බැරිබැරියාව, විටමින් B1(තයිමින්) ඌනතා රෝගයක්. සුලභව පොතපතේ පවා හමුවන මෙම රෝගය ප්‍රතිකාර නොකලහොත් භයානක තත්ත්වයක් ඇතිකරනවා.
මෙය පෝෂණ ඌනතා රෝගයක් ලෙස හදුනාගන්නේ හරි අපූරු විදිහකට
වෛද්‍ය විද්‍යාවේ තවත් අරුම සොයාගැනිමක්!
අාකාර කිහිපයකින් පවතින බැරිබැරියා රෝගය මගින් ස්නායු පද්ධතියට, රුධිර සංසරණ පද්ධතියට හා ආහාර ජීර්ණ පද්ධතියට බලපෑම් ඇතිකරනවා. නිසි ප්‍රතිකාර නොලදහොත් ජිවිතයට බලපෑම් සිදුවිය හැකියි.
බැරිබැරි රෝගය සම්බන්දව අද ලොවම දැනුවත් උනාට, මෙය පෝෂණ ඌනතා රෝගයක් බවට තහවුරු වන ඉඟිය දෙන්නේ කුකුළන් ටිකක්.
අද කතාවේ වීරයා
ක්‍රිස්ටියන් අයික්මාන්
19 වැනි සියවසේ මැද භාගය තුල නෙදර්ලන්තයේ (ඕලන්දයේ) විද්‍යාර්ථින් රැසකින් පිරි පවුලක අයික්මාන් උපත ලබනවා. කුඩා කල සිටම අධ්‍යාපනයට දක්ෂකම් දැක්වූ ඔහු තම ප්‍රථම උපාධිය ඇම්ස්ට්‍රඩෑම් හී හමුදා වෛද්‍ය විද්‍යාලයෙන් සම්පූර්ණ කරනවා. කෙටි කලකින් ආචාර්ය උපාධිය ලබාගැනිමට ද හෙතෙම සමත්වෙනවා.
ඕලන්ද පෙරදිග ඉන්දිය යටත් විජිතයන්හී වෛද්‍ය නිලධරියකු ලෙස අයික්මාන්ට කැදවීම් ලැබෙනවා. සුමාත්‍රා හා ජාවා දූපත වලට ඔහු තම සේවය ලබාදෙනවා. නමුදු වැඩිකලක් පෙරදිග රැදිසිටිමට මැලේරියා මදුරුවා ඉඩ දෙන්නේ නැ. මැලේරියා රෝගය වැලදීම හේතුවෙන් නැවත අයික්මාන් මවුරට බලා පැමිණෙනවා.
මැලේරියා මදුරුවා, රෝගකාරකයා මෙන්ම වාසනාවද ඔහුට දෂ්ඨ කරලා. සුවවීමෙන් පසු යුරෝපයේ ප්‍රකට විද්‍යාගාර වල සේවය කිරිමට ඔහුට අවස්ථාව හිමිවෙනවා. ජාවා දූපත් වල හක්කලං කරානම් මේ අවස්ථාව ඔහුට අහිමිවන්නට තිබුණා. රසායනාගාර ඇසුරින් ව්‍යාධිවේදය පිලිබදව තවදුරටත් අධ්‍යනයට ඔහුට අවස්ථාව ලැබෙනවා.
ඕලන්ද පෙරදිග ඉන්දිය කලාපය තුල බැරිබැරි රෝගය උත්සන්න වන්නේ මේ අතරතුරදියි. රජය විසින් රෝගය පිලිබද සෙවීම සදහා වෛද්‍ය කණ්ඩායමක් පිටත්කර හරිනවා. මෙයින් කීප දෙනකු බර්ලින් නුවරදි අයික්මාන් හට මුණගැසෙනවා. අයික්මාන් ද රෝග දඩයමට ප්‍රිය කල බැවින්, වෛද්‍ය කණ්ඩායමේ සහයට එක්වෙනවා.
වෛද්‍ය කණ්ඩායම බතාවියේ (වත්මන් ජකර්තාවට) තාවකාලික විද්‍යාගාරයක් පිහිටුනවා. රෝගින් විශාල ගණනක් පරික්ෂා කලද බැරිබැරියාව ඇතිවීමට නිෂ්චිත හේතුවක් සොයාගැනිමට ඔවුන්ට හැකියාව ලැබෙන්නේ නැ. පරික්ෂණය හා පරික්ෂණ කණ්ඩායමේ ප්‍රගතිය ගැන නොසතුටට පත් රජය විසින් නැවත පිරිස කැදවනවා. නමුදු තවදුරටත් අයික්මාන්ට බතාවියේ රැදිසිටිමට වරම් ලැබෙනවා. බතාවියේ තවකාලික විද්‍යාගාරය, ස්ථිරව ගොඩනැගෙන අතර එහි අධ්‍යක්ෂක ධුරයට අයික්මාන් පත්වෙනවා.
නව තනතුර හා හමුදා සේවයෙන් මදකට ලද අස්වැසිල්ල නිසාවෙන්, අයික්මාන් පරික්ෂණ මාලාවකට මුල පුරනවා. ආසියානුවන් හා යුරෝපානුවන් අතර සහසම්බන්දය සෙවිමට ඔහු උත්සුක වෙනවා.
