Wednesday, August 2, 2017

දරු උපතක් සමග බිහිවු ජංගම දුරකතනය ඡායාරූප කලාව...

එහෙ බැලුවත් සෙල්ෆි! මෙහෙ බැලුවත් සෙල්ෆි! කොහෙබැලුවත් සෙල්ෆි!
ජංගම දුරකතනයේ ඇති කැමරාව නැතිනම් FB, Insta  පාලුවට යන්න පුලුවන්.
නමුත් ඔයාලා දන්නවාද ජංගම දුරකතන මගින් ඡායාරුප ගැනිම හා ශෙයා කිරිම කරළියට එන්න‍ේ දරු උපතක් සමග කියලා?




ජංගම දුරකතන ඡායාරූප හා අප්ලෝඩ් කිරිම හදුන්වාදීම ගැන ප්‍රශාංසා හිමිවිය යුත්තේ ෆිලිප් කාන් (Philippe Kahn) මහතාටයි. ප්‍රකට තාක්ෂණික සමාගම් කිහිපයක්  ඇරබි  වයර්ලස් හා ජංගම දුරකතන යෙදුම් ගණනාවකම පේටන්ට් බලපත්‍රය හිමි ඔහු අතින් ජංගම දුරකතන ඡායාරුප යෙදුම් බිහිවන්නේ අමුතුම ආකාරයකටයි.



1997 ජූනි මස ෆිලිප් කාන් ගේ බිරිද වන සෝනියා තම පලමු දරු ප්‍රසූතිය සදහා සූදානම් වනවා. ෆිලිප්ට අවශ්‍ය වුනා තමන්ගේ පලමු දරුවා උපන් සැනින්, ඡායාරුපයක් රෝහලේ සිටම සමාජ ජාල වෙත අප්ලෝඩ් කරන්න. ඒ වන විටත් කැමරාව සහිත ජංගම දුරකතන මුලාකෘති කිහිපයක් බිහිව තිබුනත් ඒවායෙන් ඔහුට අවශ්‍ය දේ සිදුකරගැනිමට හැකියාවක් නැ.

ෆිලිප් විසින් ඒ වන විටත් ඡායාරුප හුවමාරු කරගැනිමට හැකි මුදුකාංගයක් නිර්මාණය කර තිබු අතර එයින් නව ඡායරුප මිතුරන් සමග පහසුවෙන් හුවමාරු කරගත හැකි වුනා. 

සෝනියා ප්‍රසූතියට සුදානම්. නමුත් ෆිලිප් තවමත් තමන්ගේ බලාපොරොත්තුව ඉටුකරගැනිමට මාර්ගයක් සොයනවා. ඔහු සතුව ඇත්තේ කැසියෝ වර්ගයේ කැමරාවක්, මෝටරෝලා ජංගම දුරකතනයක් හා ලැප්ටොප් පරිගණකයක් පමණයි. ඔහු මේ සියල්ල කෙසේ හෝ සම්බන්ධ කර තම කිරිකැටියාගේ ඡායාරුපය අප්ලෝඩ් කරන්න ඉටාගත්තා.

ජංගම දුරකතනය පරිගණකයට හෝ කැමරාවට සම්බන්ද කරන්න විදියක් නැ. ඔහුට තේරුනා මෙතැන තියෙන්නේ උපාංග වල ගැටලුවක් කියලා. උපාංග නැතිනම් වෙලාවේ හැටියට අලුතෙන් අටවගන්න හරි එපායැ. 

ෆිලිප් ගේ ඇටවුම

ඔහුගේ කාරයේ ස්පිකර් ෆෝන් පද්ධතියක් තිබුනා . එයින් යමක් කරගත හැකියැයි ඔහුට අදහසක් ආවා. වහා ක්‍රියාත්මක වු ෆිලිප්, කාරයේ තිබු ස්පිකර් ෆෝන් පද්ධතියම ගලවා, එහි වයර් කපමින්, නැවත එකතු කරමින් අලුත්ම සම්බන්ධයකයක් නිර්මාණය කලා. එයින් ජංගම දුරකතනය හා කැමරාව සම්බන්ධ කලහැකියි.එමෙන්ම නව මුදුකාංගයක්ද ලිව්වා.

සෝනියා විසින් දරුවා ප්‍රසූත කරන අවස්ථාව වන විට ෆිලිප් තම නිපැයුම ද සිදුකර අවසන්. ඔවුන් දෙපලගේ දියණිය වු සෝෆියා ගේ ඡායාරුපයක් ගැනිමට ෆිලිප්ට හැකිවුනා. එම අවස්ථාවේදිම එය සමාජ ජාල වෙත මුදාහරිනු ලැබුවා. 2000 කට ආසන්න පිරිසක් එම ඡායාරුපය නරඹුවා. එවක වාතාවරණය අනුව මෙය  විශාල නැරඹුම් ප්‍රමාණයක්.

ඉතිහාසගත ඡායාරුපය

එය ජංගම දුරකතනයක් ආධාරයෙන් ලබාගත් හා උඩුගත කල පලමු ඡායාරුපයයි.

සොෆියා සමග ජංගම දුරකතන ඡායාරුප කළාවත් උපත ලැබුවා.

අද වන විට ජංගම දුරකතන හා ඡායරුප එකට බැදි ඇති අන්දම කොතෙක්දැයි ඔබ හොදින්ම දන්නවා නේ.
ඕනැම වැදගත් අවස්ථාවක් සැනින් රුපගත කිරිම මෙන්ම මිතුරන් සමග බෙදාගැනිම ද පහසුවෙන් සිදුකල හැකියි.
දුරකතනය අතේ දරන්නා, විටෙක මාධ්‍යවේදියෙක් ! විටෙක ඡායාරුපශිල්පියෙක්!
නමුත් මේ සියල්ලම ඇරඹුනේ තාත්තෙක්ගේ අහිංසක ප්‍රාර්ථනාවක් නිසායි!!!!



No comments:

Post a Comment