Friday, February 9, 2018

සනීපාරක්ෂක තුවා විප්ලවය - Padman

අක්ෂේ කුමාර් රගන නවතම සිනමා අත්දැකිම ‘‘Padman‘‘ චිත්‍රපටය පෙබවාරි 09 එනම් අද දිනයේ සිට තිරගතවිම අරඹන බව ඔබ දන්නවා ඇති. 
මෙහි කතා තේමාව නම්,
ඉන්දියාව තුල විප්ලවීය වෙනසක් කල චරිතයක්!
අනේක බාධා මැද ජයගත් පුද්ගලයෙක්!
තවත් සත්‍ය කතාවක්!





ඔහු නමින්,
Arunachalam Muruganantham  (ආරුනාචලම් මුරුගනන්තම්)



දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ කොයිම්බතූර් තම වාසස්ථානය කරගත් ආරුනාචලම් ඉහල අධ්‍යාපනය ලැබූවෙක්  නොවේ. දිලිදු පවුලක එදාවේල සොයාගැනිමේ සටනට මැදිව සිටි  ඔහු, නවමු සටනකට උරදෙන්නට සිදුවන්නේ අහම්බයක් ලෙසිනි. 

1998 සමයයි. ආරුණාචලම් තම බිරිද කැන්දාගෙන පැමිණ වැඩිකලක් නැත.  ඇය ‘‘ශාන්ති‘‘ නම් වූවාය. දිනක් ශාන්ති තම ස්වාමියාගෙන් සගවමින් යමක් රැගෙනයන්නට තැත් කලාය. මේ බව දුටු ආරුණාචලම් ඒ කුමක්දැයි විචාලා සිටියද ශාන්ති පැවසිමට පැකිලුණාය. ඒ වෙනුවට ආදරයෙන් මෘදු පහරක් එල්ලකර  ඈ නික්මුනාය.

බිරිද පසුපස ගිය ආරුණාචලම් දුටුවේ,  ඔපස් දිනයන් හී ඇය බාවිතා කල අපිරිසිදු පාන්කඩ කිහිපයක්  සගවමින් සිටින ආකාරයයි. එසැනෙහිම ඔහු, සනිපාරක්ෂක තුවා බාවිතා නොකරන්නේ ඇයිදැයි ශාන්තිගෙන් අැසූ අතර ඇගෙන් ලැබුනේ මෙවැනි පිලිතුරකි,
‘‘මට පෑඩ්ස් ගන්න නම් පුලුවන්! හැබැයි හෙට ඉදලා කිරි නම් බොන්න වෙන්නේ නැ!‘‘
තම යෞවන බිරිද පුදුම කිරිමේ අරමුණින් ආරුණාචලම් පසුදා බෙහෙත්ශාලවක් වෙත පියමැන ඇත්තේ සනිපාරක්ෂක තුවා මිලදි ගැනිමටය. පිරිමියකු සනිපාරක්ෂක තුවා මිලදිගැනිමට පැමිණිමෙන් විමතියට පත් සාප්පු හිමියා හොදින් ඔතා හොරබඩුවක් ගෙනයන ලෙසින් විපරමින්  පැකට්ටුව ලබාදුන් බව ආරුණාචලම් පවසයි.

පැකට්ටුව අතපත් සැනින් ඔහු ගේ සිතට නැගුණු පැනයි. ග්‍රෑම් 10 ක බරින් යුතු තුවාය ඇයි මේතරම් ගනන්? මේ අවුන්ස බාගයක් නැති කපු ටිකට ඕනැනම් පයිස 10ක් (සත 10ක් ) යයි. නමුත් තුවාය ඉන්දියන් රුපියල් 4 පැනලා. 40 ගුණයක් වැඩියි. මේ වියදම දිළිදු පවුලක කාන්තාවකට දරන්න අමාරුයි.

‘‘මමම අඩු වියදමින් පෑඩ්ස් හදනවා‘‘  ආරුණාචලම් ඉටාගත්තා. ක්‍රියාත්මක වූ ඔහු කපු භාවිතයෙන් තුවායක් නිෂ්පාදනය කලා. ඉන්පසු එය තම බිරිද ශාන්ති අතපත් කලේ නිෂ්පාදනයේ ගුණඅගුණ ප්‍රතිචාර දැනගැනිමේ අරමුණින්. නමුත් එකවරම හොදනරක කියන්න විදිහක් නැ. පරික්ෂාකරන්න ඔපස් අවධිය වෙනකං ඉන්න වෙනවා. මාසයක් ගිය තැනද ඇගෙන් ආරුණාචලම්ගේ තුවාය වෙත ලැබුනේ හොද ප්‍රතිචාරයක් නම් නොවේ.

