බලා සිටින බහිරවයා තමාගේ බිරිද වන ‘‘පුරා‘‘ ගේ නම ඇසු සැනිනේ බහිරවයාගේ අවධානය ඒ දෙස යොමුව තමන් පොලව කොටන ආකාරය ගැන අවධානය නැති වේවි කියලා.
මේක බහිරවයාව රැවැට්ටිමක්.

ඉතින් මේ නිසා එදා පටන් අද දක්වාම  සුබ වැඩක් කරනකොට ‘‘හා හා පුරා‘‘ යැයි කිම සාමාන්‍යයි.
දැන් නම් ‘‘හා හා පුරා‘‘ කියන වාක්‍ය සුභ වැඩක් නොවන අවස්ථා වලදිත් භාවිතා වෙනවා.

- රොෂින් ප්‍රනාන්දු  

1 comment:

  1. පුරඃ යනු ශ්‍රීයා කාන්තාවගේ ස්වාමිපුරුෂයායි.යමිකිසි සුභ කටයුත්තක් කරන විට හා හා පුරා යයි කියන්නේ ශ්‍රීයා කාන්තාව ඒ දෙස බලන නිසා යයි ගැමියන් අතර විශ්වාසයක් ඇති නිසාය

    ReplyDelete