Friday, August 4, 2017

මීදුම් සේලයෙන් ජලය ලබාගන්නා පෙරු වැසියෝ

මීදුම, පරිසරයේ ස්වභාව සෞන්දර්ය හැඩ කරන සංසිද්ධියක්. 
මීදුමේ සැගව ඇති ජල බිදු කොතරම්දැයි ඔබ සිතා ඇත්ද?
ඒ ගැන පෙරු ජාතිකයෝ නම් හිතුවා.



පෘතුවි තලයේ 2/3ක්ම වැහිලා තියෙන්නේ ජලයෙන් උනාට, පානයට ගත හැකි ජලය තියෙන්නේ සුළු ප්‍රමාණයක් පමණයි. ලංකාවට නම් වැස්ස අඩුවක් නැතත්, ජල සම්පත අඩු රටවල් කොච්චර තියනවාද? වතුර සල්ලිවලටවත් හොයාගන්න නැති තැන් කොච්චරක්ද? බොහෝ දෙනෙක් පානිය ජල අර්බුදයකින් පෙලෙනවා කියන එක ආයි පැහැදිලි කරන්න දෙයක් නැනේ.
 
දකුණු ඇමරිකානු මහද්වීපයේ  පැසිෆික් සාගරයට මුහුණලා පිහිටි පෙරු රාජ්‍යයේ අගනුවර වන ලීමා නගරයේ වැසියන්ටත් මේ ජල අර්බුදය තියෙනවා. ලීමා කියන්නේ කාන්තර පරිසරයක ගොඩනැගුනු නගරයක්. ෆැසිපික් සාගරයෙන් හමාඑන සුළං ධාරාවෙන් ලීමා හී ශුෂ්ක දේශගුණය සමනය කිරිම නිසා සාමාන්‍ය කාන්තාර දේශගුණයට වඩා තරමක් වෙනස් පරිසරයක් ඇතිවෙලා. වායුගෝලිය තෙතමනය (ආර්ද්‍රතාවය) ඉතා ඉහල වුනත්, වැසි ලැබෙන්නේ ඉතාම අඩුවෙන්. ජල ප්‍රශ්ණය ලීමා වලටත් පොදුයි.

මුලදි නම් ගංගා වලින් ගලාඑන ජලයෙන් පහස ලබාගත්තාද, වැඩිවෙන ජනගහණයට සරිලන ලෙස ජලය බෙදාහරිම අපහසුයි. වර්තමානය වන විට මිලියන 9 ඉක්මවූ ජනතාවකට බෙදාහැරිමට ප්‍රමාණවත් යටිතල පහසුකම් නොමැතිවිම නිසා අර්බුදය තවත් උග්‍ර කරනවා.

ජලය කියන්නේ අත්‍යවශ්‍ය දෙයක් නොවැ. ජලය නැතුව ඉන්න පුලුවන්ද?
අගනුවර ජීවත් වුනත් ජලය නැතුව ඉන්න බෑනේ.
ලීමා වැසියන් අලුත්ම වැඩකට අත ගැහුවා...

නගරයේ වෙරලබඩ ප්‍රදේශ වසරේ සැලකිය යුතු කාලයක් ඝණ සුදු මීදුමෙන් වැසි තියෙනවා. මීදුම කියන්නෙත් ජල සංචිතව ඇති වලාකුලුනේ. මෙහි ඇති ජලය ටික නැවත ලබාගන්න ඔවුන් සැලසුම් කලා. 








ඒ අනුව සුදුසු උස්බිම් තෝරාගෙන, ඒවායේ ඉතා කුඩා කොටු සහිත චතුරස්‍රාකාර නයිලෝන් දැල් යෙදුවා. ජල වාශ්ප, කොටු දැලේ රැදි ඝණිභවනය වීම සිදුවෙනවා.  දැල් වලට පහලින් ජලය රැස්කිරිම සදහා ප්ලාස්ටික් පීලි යෙදුවා. එයට එක්වන ජලය, සරල පිරිපහදුවකින් පසුව ටැංකි වෙත එක්වෙනවා. 



වැඩේ සාර්ථකයි!!!


එක් දැලකින් දිනකට ජලය ගැලුම් 100ක් පමණ රැස්කරගන්න හැකියාව ඇතැයි මෙම සංකල්පයේ නිර්මාතෘ ඇබෙල් ක්රුස් මහතා පවසනවා. මෙසේ රැස්කරගන්නා ජලයෙන් දහස්ගණනක් ප්‍රතිලාභ ලබනවා. දැල් 10 කින් පමණ ආරම්බ කල ව්‍යාපෘතිය අද වන විට දැල් 30 ද ඉක්මවා අවසන්ය. අන්තර්ජාතික ආධාර යටතේ පෙරු වෙරළදිග කලාපය පුරාම මෙවැනි දැල් ස්ථාපිත කිරිම ඔවුන්ගේ බලාපොරොත්තුවයි.

මෙසේ දැල් මගින් මීදුම් ජලය රැස්කරගැනිම ස්ථිර විසදුමක් නොවේ.  ඔවුන්ට මහත් අස්වැසිල්ලක් උවද මෙසේ ජලය රැස්කරගත හැක්කේ සීත සෘතුවේදි පමණයි.  උෂ්නාධික සමයන් හීදි ඔවුන්ට ජල අවශ්‍යතාව සපුරාගන්න වෙන්නේ බවුසර් මගින් අලෙවිකරණ ජලයයි. දැල්, නල ජලය ලැබෙන තෙක් ඔවුන් භාවිතා කරන විකල්පයක් පමණි.

අදවන විට රටවල් කිහිපයකම මීට සමාන ව්‍යාපෘති ක්‍රියාත්මක වෙනවා. ලොකුම ගැටලු නම් මීදුම් සහිත සුදුසු ස්ථාන සොයාගැනිම හා ආයෝජන හිගකමයි.

විකල්පයක් වෙන්න ඇති
හැමදාම බැරුව ඇති
නමුත් ඔවුන් උත්සහ කලා
සාර්ථක වුනා.
ඒ ජිවිතය ගැටගහගන්න!!!

No comments:

Post a Comment