මෙහෙම ගියොත් තමන්ගේ නිෂ්පාදන පරික්ෂාකරන්න දශක ගනනාවක් යා හැකිබව වටහාගත් ආරුණාචලම් ස්වෙච්චාවෙන් උපකාරකලහැකි කාන්තාවන් සොයායන්නට උනා. තම සොයුරියන්ගෙන් උපකාර ඉල්ලූවද ඔපස්වීම වැනි කාරුණක් පිලිබදව තම සහෝදරයා සමග තොරතුරු බෙදාගන්නට කැමතිව නැ. ඉන්දියානු සමාජය තුල මුල්බැස ගෙන ඇති සංස්කෘතික සාමාජීය කාරණා හේතුවෙන් ලිංගිකත්වය හා බැදි කරුණු ප්‍රසිද්ධියේ කතා කිරිමට කාන්තාවක් ඉදිරිපත්වන්නේ නැත.

ආරුණාචලම් ඊලගට යොමුවූයේ වෛද්‍ය ශිෂ්‍යවන් වෙතයි. ප්‍රජනන සෞඛ්‍ය ගැන උගත් පිරිසක් වූ බැවින් තම ප්‍ර්‍යාත්නයට ඔවුන් සහය දෙතැයි ආරුණාලම් විස්වාස කලා. නමුත් වෛද්‍ය ශීෂ්‍යාවන් උවද විවෘත මනසින් ආරුණාචලම් වෙත සහය දැක්වීම ප්‍රතික්ශේප කොට තිබෙනවා.

අන්අය ලවා තම තුවා පරික්ෂා කරවාගැනිමෙන් හෙම්බත් වූ ඔහු අවසන තමා විසින්ම පරික්ෂණාගාර මීයා බවට පත්වීමට සිතාගත්තා. නමුත් ආරුණාලම්ට ඔසප් වෙන්නේ නැනේ.  ඔහුම  සැකසූ ‘‘එළු රුධිරයෙන්‘‘ පිරවූ මල්ලක් බදෙහි බැදගත්තා. සනිපාරක්ෂක තුවායක් ඇදගත් ඔහු, ඒ තුලට රුධිරය ගලාඑන්නට සැලස්වූයේය.  ඉන්පසු  තුවා විසින් රුධිරය උරාගන්නා  සිඝ්‍රතාව වැනි පරික්ෂණ කිහිපයක් සිදුකරන්නට වුනා.

මේ සියල්ල දෙස බලාසිටි ගැමියන් විසින් අරණාචලම් පිස්සෙකු ලෙසත්, රෝගයක් වැලදුණු අයෙකු ලෙසත් හංවඩු ගසන්නට වුනා. වහාම ගමෙන් පිටකල යුතු බවට ගම්සභාවේදි යෝජනාවක්ද සම්මත කරගත්තා. ආරුණචලම්ගේ බිරිද දික්කසාදවීමට අවැසි බව පවසා ඔහු අතැර ගියාය.

එහෙත් ආරුණාචලම් නොවෙයි තම පරික්ෂණ අතහැරියේ.  මේ අතර ඔහු විසින් වෙළපොලේ ඇති අනෙකුත් නිෂ්පාදන පිලිබදව සොයාබැලිමට අදහස් කලා. ඒ අනුව කාන්තාවන් විසින් භාවිතා කල සනිපාරක්ෂක තුවා ඔහුට අවැසි වුනා.

නමුත් එය ලේසි කටයුත්තක් වුනේ නැ. ඉන්දියානු ග්‍රාමිය කතකගේ පා පෑගුණු වැලි ටිකක් වත් ගන්න බැ. හිතන්නේ ගුරුකමකට කියලා. ඉතින් බාවිතා කරපු තුවායක් දෙයිද? 

අවසානයේ කොහොමන් හරි ඔහු පෑඩ්ස් කිහිපයක් සොයගන්නට සමත් වුනා. ගෙදර කාමරයේ විසුරුවා ඒවා පරික්ෂා කරමින් සිටින විට එකෙනෙහිම වැදි ඔහුගේ වැන්දඹු මව තම පුත්‍රයාගේ පරික්ෂණය දැක විශ්මයට හා ශෝකයට පත්ව නොසැහෙන්න කදුළු වගුරා තම පුත්‍රයා හැරපියා නික්මුණාය.

