ශ්‍රී ලංකේය සිනමාවට අලුත් බලාපොරොත්තුවක් එක්කරමින් ‘‘ගජමෑන්‘‘ ත්‍රිමාණ සජීවිකරණ චිත්‍රපටය නොබෝ දිනකින් රිදි තිරයේ රැගුම් පෑමට නියමිතයි. හැල හැප්පීම් අනේක බාධා මැද දශක 7ක් ගලා ආ සිංහල සිනමාවේ තවත් අවාසනාවන්ත කතාවක් කාටුන් චිත්‍රපට සමග බැදි තිබෙනවා.
අද ජනේලයෙන් දිග හැරෙන්නේ,
එක් දිනක් පමණක් තිරගත වීමට වරම් ලද ලංකාවේ පලමු කාටුන් වෘතාන්ත චිත්‍රපටය
‘‘දුටුගැමුණු‘‘ චිත්‍රපටය ගැනයි.
සිංහල සිනමාවේ සජිවිකරණ ප්‍රයාත්නයන් ගැන පලමුව මදක් හැරි බැලීම අගනේ යැයි සිතේ.
පලමු වරට සිංහල චිත්‍රපටයක සජිවිකරණ දර්ශණ (Animation) ඇතුලත් වන්නේ 1958 වසරේදි සිරිසේන විමලවීරයන්ගේ අධ්‍යක්ෂනයෙන් හා රචනයෙන් බිහිවූ ‘‘එකමත් එක රටක‘‘ චිත්‍රපටයේය. ශිල්පයේ පුරෝගාමි කර්ත්‍යවයක් ඉටුකරන ‘‘දයා කරුණාරත්න‘‘ මහතා විසින් නාමාවලිය සජිවිකරණ මාධ්‍යයෙන් සැකසිමට සමත්විය. ‘‘එකමත් එක රටකට‘‘ කළා අධ්‍යක්ෂක වූ ඔහු ගේ කුළුදුල් චිත්‍රපටය දායකත්වයද මෙයයි.
1969 වසරේ තිස්ස ලියන්සූරිය මහතා හා ටයිටස් තොටවත්තයන්ගේ ‘‘ කවුද හරි‘‘ චිත්‍රපටයේ සජිවිකරණ නාමාවලිය සදහන් නොකරම බැරිය.
අපේ අද කතා නායකයා,
ගිවන්ත අර්ථසාද්
ස්වයං අධ්‍යනයයෙන් නැගිසිටි විෂය දත් එමෙන්ම සජිවිකරණ කැමරා පවා නිපදවූ පුද්ගලයකු ලෙස ගිවන්ත අර්ථසාද් මහතා හැදින්විම වරදක් නොවේ. ප්‍රමාණවත් උපකරණ හෝ තාක්ෂණය නොතිබු වටපිටාවක ගිවන්තයන් 1971 වසරේ ‘‘අන්දරේ‘‘ කාටුන් චිත්‍රපටය නිපදවනවා.
1979 වසරේ ගිවන්ත ආර්ථසාද් හා දිනේෂ් ප්‍රියසාද්(ඔහුගේ සොයුරු) එක්ව නිපදවූ ‘‘දුටුගැමුණු‘‘ කාටුන් වෘත්තාන්ත චිත්‍රපටය මෙරට සිනමා ඉතිහාසයේ නව පිටුවක් පෙරලීමට සමත්වුවත් එකෙනෙහිම ඒ පිටුව ඉරා දැමිමට මෙරට පාලකයන් පියවර ගැනිම අතිශයෙන්ම කණගාටුවට කරුණකි.
‘‘දුටුගැමුණු‘‘ - දුටුගැමුණු රජුගේ කතාවයි. නව්‍යකරණ වෙනස් එහි විය. ඉතිහාස කතාව කියන්නේ බළලෙක්. ඉතිහාසයේ කාලරාමුව හා නොගැලපෙන පියාබන පිරිසි, කැටපිලර්, නැපොලියන් වැනි වදන් ඇතුලත් විය.
ගැමුණු රජු වෙනුවෙන් හඩනළු ලෙස රංගන ශිල්පී සිරිල් වික්‍රමගේ දායක වි ඇත. කාලානුරුපිව ඉතා හොද උත්සහයක් බව නොකියා ම බැරිය.
1979 ඔක්තොම්බරයේ තිරගත වීම ඇරඹුවද දුටුගැමුණු චිත්‍රපටය ප්‍රේක්ෂකයාට විවර වූයේ දිනක් පමණි. බොහෝ පලාත් වල සවස දර්ශණයම තහනම් විය. එකල දේශපාලන වටපිටාවට චිත්‍රපටය නොගැලපෙන බව කවුරුන් හෝ තීරණය කර තිබිණි.
එකල පාලක පක්ෂයට චිත්‍රපටයේ සුරනිමල යෝධයා අලියෙක් වල්ගයෙන් අල්ලා පොලේ ගසන දර්ශණය තදින් වැදි තිබු අතර කාටුන් චරිත එවක ප්‍රබල දේශපාලන චරිත වල හැඩරුවට සමාන ලෙස සකසා තිබිමද (එවක රාජ්‍ය නායකයාගේ නාසයේ හැඩයට සමාන ලෙස කාටුන් චරිතයක නාසය ඇද තිබිම) වැනි කරුණද බලපෑ බව කියවේ. දුටුගැමුණු කතාව චිත්‍රපටයට නැගිම ජාතිවාදි ගැටලු ඇතිකරතැයි සිතු පාලකයෝද වූහ.
නැතැයි නැතැයි කියා වැලපීමට වඩා ඇති දෙයින් මහත් විළිරුදාවෙන් උපැද්දූ විට තිඹිරි ගෙය ද සමග ගිනිතබා විනාශ කලෝය. පසුව අලුත් දැ නැතැයි පෙරළා බැන වැදුනෝය. විදේශයන්ගෙන් ගෙන්වා. විදේශයන් ගේ බැත සරි කලේය.
වැරදිම නොව වරද්දා ගැනිමය!
‘‘ගජමෑන්‘‘ චිත්‍රපටයට සුබ පැතුම්!
තවත් ලිපියකින් හමුවෙමු.
- රොෂීන් ප්‍රනාන්දු
+++++++++++
ReplyDeleteතුති තඩියා
Deleteඅනර්ඝයි!
ReplyDeleteඅපරාදයක්!
ReplyDeleteගජමෑන් තිරගත වීම සතුටක්.
දැස් දල්වා බලා සිටිමු!
Deleteස්තුතියි
niyamai
Delete++++++++++ Maru Wade neda.Ape Palakayange hati tama
ReplyDelete