උණු ජලය, ඇල් ජලයට වඩා වේගයෙන් මිදිමට (freeze) ලක්වෙනවා කියලා ඔබ දන්නවාද? මේ සංසිද්ධිය හදුන්වන්නේ ම්පෙම්බා ආචරණය (mpemba effect) යනුවෙන්. ඒ ගැනයි මේ ලිපිය.
අවුරුදු දහස් ගනනාවක් තිස්සේ විද්‍යාඥයන්ට තිබ්බ ගැටලුවක් තමයි උණු ජලය ඇල් ජලයට වඩා ඉක්මනින් මිදිමට ලක්වෙන්නේ ඇයි කියාලා. මේකට නිසි පිලිතුරක් සොයන්න ඇරිස්ටෝටල්, ෆ්‍රැන්සිස් බේකන් වැනි විද්‍යාඥයන් උත්සහ කලාත් හොයාගන්න බැරි වුනා.
ම්පෙම්බා |
මෙය ම්පෙම්බා ආචරණය ලෙස හදුන්වාදෙන්නේ, 1963 වසරේදි එවකට පාසල් සිසුවෙකු වෙච්ච එරොස්ටෝ ම්පෙම්බා විසින්. ඔහු විසින් අයිස්ක්‍රිම් සැදිමට යද්දි දැකලා තියනවා උනු මිශ්‍රණය, ඇල් මිශ්‍රණයට වඩා ඉක්මනින් මිදෙන බව. මේ ගැන පරික්ෂණ කරලා තමන්ගේ නිගමනය ගුරුතුමියට ඉදිරිපත් කලත්, ගුරුතුමිය සමච්චලයට ලක් කලාලු.
ම්පෙම්බා ආචරණයට අනුව
නියමිත තත්ත්ව යටතේදි, අනෙකුත් පරාමිතින් සමාන වන නමුත් ආරම්භක උෂ්නත්ව පමණක් වෙනස්වන ජල ස්කන්ධ දෙකක් වෙන වෙනම සිත කිරිමේදි, උණු ජල ස්කන්ධය, සිත ජල ස්කන්ධයට වඩා වේගයෙන් මිදිමට ලක්වේ.
මේක වෙන්නේ අැයි කියලා අදටත් විද්‍යාෙව් තියෙන්නේ ප්‍රශ්නාර්තයක්. විවිධ මත පමනයි ඉදිරිපත් වෙලා තියෙන්නේ.
දැනට ඇති මත අනුව ඝනිභවනය, සංවහනය, තුහින, තාප සන්නයනය වැනි ක්‍රියාවල බලපැමෙන් මෙය සිදුවන බවයි.
2013 වසරේදි ක්‍රොඒෂියානු විශ්ව විද්‍යාලයක් දිර්ඝ ලෙස පරික්ෂණ සිදුකරනවා. එයාලාත් ම්පෙම්බා ආචරණය තහවුරු කරගන්නවා. එමෙන්ම සිංගප්පුරු විශ්ව විද්‍යාලයකුත් මේ ගැන දිර්ග ලෙස පරික්ෂණ කරනවා.
ඔවුන් ප්‍රකාශ කර සිටියේ ජල අණුවේ ඇති සහසංයුජ බන්ධන හා ජල අණු අතර ඇති H-බන්ධන උෂ්නත්වය සමග ඇත්විම හා ලංවිම නිසා සිදුවන ශක්ති වෙනස නිසා මෙය සිදුවන බව. මෙම හේතුවත් කල්පිතයක් පමණයි.
ඉදිරියේදි මේ පිලිබදව වන පරික්ෂන ගැන මිතුරන් දැනුවත් කිරිමටත් බලාපොරොත්තු වෙනවා.
- රොෂින් ප්‍රනාන්දු
No comments:
Post a Comment