Monday, June 13, 2016

ගොර්ඩන් උයනේ පෘතුගිසි ස්මාරක ගලට මොකද වුනේ?

ගොර්ඩන් උයනේ තිබ්බ 1505 අවුරුද්දේ පෘතුගිසින් විසින් තම සලකුණ කෙටු ගල එම උයනෙන් නැති වෙලා කියලා ජාතික පුවත්පත්වලත්, ෆේස්බුක් එකෙත්, වෙබ් අඩවි කිහිපයකත් තිබ්බා. ඒම  ගල නැති වුනා නෙවෙයි, වෙන තැනකට ගෙනිච්චා. ඒ ගැනයි මේ  ලිපිය





1505 දී ලෝරන්සෝ ද අල්මේදා, තම ලංකාගමනය සිහිපත් කරන්නට කෝට්ටේ රජුගේ අවසරය මත වරාය අසල ගල්පර්තයක තම සලකුණ කොටනවා. ඊට පස්සේ වෙච්ච යුරෝපා ආක්‍රමණ හමුවේ මෙම ස්මාරකය ගැන අවධානය අඩු වුනා.  පසුකාලිනව ඉංග්‍රිසින් විසින් කොලඹ වරායේ දිය කඩනයක් ඉදිකරද්දි තමයි නැවත ඔවුන්ට මෙම නිර්මාණය හමුවන්නේ. මෙහි ඓතිහාසික වැදගත්කම සලකලා ඉංග්‍රිසින් විසින් මෙම කැටයම සහිත ටොන් 20ක් බර ගල් කුට්ටිය වෙන්කරගන්වා. 1912දි පමණ එය කොලඹ ගොර්ඩන් උද්‍යාණයේ තැම්පත් කරන්නේ.

මැත කාලයේදි නැවතත් එම ගල් කුට්ටිය වරාය පරිශ්‍රයට ගෙන එනවා. දැනටත් මෙම වටිනා ගල් කුට්ටිය ඇත්තේ වරාය භූමියේ.
                        
දැන් ස්මාරකය ඇති ස්ථානය රතු රවුමින් දැක්වේ



ඉතා වටිනා ඓතිහාසික සිහිවටනයක් මෙසේ අතහැර දමා තිබිම අපරාදයක්.
මෙය නිසිලෙස සංරක්ෂණය කිරිමට බලධාරින් වගබලා ගත යුතුමයි.

- රොෂින් ප්‍රනාන්දු


1 comment:

  1. මරාට තියන රජ පිස්සුව නිසා තමයි මේ ස්මාරකය ගලවා දැම්මේ. ඌට ඕනෙවුනේ තව ටික කාලෙකින් උගේ ගල් පිළිම හදන්න රට පුරාම.

    ReplyDelete