සැකකරුවන්ගෙන් ප්‍රශ්න කාමර වල සවිකර ඇති විශේෂ වීදුරු වර්ගයක් ඔබ දැක ඇති. විදෙස් චිත්‍රපටි නරඹන ඔබට මෙය අලුත් දෙයක් නෙවෙයි. සැකකරුට අනුව මෙම වීදූරුව කණ්ණාඩියක්. නමුත් යාබද කාමරයේ සිටින පරික්ෂකයන්ගේ දර්ශනයෙන් මෙය පාරදෘෂ්‍ය වීදුරුවක්.
කොහොමද මෙහෙම වෙන්නේ?
අපි කතා කරමු!
one-way mirror (විටෙක two-way mirror ද) ලෙස හදුන්වන මෙම විශේෂිත වීදුරු වර්ගයට එම ගුණය ලැබෙන්නේ, නිෂ්පාදනයට යොදාගන්නා රසායනික ද්‍රව්‍ය වීදුරුව මත හසුරවනා ආකාරය හා වීදුරුවේ මුහුණත් දෙපස අලෝකකරණය යන සාධක හේතුවෙනි.
විශේෂ කැඩපත ගැන විමසීමට ප්‍රථම සාමාන්‍ය එදිනෙදා භාවිතා වන කණ්නාඩියක සැකැස්ම විමසීම යෙහෙකි.
අප එදිනෙදා භාවිතා කරන සාමාන්‍ය කණ්නාඩි තනනු ලබන්නේ, වීදුරු කුට්ටියක එක් මුහුණතක පරාවර්තක ද්‍රව්‍යයක් ( reflective coating) ආලේප කිරිම මගිනි. එමෙන්ම එය ආරක්ෂා කිරිම සදහා පිටතින් අදුරු ආරක්ෂිත ආලේපයක්ද යොදයි.
silvering |
මෙම පරාවර්තන සංයෝගය මගින් ආලෝක කිරණ නැවත පරාවර්තනය කරයි. සිල්වර් නයිට්‍රේට වැනි ලෝහ ලවණ මේ සදහා යොදාගත් අතර නූතනයේ අඩු වියදම් අදේශකයක් ලෙස ඇලුමිනියම් භාවිතා කරයි.
පෙර සදහන් කල විශේෂිත වීදුරු වර්ගයේද ඉහත පරාවර්තන ද්‍රව්‍ය ආලේප කිරිම සිදුකරයි. නමුදු සාමාන්‍ය කණ්නාඩිය යොදන තරම් ඝනකම් නොමැති ‘‘ඉතා තූනි අලේපයක්‘‘ පමණක් සිදුකරනු ලබයි.
ආරක්ෂක කළු ආලේපය නොයොදයි. ඉතා තුනි ආලේපනයක් ලෙස යෙදිම නිසා, සමස්ථයක් ලෙස බැලූ කල පරාවර්තන ද්‍රව්‍යය වීදුරුවෙන් අර්ධයකට පමණක් යොදා ඇති ලෙසක් (half-silvering) හැගවේ.
මේ හේතුවෙන් වීදුරුව හරහා යන ආලෝකයෙන් කොටසක් පමණක් පරාවර්තන ද්‍රව්‍ය හමුවේ පරාවර්තයට භාජනයට වන අතර, ඉතිරිය පරාවර්තනයකින් තොරව වීදුරුව විනිවිද ගමන් කරයි.
නමුත් මේ අවස්ථාවේදි විශේෂ වීදුරුවේ නිසි ක්‍රියාකාරිත්වයට බාධාවන ප්‍රයෝගික ගැටලුවක් මතුවේ. වීදුරුවේ මූණත් දෙකෙන්ම පරාවර්තනය හා විනිවිදයැම සිදුවිය හැක.
මේ නිසා එක් පසකින් බලන විට කැඩපතක් ලෙසත් අනික් පසින් බලන විට පාරදෘෂ්‍ය වීදුරුවක් ලෙසත් ක්‍රියාකිරිම සදහා වීදුරුව දෙපස ‘‘එක් පැත්තක් දීප්තියෙන් වැඩි ලෙසද, අනෙක් සාපෙක්ෂව අදුරු ලෙසද‘‘ විශේෂීත ආලෝකකරණ කල යුතුයි.
