Saturday, June 11, 2016

ජිවිතයෙන් වැඩි කාලයක් අපේ හදවත නිවාඩු ගන්න හැටි.

ගොඩක් අය හිතන්නේ හදවත එක දිගට සංකෝචනය වෙමින්,ඉහල් වෙමින් පවතිනවා කියලා. හදවත ටිකක් නිදහසේ හිටියොත් අපි කපෝතියි කියලා. 





ඇත්තම කතාව හදවත ජිවිත කාලයෙන් සැහෙන්න කාලයක් ගැහෙන්නේ නැතුව තමා ඉන්නේ. 
මේක වෙන හැටි පැහැදිලි කරන්නම්.

හෘදයේ,  හෘත් චක්‍රයක්(cardiac cycle) එකක ප්‍රධාන අවස්ථා 3ක් තියනවා. 

1. කර්ණික සංකෝචනය (තත්පර 0.1)
2.කෝෂිකා සංකෝචනය (තත්පර 0.3)
3. පූර්ණ හෘත් විස්තාරය (තත්පර 0.4)
                         


එක් හෘත් චක්‍රයක් සදහා තත්පර 0.8ක කාලයක් ගතවෙනවා. 
මෙහි පූර්ණ හෘත් විස්ථාර අවස්ථාවේදි හෘදය ටිකක් රෙස්ට් එකේ ඉන්නවා. 
මේ කාලය තුල මහා ශිරා වලින් හා පුප්පුශීය ශිරා වලින් හදවතට රැධිරය රැගෙන එනවා. 
නමුත් හෘදය රෙස්ට් කරන්නේ වැඩ කරන ගමන්. ඒ නිසා අපිට මේක තේරෙන්නේ නැ. 
මේ වැඩ කරන ගමන් ලබන පොඩි නිවාඩුව නිසා තමයි හෘදය වෙහෙසක් නැතුව අඛණ්ඩව වැඩ කරන්නේ.

මේ සම්බන්දව ගොඩක් කරුණු තිබ්බත් විද්‍යාත්මක පද ගොඩක් ඉවත් කරලයි ලිපිය ලිව්වේ.

මේ පොඩි පොඩි නිවාඩු ඔක්කෝම එකතු කලාම ජිවිත කාලයෙන් සෑහෙන්න අවුරුදු ගානක් හදවත තියෙන්නේ ගැහෙන්නේ නැතුවයි.


- රොෂින් ප්‍රනාන්දු

No comments:

Post a Comment