රූපවාහිනි නාලිකාවේ විකාශය වූ ජයන්ත චන්ද්‍රසිරි මහතා විසින් අධ්‍යක්ෂණය කල දඩුබස්නාමානය ටෙලිනාට්‍යයේ තේමාගිතය ඔබට මතක ඇති. මෙම තේමාගියට පාදක ව ඇත්තේ ඉතා දිර්ඝ ඉතිහාසයක් පවතින දේව යැදිලි කවි විශේෂයක් බව ඔබ දන්නවාද?
මෙම කවි විශේෂය හදුන්වනු ලබන්නේ ‘‘කෝල්මුර කවි‘‘ යනුවෙනි. කෝල්මුර කවි ඇසුරින් දඩුබස්නාමානය ටෙලිනාට්‍ය වෙනුවෙන් තේමාගිතය රචනා කරනු ලැබුවේ සුනිල් රත්නායක මහතා වන අතර සංගිතය අධ්‍යක්ෂණය කරනු ලැබුවේ ප්‍රේමසිරි කේමදාස මහතා විසිනි.
මෙම කවිවල ඉතිහාසය රාවණා රජුගේ යුගය දක්වා ඇදියන බව සැලකේ. කොහොඹා යක් කංකාරිය,කඩවල කංකාරිය වැනි ශන්තිකර්ම වලට ද පාදක ව ඇත්තේ මෙම කොල්මුර යැදිලි කවි යැයි පොත පතෙහි සදහන් වේ. කෝල්මුර යනු දේව යැදිලි කවි විශේෂයක් ලෙස ජනයා ඇසුරින්ම වසර ගනනක් තිස්සේ පරිනාමයට ලක්විය.
තවත් ඉතිහාසඥයින් පිරිසක් සදහන් කරන්නේ කෝල්මුර කවි විකාශය වි ඇත්තේ කාවල් මුරෛ යන දෙමල වදනින් බව පැවසේ. එහි අර්ථය වනුයේ ආරක්ෂක ගිතිකා/සෙත්කවි යන්නයි. ඒ අනුව කෝල්මුර කවි දක්ෂීණ භාරතිය සම්ප්‍රදායන්ගෙන් පැවත එන බව ද සැලකිය හැක.
දඩුබස්නාමානයේ තේමා ගිතයේ පද රචනය කරන ලද්දේ සුනිල් රත්නායක මහතා බව පෙරදි සදහන් කරන ලදි. එම ගිතයේ පද රචනය මෙසේය...
රකිනා දිවි සිට වග වැලහින්නේ
බැවිනා කිරිපොවමින් ඔහු යන්නේ
ලකුණා පෙරපිං නැති බව දන්නේ
රැක්නා දිවි මෙම ලෙස කුමරුන්නේ
සදා පුරය කරනෙමිනි කැලේයා
කියා වැදුනි මහ සෙනග කැලේයා
සදා සෙනග ගල් කරපු කැලේයා
එදා පසිඳු විය දෙවියො කැලේයා
මෙම කවි විශේෂය දළදා මාලිගාවේ තේවාව අවස්ථාවේදි රහසිගතව ගායනා කරන බව සදහන් වේ. මෙහි තාලය තේවාකරුවන් හා තවත් ඉතාම සුලු පිරිසක් පමණක් දන්නා බව පැවසේ. කේමදාස මහතා විසින් මෙම ගිතය වෙන සැකසු තනුව, කෝල්මුර කවි කල සත්‍ය තනුවට ඉතා ආසන්න බව තමාට මාලිගාවෙන් එවු ලිපියකින් දැන්වූ බව කේමදාස මහතා වරක් පවසා ඇත
- රොෂින් ප්‍රනාන්දු
අලුත් වන ලිපි දැනගන්න
Follow කරන්න!!
No comments:
Post a Comment