Monday, June 20, 2016

බල්ලන් නිසා ජයගත් දක්ෂිණ ධ්‍රැව ගවේෂණ තරගය

පෘථිවියේ දක්ෂිණ ධ්‍රැවයට පා තැබීම මිනිස් ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයක්. නමුත් මෙම කටයුත්ත ලේසි උනේ නැ. ලොකු අභියෝග රැසකින් පසුවයි මෙම ගවේෂණය සාර්ථක කරගන්න පුලුවන් උනේ. අද කතාව ඒ ගවේෂණය ගැන.



                                             

දක්ෂිණ ධ්‍රැවය පලමුව ගවේෂණය කල පුද්ගලයා ලෙස වාර්ථාව තැබුවේ නෝර්වේ ජාතික රෝල්ඩ් ආමුන්ඩ්සන් මහතායි. ඔහු විසින් 1911 වසරේදී දක්ෂිණ ධ්‍රැව ගවේෂණය සාර්ථක කරගන්නවා. 



රෝල්ඩ් ආමුන්ඩ්සන් ඉපදුනේ 1872 ජුලි 16 නොර්වේ හී බර්ග් නම් නගරයේ. 1897 වසරේදී ඔහු ශීත සෘතු BelgAE ඇන්ටාක්ටික් ගවේෂණයට එක් වෙනවා. නමුත් නිසි සූදානමක් නොමැතිවීම නිසා මෙම ගවේෂණය සම්පූර්ණ නොකර පිරිස නැවත පැමිණෙනවා. ගවේෂණය සදහා යොදාගත් බල්ගිකා නෞකාව අයිස් මත සිරවීම නිසා ගැටලූකාරි තත්ත්වයකටද මුහුණ දීමට මෙම පිරිසට සිදුවූනා.

1903 වසරේදි ආමුන්ඩ්සන් විසින් අත්ලාන්තික් හා පැසිෆික් සාගර අතර පැවැති කැනඩාවේ වයඹ දිග පැසේජයේ ගවේෂණයකට නායකත්වය දෙනු ලැබුවා. එය වයඹ දිග පැසේජයේ මිනිසා විසින් කල පලමු ගවේෂණයයි. එම ගවේෂණයට මිනිසුන් 6 දෙනකු හා අඩි 45ක දිගකින් යුත් Gjøa නැව යොදාගත්තා.
මුලදී රෝල්ඩ් ආමුන්ඩ්සන් උත්තර ධ්‍රැවය ගවේෂණය කිරිමට අදහස් කලත් අරමුදල් නොමැති වීම නිසා එම අදහස වෙනස් කරන්නට ඔහුට සිදුවෙනවා. එවගේම උත්තර ධ්‍රැවය ගවේෂණය කරන්න එතකොටත් වෙන පිරිස් පිටවෙලා තිබ්බ නිසා ආමුන්සන් විසින් තම සැලසුම වෙනස් කරනවා දක්ෂිණ ධ්‍රැවය ගවේෂණය කරන්න.

නමුත් ඒ වන විටත් බ්‍රිතාන්‍ය ජාතික රොබට් ස්කොට් දක්ෂිණ ධ්‍රැවය ගවේෂණය කරන්න සැලසුම් කරලා ඉවරයි. දැන් මෙම ගවේෂකයින් දෙදෙනා අතර තරගයක් ඇතිවෙනවා දක්ෂීණ ධ්‍රැවය ගවේෂණය කරන්න. ‍Fram නෞකාවෙන් ආමුන්ඩසන් ගවේෂණයට පිටත් වෙනවා.

1911 ජනවාරි මාසයේ ආමුන්ඩ්සන් ඇතුලු පිරිස දක්ෂිණ Bay of Whales ප්‍රදේශයට ගොඩ බසිනවා. ආමුන්ඩ්සන් ගොඩබිම් ගමන් වලට යොදා ගන්න බලාපොරොත්තු වන්නේ සුනඛයින් අදින කරත්ත. ඒ වගේම ගමන සදහා යොදාගත් සුනඛයිගෙන් පිරිසක් මස් ලෙසත් භාවිතා කරන්න ආමුන්ඩ්සන් සැලසුම් කලා.

මුලින්ම ඇන්ටාක්ටික් සානුව බලා යන පිරිසට එම ප්‍රදේශයට ලගාවෙන්න බැරි වෙන්නේ අයහපත් කාලගුණය නිසා. පසුව මෙම පිරිස දෙවැනි වතාවේදි උත්සහය සාර්ථක කරගන්නවා. ඔවුන් බ්‍රිතාන්‍ය ජාතික රොබට් ස්කොට් ට වඩා කලින් ඇන්ටාක්ටික් ගවේෂණය සාර්ථක කරගන්නවා. ආමුන්ඩ්සන් මෙම ඇන්ටාක්ටික් ගවේෂණයේදි අරගත්තේ ඡායාරූප 2ක් පමණයි.






හොදින් සූදානම් වීම, සුනඛයින් භාවිතය, සරල උපකරණ භාවිතය නිසා තමන් මෙම ගවේෂණය සාර්ථක කරගත්තා කියලයි ආමුන්ඩ්සන් කිව්වේ.

1928 දී උත්තර ධ්‍රැව ගවේෂණයක් සදහා ගුවනින් ගමන් කරමින් සිටියදී රොල්ඩ් ආමුන්ඩ්සන් ඇතුලු පිරිස අතුරුදහන් වූවා. ඔවුන් කිසිවකුගේ සිරුරු අදටත් හමුව නැ.

- රොෂින් ප්‍රනාන්දු

No comments:

Post a Comment