Friday, August 25, 2017

සිසර් පැහැරගනි! ඔහු කප්පම බලෙන් වැඩිකරගනි!

යම් පුද්ගලයකු කප්පම් ගන්න පැහැරගෙන ගියාම, පුලුවන්තරම් කප්පම් මුදල අඩුකරගෙන පැහැරගෙන ගිය කෙනාව බේරාගන්නනේ උත්සහ කරන්නේ.
රෝමයේ අසහාය නායක ජූලියස් සීසර්ව පැහැරගෙන ගිය අවස්ථාවේදි වෙන්නේ මේකේ අනිත් පැත්ත,




ක්‍රි.පූ 75 දී පමණ, තුර්කිය හා ග්‍රීසිය අතර ඒජියන් මුහුදේ යාත්‍රාකරමින් තිබූ යාත්‍රාවක් කොල්ලකෑ සිලිෂියන් මුහුදු මංකොල්ලකරුවන් විසින් ජූලියස් සීසර් පැහැරගති. මෙය රෝම පාලකයා වීමට පෙර සිදුවූ සිදුවීමක් වන අතර වයස අවුරුදු 25ක් පමණ වන්නට ඇත. 

මධ්‍යධරණි මුහුදු කලාපය තුල සිලිෂියන් මුහුදු මංකොල්ලකරුවන්ගේ උපද්‍රව බහුල සමයකි. රෝමය වෙතද වහලුන් සැපයීම සිදුකල හෙයින්, සිලිෂියන් මංකොල්ලකරුවන් මර්දනයට රෝමය මැදිහත් වූයේ ද නැත.

මංකොල්ලකරුවන් අතට පත්වූ සීසර් නිදහස් කිරිම සදහා කප්පම් ලෙස රිදි ටැලන්ට් 20ක් ( අදට සාපෙක්ෂව ඩොලර් 600,000ක්) ඉල්ලා සිටියේය. මෙහිදි සිදුවූයේ කිසිවෙකු නොපැතු දෙයකි.



සීසර් මහ හඩින් සිනාසෙන්නට විය. රිදි ටැලන්ට් 20 ක කප්පම ඔහුට තරම් නොවන බවත්, තමන් ඊට වඩා වටිනා බවත් කොල්ලකරුවන්ට සැලකර සිටියේය. අඩුම වශයෙන් ටැලන්ට් 50ක කප්පමක් ඉල්ලන ලෙස කොල්ලකරුවන්ට දැනුම් දුන්නේය.

තමන් අල්වාගත්තේ කවුරුන්දැයි කොල්ලකරුවන් නොදනි. කොල්ලකරුවන් සීසර් ගේ මෙම ප්‍රකාශයෙන් පුදුමයට පත්විය. ඇත්තෙන්ම කප්පම් මුදල වැඩිකරන්නැයි වින්දිතයන් ඉල්ලන්නේ නැනේ. ටැලන්ට් 50 ක කප්පමට කොල්ලකරුවෝද එකග වූහ.

ඒ අනුව සීසර් විසින් තම සහචරයන් කප්පම ගෙවීමට රිදි  රැගෙන ඒමට පිටත් කරන ලදි. කප්පම ගෙවන තෙක් සීසර් කොල්කරුවන්ගේ සිරභාරයට පත්විය.

සිරබාරයේ සිටින අතරතුර, බියෙන් එකත්පස්ව සිටිනු වෙනුවට, සීසර් මංකොල්ලකරුවන්ද පරයා කටයුතු කල බව සදහන් වේ. ඔහුගේ ආවේණික විධානයන් සෙස්සන් ගේ හඩ යටපත් කලේය. සිරකරුවකුට වඩා අණදෙන්නෙකු බවට පත්විය. තමන් නිදා සිටින මොහොතේ, උස් හඩින් කතාකලවුන්ට බැන වැදුනු බව සදහන් ය.  කාලය නිකරුනේ වැය නොකල ඔහු කවි රචනය, ගීත ගායනය සිදුකර ඇත. එමෙන්ම කොල්ලකරුවන් රැස්කර දේශනාද පවත්වා ඇත.

දින 38 කට පමණ පසු සිසර්ගේ සහචරයින් විසින් නියම කල කප්පම් මුදල රැගෙන පැමිණ ඇත. ඒ වන විටත් සීසර් හා කොල්ලකරුවන් අතර යම් මිතුදමක් හටගෙන ඇත. කප්පම් මුදල ගෙවිමෙන් පසු, නිදහස ලත් සීසර් කොල්ලකරුවන් අමතා පවසා ඇත්තේ ‘‘තමන් නැවත එනව බවත්, කොල්කරුවන් ට දඩුවම් කරන බවත් ය‘‘.
සිසර්ගේ මේ තර්ජනය කොල්ලකරුවන් විසින් සැලකිල්ලට ගෙන නැත.

නිදහසෙන් පසු වහාම මිලේටස් නම් පැරැණි ග්‍රීක නගරයට (මෙය වත්මන් තුර්කියට අයත් වේ) ගිය සීසර් වහා කුඩා බලෑණියක් සම්පාදනය කොටගෙන, කොල්ලකරුවන් පසුපස හබාගොස් තම ග්‍රහණයට නතුරකගෙන ඇත. තමා කප්පම් ලෙස ගෙවූ රිදි ටැලන්ට් 50 හා කොල්ලකරුවන් සතු වත්කම් සියල්ල තම බාරයට ගැනිමට සමත්විය.

සීසර් විසින් මෙම කොල්ලකරුවන් බලධාරින් වෙත භාරදී මරණ දඩුවම දෙන ලෙස ඉල්ලා සිට ඇත. නමුදු එවකට පලාත්භාර ආණ්ඩුකාර මාකස් ජූනියස් විසින් මෙම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත. මෙයින් නොසතුටට පත් සීසර් විසින් මංකොල්ලකරුවන් සිරගත කර තිබු බන්ධනාගාරයෙන් ඉවතට ගෙන, කුරුසියේ ඇණගසා මරුමුවට පත්කර ඇත.

I came, I saw, I conquered.
-Julius Caesar-

- රොෂීන් ප්‍රනාන්දු 

No comments:

Post a Comment