Saturday, June 11, 2016

ඇමසන් වනාන්තරයේ හි මිනිසා සෑදූ අසමසම පස - ටෙරා ප්‍රෙටා

 ඇමසන් වනයේ ජිවත් වූ, වදවීගිය ජනයා පෝෂණයෙන් අනූන  අසමසම පසක් නිමවූ බව ඔබ දන්නවාද? 
මෙම පස ඝණ වනයක් වන ඇමසන් තුල, සරුසාර ශිෂ්ඨාචාරයක් බිහිකිරිමට සමත් වුනා.  ඒ ගැනයි  අද කතාව.






ඇමසන් වනයේ ඇතැයි කියවෙන සැගවුණු නගරයක් සෙවීමේ දැඩි ආශාවකින් යුරෝපා ජාතිකයන් පෙලුනා. මෙම සැගවුනු නගරය, එල් ඩොරාඩෝ ලෙස නම් තැබුවා. මෙම නගරය රනින් සාදා තිබු බව විටෙක ස්පාඥ්ඥ ජාතික ෆ්‍රැන්සිස්කෝ ඔර්ලනි පැවසුවා. කෙසේ වෙතත් මෙම නගරය සෙවීමට ගිය බොහෝ ගවේෂකයින් අතුරුදහන් වූවා. 

බ්‍රිතාන්‍ය ගවේෂකයෙක් වන පර්සි හැරිසන් මෙම නගරය සෙවීමට යන ගමනේදි, වනයේ එක් කොටසකදි අතුරුදහන් වෙනවා. පසුකාලිනව මෙම ප්‍රදේශය වැඩිදුර ගවේෂණයෙදි, මෙම ප්‍රදේශය පෙර කාලයේ දියුණුව පැවැති නගරයක් බව සොයාගන්නවා. මෙය kuhikugu ලෙස නම් තබනවා.



කුහිකුගු නගරයේ සමහර තැන්වල අමුතුම විදියේ පසක් හමුවෙනවා. මේ පස තද කලුයි. පොලව මට්ටමේ සිට මිටර් කිහිපයක් යනකං මෙම පස හමුවන තැන් තියනවා. මෙම පස ‘‘ටෙරා ප්‍රෙටා‘‘ යනුවෙන් හදුන්වනවා. පරික්ෂණ වලදි සොයාගන්නවා මෙම පස ස්වාභාවික පසක් නොව, මිනිසා විසින් කෘත්‍රිමව පෝෂණය සකසා සෑදු පස් වර්ගයක් බව. මෙහි අගුරු බහුලයි. එමෙන්ම පෝශක අනූනයි. මේ පසේ සෑදෙන බෝග වල අස්වැන්න වැඩියි.
                                       


නමුත් පරික්ෂණාගාර වල වසර ගනනක් අත්හදා බැලුවත් ටෙරා ප්‍රෙටා පස සදාගන්න බැරිවෙලා තියනවා තාම. මෙතරම් තාක්ෂණය දියුනු වෙලත්, වසර සිය ගනනකර කලින් මිනිසා විසින්ම සාදපු පොහොර පසක් සාදාගන්න මිනිසාට බැරි වෙලා. අතිශය දියුනු තාක්ෂණයක් සහිත ශිෂ්ඨාචාරයක් ඇමසන් වල තියෙන්න ඇති කියලා පෙන්වන්න හොද සාධකයක් තමා ටෙරා ප්‍රෙටා පස. දැන් ටෙරා ප්‍රෙටා පස කපා විකුනනවා බෝග වගාකිරිමට.

eBay තුල   ‘‘ටෙරා ප්‍රෙටා‘‘  විිකිණිමට ඇති අකාරය

දැන් දැන් සොයාගෙන තියන කරුණු හැටියට ඇමසන් වනයේ බොහෝ තැන්වල ටෙරා ප්‍රෙටා පස තියනවා. නිසරු බිමක සෞභාග්‍යමත් ශිෂ්ඨාචාරයක් ගොඩනගන්න ටෙරා ප්‍රෙටා උපකාර කරගන්න අැති කියලා විද්‍යාඥයෝ විස්වාස කරනවා.

- රොෂින් ප්‍රනාන්දු

No comments:

Post a Comment