Thursday, June 16, 2016

නිතර දකින @ සලකුන හැදුන හැටි

ඇට් (@) සලකුණ හොදට හුරුපුරුදුයි නේ.

ඊමේල් වලදි, ප්‍රෝග්‍රැමින් වලදි නිතරම භාවිතා වෙනවා
මේ ලිපියෙන් කියන්න යන්නේ @ සලකුනේ පුරාණය ගැනයි.





දැනට වාර්තාගත වන පැරැණිතම @ සලකුණ වාර්තා වෙන්නේ ‘‘කොන්ස්ටන්ටීන් මනසේස්‘‘ යන ඉතිහාසඥයා විසින් 1345දි පමණ රචිත ලේඛනයකින්.  මෙම ලේඛනයේ AMEN යන වදනෙහි A අක්ෂරය වෙනුවට භාවිතා ව තිබුනේ @ යන ලකුණයි. ඒ අනුව පලමු වරට @ ලකුණ භාවිතා කර ඇත්තේ ආගමික කටයුත්තක් සම්බන්දයෙන් බව සැලකිය හැක. මෙම ලිපිය දැනට වතිකානු පුස්තකාලයේ පවති.

කොන්ස්ටන්ටින් ගේ ලිපිය


පසුකාලිනව ස්පාඤ්ඤ හා පෘතුගාලය තුල  ‘‘ඇරෝබා‘‘ යන මිනුම් ඒකකයේ සලකුණ ලෙස @ සලකුණ භාවිතා කලා. ස්පාඤ්ඤ ඇරෝබායක් කිලෝ 14.7ක් පමණ වන අතර, පෘතුගිසි ඇරෝබාවක් කිලෝ 11.5කට සමාන වේ. අදටත් මෙම මිනුම් ඒකකය භාවිතා කරනු ලබයි.

එහෙන්ම දහසෙය වන සියවසේ  ඉතාලිය තුල සංසරණය වූ ලිපිලේඛන වලද ‘‘ඇම්ෆොරා‘‘ නම් මිනුම් ඒකකයේ සලකුණ ලෙස @ සලකුණ භාවිතාව ඇත.  

1971 වසරේදි  ඊමේල් පියා ලෙස හදුන්වන රේ තොම්ලින්සන් මහතා  විසින් @ සලකුණ විදයූත් තැපැල වෙත හදුන්වාදෙන ලදි.

රේ තොම්ලින්සන්


- රොෂීන් ප්‍රනාන්දු



No comments:

Post a Comment