විශේෂ වීදුරුවේ එක් පැත්තක් දීප්තියෙන් වැඩි කරන විට, වැඩි අලෝක කිරණ ප්‍රමාණයක් වීදුරුවේ පරාවර්තන ද්‍රව්‍ය හමුවේ පරාවර්තනයට ලක්ව, ආලෝකය ඇතුලු වූ මුහුණතින්ම පිටවේ.
යම් ආලෝක ප්‍රමාණයක් ද වීදුරුව විනිවිද අනෙක් පසෙන් පිටවේ.
එමෙන්ම වීදුරුව අනෙක් පස අදුරු ස්වභාවයක් ඇතිකල යුතුය. අදුරු ස්වභාවය නිසා අදුරු පැත්තේ සිට දීප්තිමත් පැත්ත දක්වා වීදුරුව විනිවිද ගමන් කරන ආලෝක ප්‍රමාණය සැලකිය යුතු ලෙස අඩුය.
ඒ නිසා ද දීප්තිමත් පැත්තේ සිටින අයකුට, අදුරු පැත්තේ සිටින අයකුගේ රුව වීදුරුව හරහා පෙනිම සදහා ප්‍රමාණවත් ආලෝක තරංග ලැබෙන්නේ නැත.
ඒ අනුව වීදුරුවේ දීප්තිමත් පැත්තේ සිටින සිටින අයකුට, පරාවර්තනය වී එන වැඩි ආලෝක ප්‍රමාණය හේතුවෙන් ද, අදුරු පැත්තෙන් ප්‍රමාණවත් ආලෝකයක් නොලැබෙන නිසාද, වීදුරුව පෙනෙන්නේ ‘‘කැඩපතක්‘‘ ලෙසිනි.
එමෙන්ම වීශේෂිත විදුරුවේ දීප්තිමත් පැත්තේ සිට අදුරු පැත්තටද සැලකිය යුතු ආලෝක කිරණ ප්‍රමාණයක් ගමන් කරයි.
වීදුරුව හරහා දීප්තිමත් කලාපයේ ආලෝකය ලැබිම නිසාද, අදුරු පෙදෙසේ සාපෙක්ෂව අන්‍යාකාර ආලෝක බාධා නැති නිසාද, එපස අයට දීප්තිමත් පෙදෙසේ අය/ද්‍රව්‍ය පෙනේ.
ඔවුන්ගේ මානයෙන් මේ විශේෂ වීදුරුව, ‘‘පාරදෘෂ්‍ය වීදුරුවකි‘‘.
ඒ අනුව සැකකරු සිටින පැත්ත දීප්තියෙන් වැඩි ලෙසද, අනෙක් කුටියේ නිලධාරින් සිටින පැත්ත සාපේක්ෂව අදුරු ස්වභාවයෙන්ද ආලෝකකරණය කල යුතුය.
මේ නිසා සැකකරුගේ දර්ශණයෙන් වීශේෂ විදුරුව සාමාන්‍ය කණ්නාඩියක් ලෙසද, නිලධාරින්ගේ පැත්තෙන් මෙය පාරදෘෂ්‍ය වීදුරුවක් ලෙසද දිස්වේ. සැකකරුට නිලධාරින් නොපෙනේ.
නමුත් නිලධාරින්ට සැකකරුවන් පෙනේ.
ඉහල ඵල නෙලාගන්න නම් දෙපස ආලෝකකරණය ඉතා වැදගත්. දෙපසම එකවගේ දීප්තිමත් වුනොත් වීදුරුවක් ලෙසයි ක්‍රියා කරන්නේ. දෙපැත්තෙ ඉන්න අයට/තියන දේවල් දෙපැත්තටම පේනවා.
ඔන්න ඔහොමයි කතන්දරේ.
one-way mirror ඉහත පැහැදිලි කිරිමට භාවිතා කල පොදු උදාහරණයට අමතරව ටෙලිප්‍රොම්ටර්, ආරක්ෂිත කැමරා වැනි උපාංග සදහාද යොදනවා.
කොච්චර one-way mirror තිබුනත්, කොච්චර වැඩ වලට ඒක පාවිච්චි කලත්, මිස්ටර් බීන් ගේ භාවිතාව පරයා යන්න නම් කාටවත් බෑ.
නැවතත් අලුත් ලිපියකින් හමුවෙමු!
සුබ දවසක්!
- රොෂින් ප්‍රනාන්දු.
බුදු අම්මෝ.. Mr.Bean ඔයා.... 😂😂😂😂😂
ReplyDeleteනියමයි... ජය වේවා..!!!