Sunday, February 11, 2018

හා....චූ.....ඌ

පොඩි ප්‍රතිශ්‍යාවක් හැදිලා! දවසම කිඹුහුම් යනවා! 
හචූස් හචූස් හචූස්!
මේ අල්ලපනල්ලේ කල්පනාව කලා, 
ඇයි කිඹුහුම් යද්දි මෙහෙම ශබ්දයක් පිට වෙන්නේ කියලා?




කිවිසිමේදි නැගෙන ‘‘‘හාචූ..‘‘ වැනි ශබ්දය තනි අවස්ථාවක නැගෙන්නක් නොව අවස්ථා කිහිපයක නැගෙන ශබ්ද වල සමෝධානයක්.

කිවිසුම් යෑම යනු ස්වසන මාර්ගයේ මුල් භාගයේ ආස්ථරණය, ආගන්තුක ද්‍රව්‍යයක් මගින් උත්තේජනය විම නිසා ඇතිවන, නාසය හා මුඛය ඔස්සේ ක්ෂණිකව හා අනිච්ඡානුගව සිදුවන වාතය නෙරපාහැරිමක් ලෙස හැදින්විය හැක.

ස්නායු පද්ධතියේ දායකත්වයෙන් සිරුර ආරක්ෂා කිරිමේ ක්‍රියාමාර්ගයක් ලෙස මෙය සිදුවනවා.

ආගන්තුක ද්‍රව්‍ය මගින් ඇතිවන උත්තේජනයට මොලයෙන් ලැබෙන ප්‍රතිචාර අනුව ගැබුරු හුස්මක් ගැනිමට ශරිරය පෙලබේ. මේ ගැබුරු හුස්ම ගැනිම ‘‘හා...‘‘ ලෙස ඇසේ.

මෙසේ අධික වාත කදක් එකවරම පෙනහලු තුලට ඇතුල් විම නිසා එහි පිඩනය වැඩිවේ.  ස්වසන මාර්ගයේ පේෂි මත මොලය් බලපෑම හේතුවෙන් නාසා කුහරයේ හා මුඛ කුහරයේ ඉඩ වැඩිවේ. උරස් කුහරයේ පේශි වේගයෙන් සංකෝචනය වේ.

වේගයෙන් පෙනහලු තුල පිඩිතව තිබු වාතකද එලියට පැමිනේ. මේ අතර මුඛ කුහරය තුල දිව තල්ල මත තදවිම හා ඒ හරහා වාත කද ගමන් කිරිම නිසා ‘‘චූ..‘‘යන ශබ්දය නැගේ. 

කට වටේට පිහිටලා තියන ‘‘ඕබකියුලාරිස් ඔරිස්‘‘ පේශිය සංකෝචනය වීමෙන් තොල් පෙති ලංව තිබිම නිසා, කුඩා වූ මුඛ විවරය හරහා වාත කද ගමන් කිරිමේදි ‘‘ඌ / හූ ‘‘ ශබ්දයක් නැගේ.

කෙටි කාලයක් තුල මෙම ක්‍රියාව සිදුවන නිසා විවිධ අවධි වලදි නැගෙන ශබ්ද වල සමෝධානයක් ලෙස ‘‘හචූඌ..‘‘ ලෙස ශබ්දයක් නැගේ. 

ඔන්න ඔහොමයි සද්දේ හැදෙන්නේ.
 කිවිසිම සම්බන්ද තවත්කරුණු කිහිපයක් මෙසේය.
  • කිවිසුම සැහෙන්න වේගවත්. මධ්‍යන්‍යයක් ලෙස වායුධාරා වේගය  පැයට සැතපුම් 100ක් පමණ වෙතැයි ගනන් බලා තියෙනවා. 
  • වැඩිම වේලාවක් කිවිසිමේ ගිනස් වාර්ථාවට හිමිකම් කියන්නේ මහා බ්‍රිතානයේ ‘‘දෝන ග්‍රිෆිත්ස්‘‘ නම් කාන්තාවයි. ඇය 1981 ජනවාරියේ සිට 1983 සැප්තැම්බරය දක්වා දින 976ක කාලයක් තුල කිවිසුම් මිලියන ගනනාවක් සිදුකර ඇත. 😘😘😘😘😘😘
  • කිවිසිමේදි හදවත නවතිනවා යැයි පවතින මතය අසත්‍යයකි. කිවිසිමේදි හෘද ස්පන්දන රිද්මයේ සුදු වෙනස්කම් වෙන්න පුලුවන්. නමුත් නවතින්නේ නම් නැ. (මේක කාලයක් බුකියේ ප්‍රචාරය වුනා.)
  • වැඩියෙන්ම කිවිසිම කරන සත්ත්වයා ‘‘ඉගුවානා‘‘  යැයි පැවසේ. සිරුරේ ලවණ තුල්‍යතාව  පවත්වාගැනිමට මෙය සිදුකරයි.

එහෙනම් අලුත් ලිපියකින් නැවත හමුවෙමු!
සුබ දවසක්!

2 comments:

  1. කියෝන ගමනුත් කිබුහුමක් ගියා ඕන්.......මීට තඩියා

    ReplyDelete