Thursday, June 23, 2016

මුහුදේ හිටියාත් මුහුදු වතුර නොබොන මුහුදු ක්ෂිරපායින්

අපිට මුහුදු වතුර බොන්න බැ කියලා ඔයාලා දන්නවානේ. බිව්වොත් ලෙඩ ගොඩයි. අපිටනම් අවුලක් නැ ගොඩනේ ඉන්නේ. නමුත් මුහුදේ ඉන්න ක්ෂිරපායින් වන ඩොල්ෆින්ලා, තල්මස්සු වගේ අය කොහොමද ජිවත් වෙන්නේ. ඒ ගැනයි කියන්න යන්නේ අද‍



අපි මුහුදු වතුර බිව්වොත්, මුහුදු වතුරේ සාන්ද්‍රණය අධික නිසා පටක වල තියන ජලය පටක වලින් ඉවතට එනවා. ඒ නිසා සිරුර විජලනය වෙනවා. අන්න ඒකයි කොච්චර තිබහ වුනත් මුහුදු වතුර බොන්න එපා කියන්නේ. බිව්වොත් මිය යන්නත් පුලුවන්.

මුහුදේ ජිවත් වන ක්ෂිරපායින් වන ඩොල්ෆින්, තල්මසුන්ටත් මුහුදු වතුර බොන්න බැ. එහෙමයි කියලා වතුර නැතුව ඉන්නත් බැනේ. 

ඒ නිසා ඔවුන්ගේ  වකුගඩු වලදි ජලය ප්‍රතිශෝෂණය විම වැඩියි. ඔවුන් ආහාරයට ගන්නා ආහාර වල ඇති ජල ප්‍රමාණයද වැඩියි. එමෙන්ම සිරුර තුල වන ඔක්සිකරණ ප්‍රතික්‍රියාවලදිත් ජලය නිපදවනවා. මේ වගේ දේවල් නිසා ඔවුන්ට නොනැසි ඉන්න පුලුවන්.


- රොෂින් ප්‍රනාන්දු

No comments:

Post a Comment