Wednesday, June 1, 2016

ඔමයිරා සැන්චේස් ඛේදවාචකය

පහත තියන ඡායාරුපය ඔයාලා දැකලා ඇති. අද කියන්න යන්නේ මේ ඡායාරුව පසුපස තියන කතාව ගැන.




පහත තියන ඡායාරූපය ඔයාලා බොහෝ දෙනෙක් දැකලා ඇති. මෙම ඡායාරූපය 1985 වසරේදී ෆ්‍රෑන්ක් ෆෝනියර් විසින් ගන්නා ලද්දක්. මෙහි නිරුපනය වන්නේ එවකට 13 හැවිරිදි වියේ පසුවු ‘‘ඔමයිරා සැන්චෙස්‘ (Omayra Sánchez ) නම් දැරියයි.


1985 නොවැම්බර් මස කොලොම්බියාවේ නෙවාඩා ඩෙල් රුයිස් ගිනිකන්ද පුපුරා ගියේ නොසිතු අවස්ථාකදි. ගිනිකදු පිපිරිම නිසා කන්දේ තිබු හිම දියවි දුවිලි හා සුන්බුන් සමග එකතු වි මඩ ප්‍රවාහයක් ඇති වුනා. මෙය ලාහාර් ලෙසත් හදුන්වනවා. මෙම ලාහාර් ප්‍රවාහය ගිනිකන්ද අසල තිබු ගම්මාන යටකරගෙන ගලන්නට වුනා.

ගිනිකන්ද අසල තිබු අාමෙරෝ ගම්මානයටද මෙම ලාහාර් මඩ ප්‍රවාහයෙන් ගැලවෙන්න හැකියාව ලැබුනේ නැ. ඡායාරූපයේ ඉන්න සැන්චේස් දැරියත් මෙම මඩ ප්‍රවාහයට ගොදුරු වුනා. මඩ ප්‍රවාහයෙන් නිවසට හානි වෙලා ඇයව නිවසේ කැඩුනු කොන්ක්‍රිට් කොටස් තුල සිරවුනා. මේ ඡායාරූපයෙන් පෙන්නේ ඇය තම නිවස තිබු තැනම සිරවෙලා සිටින ආකාරයයි.

පසුව සහන සේවයන් පැමිණ ඇයගේ සිරුරේ ඉහල කොටස මඩ වලින් ඉවතට ගත්තාත්, ඇගේ යටි කොටස නිවසේ කැඩුනු කොටස් තුල සිරවිම නිසා ගොඩගැනිමට නොහැකි වුවා. සහන සේවකයින් සතුව බේරාගැනිම සදහා අවැසි තාක්ෂණය හා දැනුම නොතිබූ බවද පැවසෙනවා. සිරව සිටින අතර ඇය විසින් ගීත පවා ගායනා කර තිබෙන අතර මාධ්‍යවේදින් හා පුවත්පත් සම්මුඛ පරීක්ෂණවල යෙදිමට තරම් ඇය ධෛර්යමත් වූවා.
දින 3ක් ජිවිතයත් මරණයත් අතර සමග සටන් කල සැන්චේස් දැරිය හයිපොතර්මියා හේතුවෙන් මිය ගියා. ඇගේ මරණය සම්බන්ධව කොලොම්බියා රජයට දැඩි චෝදනා එල්ල වූයේ ආපදාවකදි සහන සැපයූම් ප්‍රමාණවත් නොවූ බව පවසමිනි.

හදිසි ආපදාවකදි හැසිරිය යුතු ආකාරය නැවත සිතන්නට ලොව පෙලබවූ සිදුවිමක් වුවත්, අවාසනාවට ලෝකයේ අවධානය මේ වෙත යොමුවන විට ඔමයිරා සැන්චේස් දැරිය තම ජිවිතයට සමුදි අවසානය...

- රොෂීන් ප්‍රනාන්දු

No comments:

Post a Comment