මෙයින් ආරුණාචලම් හට තම මවද බිරිදද අවසානයේ ගම් පියසද අහිමි වුනා. නමුදු ඔහු තම පරික්ෂණ නම් අතහැරියේ නැ. අඩු වියදම් සනිපාරක්ෂක තුවායක් නිපදවීමේ ඔහුගේ නොනිම් අධිෂ්ඨානය මැඩපවත්වන්නට මේ කිසිවකට හැකියාවක් නැ.

කපු යොදාගෙන ආරුණාචලම් සිදුකල පරික්ෂණ අසාර්ථක වූ  තැන, බහුජාතික සමාගම් වලින් හා ආචාර්ය මහචාර්යවරුන්ගෙන් උපකාර ඉල්ලා ලිපි ලියූවද සාධනිය ප්‍රතිචාර ලැබුනේ නැ. මේ අතර ඔහුට ලැබුණු ඔවදනක වූයේ තුවා නිෂ්පාදනයට සුදුසු වන්නේ ‘‘සෙලියුලෝස්‘‘ බවයි.

ශාක සෛල වල ප්‍රධාන තැනුම් ද්‍රව්‍යයක් වන සෙලියුලොස්, ශාක කදෙන් වෙන්කර ගැනිමට පහසු වූයේ නැ. ඒ සදහා භාවිතා වන උපකරණ මිලෙන් ඉතා අධික වුනා. අවසන ඔහු සෙලියුලෝස් වෙන්කර ගැනිම සදහා පහසු අඩුවියම් උපකරණයක් නිපදවිමට සැලසුම් කලා.




වසර ගාණනාවක අැවැමෙන් ආරුනාචලම් මුරුගනන්තම් අඩුවියදම් සනිපාරක්ෂක තුවායක් සාර්ථක ලෙස නිපදවීමට සමත් වුනා. ඒ සදහා භාවිතා කරන සරල යන්ත්‍ර කිහිපයක්ද ඔහු විසින් නිපදවනු ලැබුවා. පියවර කිහිපයකින් පහසුවෙන් ගෙදරදිම තුවායක් නිපදවා ගැනිමට හැකියි. මේ යන්ත්‍ර සදහා පේටන්ට් අයිතියද ඔහු විසින් ලබාගත් අතර නව නිපැයුම් තරග කිහිපයකින්ද ජයගැනිමට ඔහු සමත් වුනා.

ආරුණාචලම්ගේ එකම අරමුණ සනිපාරක්ෂක තුවා භාවිතය ඉහලනැංවීම පමණක්ම නොව ගැමි කාන්තාවන්ගේ ආර්ථික මට්ටම ඉහල නැංවිමද අයත් වුනා. මාස 18ක කාලයක් තුල යන්ත්‍ර 250ක් නිපදවූ ඔහු ඉන්දියාවේ දුෂ්කර හා ඌනසංවර්ධිත ප්‍රදේශ වෙත තම තාක්ෂණය ගෙනයනු ලැබුවා. ඒ යටතේ බිහාර් මධ්‍ය ප්‍රදේශ් හිමාචල් වැනි පෙදෙස් වල යන්ත්‍ර ස්ථාපිත කලා. 




රාජ්‍ය නොවන ආයතන මෙන්ම කාන්තා සංවිධානද ඔහු සමග පෙලගැසුනා. දියබිදක් සොයාගැනිමට සැතපුම් ගනන් දුර යා යුතු පෙදෙස් වල,  ඉතා අඩු වියදමින්  කාන්තාවන්ගේ  සනීපරක්ෂක පහසුව සැලසුනා. එයින් ඔබ්බට ගොස් ඒ ඒ කුටුම්බි රක්ෂණය කිරිමටද ඉවහල් වූයේ ආරුණාචලම්ගේ තුවායයි.



ඉන්දියාවෙන් ඔබබ්ට රටවල් 106ක් වෙත තම තාක්ෂණය රැගෙන යාමට අදවන විට ආරුණාචලම් සමත්ව ඇති අතර අවම අගයක පවතින  ඉන්දියාව තුල සනීපාරක්ෂක තුවා භාවිතය 100%ක් දක්වා වැඩිකිරිම ඔහුගේ පැතුමයි.

-Rags to Pads-

- රොෂින් ප්‍රනාන්දු




5 comments:

  1. ඔබ ඇතිකරපු උනන්දුව නිසා මොහු ගැන කියෙව්වා. ඔහුනම් පුදුම මිනිසෙක්. වඳින්න වටිනවා.

    ReplyDelete
  2. අර මෝඩ ගෑණි ආයේ ආවද බං ..............

    ReplyDelete