Thursday, June 16, 2016

‘‘ඉටි ගෙඩිය‘‘ යනු කුමක්ද කියලා දන්නවාද?

‘‘මොන ඉටි ගෙඩියක්ද?‘‘  වගේ කතා සමාජයේ නිතර ඇහෙනවානේ.

‘‘ඉටි ගෙඩිය‘‘ කියන වචනය ඔයාලා අහලා ඇති.
නමුත් හිතුවාද ඉටි ගෙඩිය කියලා කියන්නේ මොකක්ද කියලා?



ඉස්සර ගැමියන් විසින් තමන්ගේ ආහාරය සදහා නිතර කොස්, පොලොස් වර්ග භාවිතා කලා. මේ කොස් වැනි ඵලයන් ආහාර ලෙස සකසද්දි ඒවැයි කොහොල්ල ඉවත් කිරිම කරන්න ඕනා. ඉතින් මේ කොහොල්ල එකතු කරලා  බෝලයක් හදාගන්නවා. 

ඒ වගේම කැලෙන් කඩාගෙන එන මී වද,ඹඹර වද වල  පැණි මිරිකා ගත්විට ඉතිරි වන ඉටි කොටසද ඉහත කි බෝලයට නැත්තම් ගුලියට එක්කරගන්නවා. 

මේ ගෙඩියට තමයි ජනවහරේදි ‘‘ඉටිගෙඩිය‘‘ කියලා කියන්නේ.

උයන පිහන හැලියක් හිල්වුනාම වගේම වතුර ගේන කලය හිල්වුනාම ඉටිගෙඩිය ගින්දරෙන්  රත්කරලා හිල්වුන තැන ආලේප කරනවා. එයින් පුලුවන් සිදුර වහගන්න.

අදවගේ ගම්වර්ග නොතිබුනු යුගයක අපේ ගැමියන් තමගේ වැඩකටයුතු කරගත්තේ මෙවැනි සරල ක්‍රම මගින්.

- රොෂින් ප්‍රනාන්දු

No comments:

Post a Comment