Tuesday, August 22, 2017

සදේ පා සටහන් තැබූ වාසනාවන්තයෝ

සද ගමන කිව්වොත් බොහෝ අය දන්නේ ඇපලෝ 11 යානාවෙන් නිල් ආම්ස්ට්‍රොන් හා බස් ඔල්ඩ්‍රින් හදේ පා තබපු කතාව විතරයි. 
ඊට පසුව හදේ තවත් අය ඇවිද ගියත් ඒ අයගේ නම් ඇපලෝ 11 කතාව නිසා වැහිලා ගිය පාටක් පෙන්න තියනවා. 
සදේ පා සටහන් තැබුවා යැයි සැලකෙන සියලුම ගගණගාමින් ගැන විස්තර මෙම ලිපියෙන් දිගහැරෙනවා.




1969  ජූලි  හා 1972  දෙසැම්බර් අතර කාලය තුල ක්‍රියාත්මක වූ ඇපලෝ ව්‍යාපෘතියේ (ඇපලෝ 11-17) චන්ද්‍ර තරණ ක්‍රියාන්විතයේදි පුද්ගලයින් 12 දෙනකු සද මත පා තබා ඇත. 

ඇපලෝ 11

වඩාත්ම ප්‍රකට මෙහෙයුම මෙයයි.



නීල් ආම්ස්ට්‍රොන්ග් හා එඩ්වින් බස් ඔල්ඩ්‍රින් සද මත පා තැබීය.
මයිකල් කොලින්ග්ස් චන්ද්‍ර කක්ෂයේ වූ මව් යානාවේ රැදිසිටිමින් මෙහෙයුම සාර්ථක කරගැනිමට පිටුවහලක් විය.

ඇපලෝ 12

වමේ සිට දකුණට
කොනාඩ්,ගොර්ඩන් හා බීන්

චාල්ස් කොනාඩ් හා ඇලන් බීන් යන ගගණගාමින් සද මත පා තැබිය.
ඩික් ගොර්ඩන්, චන්ද්‍ර කක්ෂයේ වූ මව්යානාව පාලනය කලේය. ඔහු ඇපලෝ 18 (අවලංගු කල) මෙහෙයුමෙන් සද මත පා තැබිමට සූදානම් වූ ගගණගාමියෙකි.


ඇපලෝ 13

චන්ද්‍ර කක්ෂයට ඇතුල් උවද ඇතිවූ කාර්මික දෝශයක් හේතුවෙන් සද මතට ගොඩබැමට නොහැකිව අවාසනාවන්ත ලෙස නැවත පෘථිවිය කරා පැමිනෙන ලදි.

වමේ සිට දකුණට
ලොවෙල්, ස්විගර්ට් හා හේස්

මෙම මෙහෙයුමේදි ජේමිස් ලොවෙල් හා ෆ්‍රෙඩ් හේස් යන මහතුන් සද මත පා තැබිමට සුදානම් වි සිටි අතර, ජැක් ස්වෙයිගර්ට් මහතා මව්යානාව පාලනය කිරිමට සුදානම් වි සිටියේය. 
ජේමිස් ලොවෙල් මහතා, චන්ද්‍රයා සමග  කක්ෂගත වූ ඇපලෝ 08 මෙහෙයුමටද (ෆ්‍රෙඩ් බෝමන් හා බිල් ඇන්ඩර්ස්) සමගින් සම්බන්ද විය.
එමෙන්ම ෆ්‍රෙඩ් හෙයිස් මහතා ඇපලෝ 19 මෙහෙයුමෙන් සද මත පා තැබිමට නැවත සූදානම් වූ නමුදු එම මෙහෙයුමද අත්හැර දමන ලදි.


ඇපලෝ 14

ඇලන් ෂෙපර්ඩ් හා එඩ්ගා මිචෙල් සද මත පා තැබිය.

වමේ සිට දකුණට
රෝසා, ශෙපර්ඩ් හා මිෂෙල්

සද මත පා නොතැබුවද ස්ටුවර්ඩ් රොසා ද මෙහෙයුමට එක්විය. ඔහු අවලංගු වූ ඇපලෝ 20  මෙහෙයුමට සම්බන්දවද ක්‍රියාකලේය.
සද මත පා තැබූ අයවලුන් අතරින්  වයස්ගතම පුද්ගලයා (අවුරුදු 47 මාස 2) වූයේ ඇලන් ෂෙපර්ඩ් මහතායි.

ඇපලෝ 15

ඩේවිඩ් ස්කොට් හා ජේම්ස් අර්වින් සද මත පා තැබිය.

ස්කෙට්, වොර්ඩන් හා අර්වින්

ගගණගාමින් දෙදෙනා රෝවරයක් මගින් සද මත ගමන්කල අතර, 
සදේ අඩි 10 පමණ විද පස් සාම්පල ලබාගන්නා ලදි.
මව්යානාවේ සිට ඇල් වොර්ඩන් මෙහෙයුම සදහා සම්බන්ද විය. 


ඇපලෝ 16

චාල්ස් ඩියුක් හා ජෝන් යන්ග් සද මත පා තැබිය.
චන්ද්‍රයාගේ කදුකර ප්‍රදේශයක් වෙත ගොඩබැවේය.

මැටින්ග්ලි,යන්ග් හා ඩියුක්

කෙන් මැටින්ග්ලි සද මත පා නොතැබුවද මෙහෙයුමට දායක විය.

ඇපලෝ 17

ක්‍රියාත්මක වූ අවසන් චන්ද්‍රතරණ මෙහෙයුමයි.
මෙහෙයුම සදහා ඉයුජින් සර්නන් (ජීන් සර්නන්) , හැරිසන් ස්මිත් හා රොන් ඉවැන් මෙහෙයුමට සම්බන්ද විය. මේ අතරින් ඉයුජින් හා හැරිසන් සදමත පා තැබිය.

හැරිසන් (වම්), ඉවැන්ස් (දකුණ) හා ඉයුජින් (අසුන්ගෙන)

මෙම මෙහෙයුමේදි පලමුව සද මත ගොඩ බැස්සේ ඉයුජින් සර්නන් ය.ඉන් පසුව හැරිසන් සද මත පා තැබිය. පිටත් විම සදහා යානාවට නැවත ඇතුල්විමේදි පලමුව හැරිසන්ද ඉන්පසුව ඉයුජින්ද ඇතුල්විය. ඒ අනුව සද මත අවසන් වරට සිටි ඇවිදගිය පුද්ගලයා වන්නේ ඉයුජින් සර්නන් ය. ඔහු ගැන වෙනම ලිපියක් ජනේලයේ පලවූවා ඔබට මතක ඇත.
හැරිසන්,  සද මත පා තැබූ එකම භූගෝලවිද්‍යාඥයා වේ. 

ඇපලෝ 17 ව්‍යාපෘතියෙන් පසු නැවත මිනිසුන් සද මත පා තැබුවේ නැත.
මෙහෙයුම් කිහිපයක් සැලසුම් කලද ඒවා යථාර්තයක් වූයේ නැත.

No comments:

Post a Comment