Friday, June 24, 2016

‘‘බූරු ඇද‘‘ හැදුන හැටි

ඔයාලා දැකලා ඇති ‘‘බූරු ඇද‘‘
සමහරු නිදාගෙනත් අැති.
හැබැයි බූරු ඇදට ඒ නම ලැබුනේ බූරුවෙක් නිසා නම් නෙවෙයි.
බූරු  ඇදට නම ලැබුනු හැටි ගැනයි මේ ලිපිය




දකුනු අප්‍රිකාවේ ලන්දේසි සම්බවයක් ඇති බෝයර් වරුන් ඇතුලු පිරිස සහ බ්‍රිතාන්‍ය හමුදා අතර නිදහස පතා යුද්ද මාලාවක් ඇතිවෙනවා. මෙම යුද්ධ හදුන්වන්නේ බෝයර් යුද්ධ කියලා. ශර්ලොක් හෝම්ස් පොත් කියවා තිබෙනවානම් ඔබට බෝයර් යුද්ද හුරු පුරුදු ඇති. 1899 වසරේ සිට වසර 2ක් පුරා ඇදි යන මෙම යුද්ධ මාලාව මගින් අවසානයේදි බ්‍රිතාන්‍ය ජය ලබනවා. පරාජයට පත්වන බෝයර්වරුන් සිරකරුවන් ලෙස තම යටත් විජිත වලට පිටුවහල් කරනු ලබනවා.      



මෙසේ ලංකාවට පිටුවහල් කරන ලද බෝයර්වරුන් රටේ තැන්  කිහිපයක රදවා, මෙරට සංවර්ධන කටයුතු වෙනුවෙන් සේවකයන් ලෙස යොදාගනෙ තියනවා. මෙයින් සැලකිය යුතු පිරිසක් රදවා තබාගෙන තියෙන්නේ දියතලාවේ හමුදා කදවුර තුලයි. 

මෙම සිරකරුවන් විසින් භාවිතා කල ‘‘බෝයර්  ඇද‘‘ තමයි  ලාංකේය ජනවහර තුල ‘‘බූරු ඇද‘‘ බවට පත් වුනේ.

සිරකරුවන් ලෙස සිටි බෝයර්වරුන් ගෙන් බොහෝ පිරිසක් නැවත තම මුල්බිම් මු ද.අපිකාවට ගියා. නමුත් ඔවුන් දාලා ගිය දේවල් අතර බූරු ඇදත් අපිට දායාද කරලායි ගියේ.

- රොෂින් ප්‍රනාන්දු

2 comments:

  1. බූරුවන්ගේ මොකක්ද ඇද

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete