Tuesday, August 1, 2017

සිරගෙදර රැදවියන්ගේ ශුක්‍රාණු ජාවාරම

ඊශ්‍රායල සිරගෙවල් වල සිටින පලස්තීන සිරකරුවන් ඉතා රහසිගත ලෙස, අවිධිමත් උපක්‍රම බාවිතා කරමින් තම ශුක්‍රාණු සාම්පල ජාවාරම නිරත වෙනවා. 
ඇයි මෙහෙම කරන්නේ?
මොනාද මෙයින් ලැබෙන්නේ?




අද වන විට පලස්තීන සිරකරුවන් මගින් හොර රහසේ සිරගෙවල් වලින් ලබාගත් ශුක්‍රාණු සාම්පල බාවිතා කර, දරුවන් 50 කට අධික ප්‍රමාණයක් නළදරු උපත්( IVF) මගින් බිහිව ඇති බව වාර්තා වේ.

මෙම නලදරු උපත් සදහා ඊශ්‍රායලයේ බටහිර ඉවුරේ සිටින වෛද්‍යවරුන් පිරිසක් වෛද්‍යාධාර සපයයි. වෛද්‍ය සලීම් අබූ කයිසරන්, එම කණ්ඩායමේ මූලිකයෙකි.

වෛද්‍ය සලීම්

‘‘අපි, පීතෘ මුලීක සමාජයක් තියන පෙරදිග ජාතියක්. යම් වැරැද්දකට තමන්ගේ ස්වාමියා සිරගත වුනාම බිරින්දැවරුන්ට කර කියාගන්න දෙයක් නැති වෙනවා. සාමාජයෙන් එල්ල වන පීඩනය අපමණයි. එවැනි අවස්ථා වලදි ඔවුන් විකල්ප වලට යොමුවෙනවා‘‘. මේ වෛද්‍ය සලීම් ගේ හඩයි.

ඊශ්‍රායලය විසින් විවිධ හේතුවන් මත පලස්තීනුවන් දහස් ගණනක් සිරගත කර ඇති අතර, ඉන් විශාල ප්‍රමාණයක් දීර්ඝ සිරදඩුවම් විදින රැදවියන් වේ.

පලස්තීන සිරකරුවන් විසින් තමන්ට බැලීමට එන බිරින්දෑවරුන්ට හා ඥාතින් මාර්ගයෙන් සාම්පල පිටකිරිම සිදුකරනවා. ඒ සදහා පෑන් බට, රසකැවිලි දවටන මෙන්ම සිදුරු කල රටඉදිද භාවිතා කල අවස්ථා දකින්න පුලුවන්.

මෙම සාම්පල වහාම බටහිර ඉවුරේ ඇති වෛද්‍ය මධ්‍යස්ථානය වෙත ගෙනයාම සිදුකරනවා. නොදැනුවත් කම නිසා, රැගෙන එන සාම්පල සමහරක් භාවිතා කල නොහැකි ලෙස විනාශ වීමද දකින්නට පුලුවන්. එවිට ඔවුන්ට තවත් වරක් උත්සහ කිරිමට සිදුවෙනවා.

මෙසේ රැගෙන එන ශුක්‍රාණු සාම්පල එක්වරම පරික්ෂණ සදහා භාජනය කරන්නේ නැ. අදාළ සිරකරුගෙන්ම ලබාගත් බවට, දෙපාර්ශවයේ ඥාතින් මගින් සපථ කිරිමට අවශයයි. වංචා වැලැක්වීම මෙහි අරමුණයි. එමෙන්ම නලදරු උපතක් කිරිමට තීරණය කල පසු, දරු උපත පිලිබදවත්, ශුක්‍රාණු සාම්පලය ලැබුනු ආකාරය පිලිබදවත් ගම් වැසියන්ට අදාල බිරින්දැවරුන් පැවසිය යුතුයි. 

එමෙන්ම වෛද්‍ය කණ්ඩායම විසින්, ඔවුන් හමුවට එන සෑම දෙනාගේම ඉල්ලීම පිලිගන්නේ නැ. කෙටි සිරදඩුවම් විදින රැදවියන් මෙන්ම ලමුන් විශාල ලෙස සිටින පවුල් වලින් එන ඉල්ලීම් ද පැහැර හරිනු ලබනවා.



අමර් සිබන් බෝම්බ පිපිරිමකට සම්බන්දව වසර 32ක් සිරදඩුවම් විදින පලස්තීන සටන්කාමියෙක්. 2013 වසරේදි ඔහුගේ බිරිද හට පුත්‍රයකු ලැබෙන්නේ ද  මෙම රහසිගත ක්‍රියාවලියේ ප්‍රතිපලයක් වශයෙනි. මේ එක් අවස්ථාවක් පමණි.

මේ පිලිබදව අදහස් දක්වන ඊශ්‍රායල බන්ධනාගාර සේවය (IPS) පවසන්නේ මෙවැන්නකි.
මෙසේ හොර රහසින් සාම්පල පිටකිරිම කිසිසේත් සිදුනොවේයැයි අප පවසන්නේ නැ. නමුදු එය එක්වරම විස්වාස කිරිම අපහසුයි. අප බන්ධානාගර තුල ඉතා හොද ආරක්ෂක වැඩපිලිවෙලක් පවත්වාගෙන යනවා. සිරකරුවන් හා ඥාතින් හමුවීමේදි අපි ඉතා හොදින් ඔවුන්ගේ හැසිරිම් නිරික්ෂණයය කරනවා.

ඊශ්‍රායල සිරකරුවන්ට, පලස්තීන සිරකරුවන්ට වඩා අයිතිවාසිකම් හිමිවන බව පලස්තීනය විසින් චෝදනා කරයි. ඊශ්‍රායල සිරකරුන්ට කොන්දේසි සහිතව නිවෙස් වෙත යාමට පවා අවස්තාව හිමිවේ. ඊශ්‍රායල සිරකදවුරු වල පලස්තීන සිරකරුවන්ගේ අයිතිවාසිකම් දැඩි ලෙස උල්ලංඝණය වන බවට චෝදනා බොහෝය.

මේ පිලිබදව තවදුරටත් අදහස් දක්වන වෛද්‍ය සලීම්,
 අවංකවම, මා මෙයට දායක වන්නේ මානවහිතවාදියකු ලෙස මානුෂිය හැගිමෙනි. සිරකරුවන් ගැන හා ඔවුන්ගේ අයිතින් ගැන කතා කරන්නට බොහෝ දෙනෙක් සැදි පැහැදි සිටියද, ඔවුන්ගේ බිරින්දෑවරුන් ගේ හිස මත පැටවී ඇති සාමාජීය හා මානුෂික ප්‍රශ්ණ ගැන කවුරුත් සොයා බලන්නේ නැ. ඔවුන් ප්‍රශ්ණ නිසා දැඩි පීඩනයකින් පසුවෙන්නේ. අපි කුඩා ජාතියක්. 

පලස්තීන සිරකරුවන්ටද යම් සීමාවකට යටත්ව හෝ අයිතිවාසිකම් ලබාදිය යුතුය. නැතහොත් මෙවැනි රහසිගත ක්‍රියාවන්, නිතී අණපනත් හෝ දණ්ඩනයන් මගින් පාලනය කිරිමට හැකියාවක් නොමැත.


No comments:

Post a Comment