Monday, October 24, 2016

ඇයි ඇමරිකානු ඡන්දේ නොවැම්බර් මස අගහරුවදාවක තියෙන්නේ?

නොබෝ දිනකින් එනම් නොවැම්බර් 8 වැනි දින පැවැත්වෙන  අැමරිකා එක්සත් ජනපද මැතිවරණය ගැන හැමෝම අවදානයෙන් ඉන්නේ. අද කතා කරන්න යන්නේ ඇමරිකාවේ මැතිවරණ දිනය තිරණය කිරිම ගැනයි.





ඇමරිකා එක්සත් ජනපද ෆෙඩරල් නිතීන්ට අනුව මැතිවරණය පවත්වන්නට නියමිත දවසක් දක්වලා තියනවා.    
එය නම්,

නොවැම්බර් මස පලමු සදුදාට පසුව යෙදෙන පලමු අගහරුවාදා මැතිවරණය පැවැත්විය යුතුයි.

එදින සුපිරි අගහරුවාදා ලෙස හදුන්වනවා. ඒ අනුව මේ වසරේ පැවැත්වීමට නියමිත ඡනාධිපතිවරණය පැවැත්වෙන්නේ, නොවැම්බර් මස 08 වෙනිදා.

ඇමරිකාවේ මුල්ම මැතිවරණ වලදි, එනම් මුල් ජනාධිපතිවරණ 15 ම  පැවැත්වූනේ ඒ ඒ අදාල ජනපදය විසින් යොදාගත් දින වලදියි. 1792 වසරේ පැවැත්වූ ජනාධිපතිවරණය දින 34 පුරා පැවැත්වුනා.

නමුත්  1845 වසරේදි ඇමරිකානු කොංග්‍රසය මගින් මැතිරණ පැවැත්විම සදහා නිෂ්චිත දිනයක් යොදාගැනිමට තිරණය කලා. ඒ අනුවයි ඉහත නිතිය සදහන් නිතිය පණවන ලද්දේ.

ඒ වනවිට ඇමරිකාවේ බහුතරයක් ගොවිතැනින් ජිවත් වූ ගොවින්. නොවැම්බර් මස වන විට ඔවුන්ගේ වගාවන් වල අස්වනු නෙලා, ලග එන සිත සෘතුව සදහා සූදානම් වෙනවා. මේ කාලයේ වැඩ කටයුතු අඩු නිදහස් සමයක්. ඒ නිසා ඡන්දය පැවැත්වීමට නොවැම්බර් මාසය යොදාගත්තා.

සතියේ දින 7 අතුරින්  අගහරුවාදා දිනය තිරණය කලෙත්, ගොවියන්ගේම පහසුව සලකා බැලිමෙන් පසුවයි. එදා අද මෙන් ප්‍රවාහන පහසුකම් තිබුනේ නැ. ගොවින්ට තම නිවෙස් සිට ඡන්ද පොලට පැමිණිමට සම්පුර්ණ දිනක් ගතවන අවස්ථා බහුලයි.  ඉරිදා දිනය අාගමික කටයුතු වල යෙදෙන දිනයක් බැවින් එදින ඉවත් කරා. බදාදා දිනය බොහෝ නගර වල  සතිපොල පැවැත්වෙන දිනය වුනා.   එබැවින් ගොවියන් හට සදුදා ඡන්ද පොල වෙත ගමන් කිරිම අරබා, අගහරුවාදා දින ඡන්දය ප්‍රකාශ කර නැවත නිවෙස් කරා පැමිණිමට අවශ්‍ය කාලය තිබුනා.

මේ නිසා අගහරුවාදා දිනය ඡන්දය පැවැත්විමට තිරණය කලා.

මෙම නිතිය ජනාධිපතිවරණ සදහා බලපැවේ  1848 වසරේ සිටයි. එම ජනධිපතිවරණයය ජයග්‍රහණය කරමින් සැකරි ටේලර් මහතා ඇමරිකාවේ 12 වැනි ජනාධිපතිවරයා ලෙස පත්වූවා.



මෙවර ජනපති සටන ජයගන්නේ
හිලරිද? ට්‍රම්ප් ද?
බලා සිටිමු.

- රොෂීන් ප්‍රනාන්දු. 

No comments:

Post a Comment