Wednesday, June 15, 2016

මිනි නොකයි මාතර කිඹුලිගේ පැටියා

මාතර ගඟේ ඉන්නා කිඹුලිගේ පැටියා
තල්ල සුදයි බෙල්ලේ ගෝමර කැටියා
යන එන පාරු නවතාගෙන සිටියා
මිනී නොකයි මාතර කිඹුලිගේ පැටියා

මේ කවිය යාලුවෝ අහලා ඇති. නමුත් ඔයාලා දන්නවාද මේ කවිය පිටුපස සැගවුනු ව්‍යාංගාර්ථවක් තියනවා කියලා.
ඒ ගැන මා දත් කරුනු කිහිපයක් ඔබ වෙත ගෙනඑමි.



මෙම කවියේ අන්තර්ගතය ගැන මත කිහිපයක් පවතින අතර ඉන් ප්‍රධානම මත දෙකකි.


  1. නිල්වලා ගග අසබඩ හිටපු පාරු වලින් කප්පම් අය කරපු සුදු කබර තිබ්බ පුද්ගලයෙක් ගැන කියවෙයි. මේ පුද්ගලයාගේ මව රෙදි අපුල්ලන්නියක්. ඒ නිසයි ‘‘මාතර ගගේ ඉන්නා කිඹුලි‘‘ කියලා කවියේ කියන්නේ. මොකද කිඹුලි වගේ වතුරෙ බැහැලා නිතරම රෙදි සෝදන නිසා. 
  2. නිල්වලා ගග අසබඩ තිබිලා තියනවා තේ කඩයක්. මේ කඩේ ඉදලා තියනවා අම්මෙක් හා දුවෙක්. අම්මාට සුදු කබර තිබිලා තියනවා. මේ කඩේ නිතරම ඔරුපාරු නවත්තනවා. අම්මා නැත්තම් මුදලාලි හාමිනේ ඔරුපාරු කාරයන්ව සුරාකාලා තියනවා. දුව පාරුකාරයින් සුරාකැම කලේ නැලූ. විටෙක කියනවා මේ මුදලාලි හාමිනේ ඔරුකාරයන්ව වසගයට ගන්න තම දියණියව භාවිතා කලා කියලාත්


පුරානයේ පටන්ම මිනිස් ගතිගුණ  සත්ත්ව ක්‍රියාකාරකම්  ඇසුරෙන් දැක්විමට ලාංකිකයා තුල පැවැති දක්ෂතාව මෙවැනි කවි වලින් මොනවට සනාථ වේ.

- රොෂින් ප්‍රනාන්දු

No comments:

Post a Comment