මේ අතර බැරිබැරියාවේ මූලය ඔහුට හමුවන්නේ අහම්බයකිනි.
එක්දිනක් ගම්වැසියන් පැමිණි සැලකලේ අමුතුම ප්‍රශ්ණයකි, කුකුළන් රෝගී වි ඇති බව කීහ.
බැලුබැල්මට කුකුළන් ගේ රෝග ලක්ෂණ බැරිබැරියා රෝග ලක්ෂණ වලට අතිශයින්ම සමානය.
වහාම මේ ගැන පරික්ෂණ කිරිම සදහා කුකුළන් පිරිසක් තම පරික්ෂණාගාරය වෙත රැගෙන එන ලදි.
කුකුළන් වර්ග කරමින්, විවිධ පරික්ෂණ ඔහු විසින් සිදුකලා. මේ සතුන්ට කන්න දුන්නේ හමුදා කදවුරේ කුස්සියෙන් ලැබුණු සුදු හාල් සලාකයක්.
දින සතිවුනා. සති මාස වුනා. පරික්ෂණය කෙරෙමින් ගියා. නමුත් නිෂ්චිත නිගමනයක් ලැබුනේ නැ.
මේ අතර හමුදා කුස්සියට නව කෝකියෙක් පැමිණියා. නව කෝකියා කුකුළන් ට හාල් නිකුත් කිරිම ප්‍රතික්ෂේප කලා. අයික්මාන් විසින් ඉල්ලා සිටියත් දෙන්න බෑම කිව්වා. මොනා කරන්නද, කුකුළන්ව බඩගින්නේ තියන්න බෑනේ. ඉතින් අයික්මාන්ට බාහිර පාර්ශවයක් මගින් හාල් හොයාගන්න වුනා.
අලුතෙන් කුකුළන්ට දුන්න හාල් නිවුඩු හාල් වර්ගයක්.
මෙන්න වැඩක්!
අලුත් හාල් කන්න ගත්තා විතරයි මෙන්න කුකුළන්ගේ රෝගි තත්ත්තවය පහව යන්නට වුනා.
අනික් සියලුම කන්ඩිෂන්ස් නොවෙනස්ව තිබිම, හාල් වර්ගය/ආහාර වර්ගය වෙනස් කිරිමත් සමග රෝගී තත්ත්වය පහව යන ලක්ෂන මතුවිම යන හේතු ගැන සැලකීමේදි, බැරිබැරියාව හා ආහාර වල පෝෂණය සමග සහසම්බන්දයක් ඇතැයි අයික්මාන් හට පසක් වුනා.
පොලිෂ් කරන ලද සුදු හාල් වල අඩංගු නොවු හා නිවුඩු හාල් වල අඩංගු වූ පෝෂක වර්ගයක් හේතුවෙන් මෙය ඇතිවන බව ඔහුට තේරුම් ගියා. අදවන විට මෙම විටමින් B1(තයිමින්) බව ලොවම දන්නා කරුණක්.
20 වැනි සියවසේ මුල් භාගයේදිම බැරිබැරියාවට හේතුව පෝෂණ ඌනතාවක් බව අයික්මාන් විසින් විද්‍යාත්මකවම තහවුරු කිරිමට සමත් වෙනවා.
වෛද්‍ය විද්‍යාවේ උන්නතිය කෙරෙහි දැක්වූ දායකත්වය හේතුවෙන් 1929 වසරේදි වෛද්‍ය විද්‍යාව නොබෙල් සම්මානය අයික්මාන් ට හා ෆෙඩික් හොප්කින්ස් (විටමින් සොයාගත් පුද්ගලයා) හට පිරිනමනු ලබනවා.
කවදාවත් විස්වාසය නැතිකරගන්න එපා!
සෙවිල්ල නතර කරන්නත් එපා!
මොනයම් විදියකින් හෝ හමුවේවි!
- රොෂීන් ප්‍රනාන්දු
වෛද්‍ය විද්‍යාවේ තවත් අරුම සොයාගැනිම් ගැන දැනගන්න
ලේබල වෙත පිවිසෙන්න.
අදත් හොඳ පෝස්ට් එකක්. සයිටම් ප්‍රශ්නෙ නිසා කොල්ලා ලෙක්චර්ස් කට් කරගෙන දිගට හරහට බ්ලොග් පෝස්ට් ලියනවා නේද?
ReplyDeleteඑහෙනම් කෝකියා තමයි වීරයා...
ReplyDeleteඅදම ගෙදර ගෙහුං ඔය මොකක් හරි නිකුත්කිරීම ප්‍රතික්ෂේප කරලා බලන්න ඕනේ.. කවුද දන්නේ හදිස්සියෙවත් මේ වගේ සොයාගැනීමක් එහෙම උනොත් එහෙම!! :-D
මෙන්න මෙහෙමලු හොම්බ තලාගත්තම අයිස් කැට තියන්න පුලුවන් කියල හොයා ගත්ත එක්කෙනා කලේ
Delete