Pffffffffffffffffffffff!!!!!
අධෝවාතය (fart) අප්‍රසන්න අප්‍රියජනක දෙයක් කියලානේ බොහෝඅය සලකන්නේ.
ඒ නිසා වැඩිකතාබහට ලක්වෙන්නේත් නැ.
අධෝවාතය අැතිවෙන්නේ ඇයි?
මොකක්ද හේතුව?
අධෝවාතයක් කියන්නේ මොකක්ද හැමෝම දන්නවානේ. ගුදය හරහා වායු පිටවීමක් වෙනවා. සාමාන්‍ය නිරෝගි පුද්ගලයකුගේ ද දිනකටම 10-20ත් අතර ප්‍රමාණයක් අධෝවාතයන් පිටකරනවා. සමාජය තුල අප්‍රසන්න මෙන්ම විටෙක ලැජ්ජාවට කරුණක් වුවත්, මෙය සිරුරේ වන සංසිද්ධියක් වන බැවින් මේ පිළිබදව දැන සිටිම වැදගත්. ‘‘සියලුදෙනාම තමන්ගේ සිරුර ගැන දැනගැනිම යුතුමක් නොව වගකීමක්‘‘ ලෙසයි ජනේලයේ අප දකින්නේ. ඒ නිසයි අප නිතරම සිරුර ගැන කතා කරන්නේ.
මෙහෙම පිටවෙන්න කොහෙන්ද බඩට වාතය ආවේ?
ඔයා විසින් එදිනෙදා වාතය ගිල දමන බව දන්නවාද?
අපි සාමාන්‍යයෙන් දන්නේ වාතය ආශ්වාස ප්‍රශ්වාස කරනවා කියලානේ. නමුත් එදිනෙදා ක්‍රියාකරම් වලදි ඔයා යම් වාත ප්‍රමාණයක් ගිල දමනවා.
ආහාරගන්න විට, ච්වින්ගම් හපනකොට, දුම්පානය කරන විට, ඉක්මනින් පානයන් ගන්නා, කාබනිකෘත බිම වර්ග නිසා ද වාතය යම් ප්‍රමාණයක් ආහාරමාර්ගය තුලට ඇතුල් වෙනවා.
නමුත් මෙය සුළු ප්‍රමාණයකි.
අනික වැඩි ප්‍රමාණයක් වාතය හදන්නේත් ඔයා නෙවෙයි.
අපි නෙවෙයි නම් කවුද?
අපේ ආහාර මාර්ගයේ අපිත් එක්ක සහයෝගයෙන් ජීවත් වන පුංචි යාලුවෝ ටිකක් තමයි වැඩියෙන්ම වායු හදන්නේ.
අපේ ආහාර මාර්ගයේ විවිධාකාර ක්ෂුද්‍රජිවින් ඉන්නවා. එයාලාත් කන්නේ( ශක්ති අවශ්‍යතා සපුරගන්නේ) අපිම කන කෑම ජීර්ණය කරලයි. ඒවගේම අපි එයාලට ජිවත් වෙන්න හොද තැනක් ලබා දෙනවා.(අපේ ආහාර මාර්ගය)
එයාලාත් අපිට කඩන්න බැරි ආහාර කොටස් කඩලා දිලා උදව් කරනවා. සමහර ක්ෂුද්‍රජිවින් විටමින් K හා විටමින් B ලබාදෙනවා. තව තව උදව්ත් කරනවා.
නොදන්නවා උනාට, අපි දෙගොල්ලෝ හරි සහයෝගෙන් ජිවත්වෙනවා.
හැබැයි එක්කෙනෙක් දෙන්නෙක් නෙවෙයි,
මිලියන ගණනාවක් හොදේ !!!
ඉතින් මෙයාලා විසින් ආහාර පෝශක කැඩෙද්දි වායුන් නිපදවනවා. බොහෝ විට නිපදවන්නේ හයිඩ්‍රජන්, කාබන්ඩයොක්ඩයිඩ් වර්ගයි. බොහෝමයක් වායුන් ගන්දය රහිතයි.
නමුත් සමහර ක්ෂුද්‍රජිවින් වර්ග විසින් මෙතේන් (ගඳක් රහිත) , ප්‍රසිද්ධ අවේණික ගඳක් සහිත සල්ෆර් ඩයොක්සයිඩ්, හයිඩ්‍රජන් සල්ෆයිඩ් යන වායුන් වර්ග ද නිපදවනවා. මේ නිසයි වායු පිටවන විට ගඳක් දැනෙන්නේ.
මෙසේ වායු ඇතිවිමට ආහාර වල බලපෑම කෙබඳුද?
පුද්ගලයාගෙන් පුද්ගලයාට සිරුරේ හැකියාවන් වෙනස්. ඉතින් ආහාර ජීර්ණයත් ඒ වගේමයි. ජීර්ණය කිරිමේ හැකියාවන් හැමදෙනාටම සමාන නොවුනත්, පොදුවේ කාබෝහයිඩ්‍රේට අධික ආහාර මගින් වායු නිපදවීම වැඩියි. දිරවීමට අපහසු කාබෝහයිඩ්‍රේට අඩංගු ආහාර ගත්තොත් මේ තත්ත්වය හොදින් දකින්න පුලුවන්.
උදා-බෝංචි,කජු, බ්‍රොකලි, ගෝවා,සුදුලූණු....
ඒ වගේම, සමහර පුද්ගලයන්ගේ සිරුරේ කිරි ආහාර වල අඩංගු ප්‍රෝටීනයක් වන ලැක්ටෝස් ජීර්ණය කිරිමේ හැකියාව අඩු වන අවස්ථා දකින් පුලුවන්. මේ නිසා ක්ෂුද්‍රජිවින්ගේ දායකත්වයෙන් ආහාර මාර්ගය තුල ලැක්ටෝස් පැසිම සිදුවෙලා වායුන් මෝචනය වෙනවා.
කාබනීකෘත පානවර්ග නිසාද, ආහාර මාර්ගය තුලට වායුන් එක්වෙනවා.
පෙර සදහන් කල පරිදි මෙසේ ආහාරමාර්ගයෙන් වායුන් පිටවීම(අධෝවාතයන්), නිරෝගි පුද්ගලයකුගේ එදිනෙදා සිදුවන සාමාන්‍ය දෙයක්. මේක මිනිසා තුල පමණක් නොව, අනෙක් සතුන් ගේද දකින්න පුලුවන්.
නමුත් සමහර රෝගී තත්ත්වයන් නිසාද ආහාර මාර්ගය තුල අධිකව වායු රැස්වන බැවින්, අධිකව වායු පිටවීමක්, අධික පිපුමක්/ඉදිමිමක්, බඩේ අධික වේදනාවක්, පවතී නම් වෛද්‍ය උපදෙස් පැතීම නුවණට හුරුයි.
- රොෂීන් ප්‍රනාන්දු
niyama lipiyak sama deyakma dana ganeema wada hodayne Thanks.
ReplyDeletelipiya poddak gadai eka tama wade neda ? apita free gedara genna ganna puluwan dewal tikak gana lipiyak danna ko plese.
ඔබේ ඉල්ලිම ගැන සලකා බැලුවා. මේ දිනවල ඒ ගැන කරුණු සොයනවා.
Deleteඅනාගතයේදි පලවේවි!
ස්තුතියි
අපූරු ලිපියක්! මේක කියවලා මමත් ඔන්න ඔහේ එකක් ඇරියා :)
ReplyDelete