Saturday, March 10, 2018

තක්කාලි එළවලුවක්ද? පලතුරක්ද? - ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක්

තක්කාලි නොදැකපු නොදන්න කෙනෙක් නැ.
 ව්‍යාංජන වලට, සෝස් විදිහට වැනි ආකාර කිහිපයකින් අපි තක්කාලි පරිභෝජනය කරනවා. සාමාන්‍ය වහරේ ඇතැමෙක් තක්කාලි එළවලුවක් ලෙසත්, ඇතමෙක් පළතුරක් ලෙසත් සලකනවා. ඇත්තමට තක්කාලි එළවලුවක්ද? පළතුරක්ද?

ඔබ දන්නවාද මේ ගැටලුව ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වන නඩු නිමිත්තකටත් පාදක වුනා කියලා.
එන්න අපි කතා කරමු මේ සුවිශේෂි නඩුව හා තීන්දුව  ගැන.




මේ සුවිශේෂි නඩු කටයුත්ත හා එහි නිමිත්ත ගැන දැනගන්නට 19 වැනි සියවසේ අගභාගයේ ඇමරිකාවේ නිව්යෝර්ක් සිටි කරා අපට යන්න වෙනවා.

ජෝන් නික්ස් එවක නිව්යෝර්ක් සිටි හී විසු ප්‍රමුඛ පෙලේ ‍ව්‍යාපාරිකයෙකි. ඇමරිකාවේ අනෙකුත් පෙදෙස් වල සිට නිව්යෝර්ක් කරා නැව් මගින් ආහාර ද්‍රව්‍ය අානයනය කල සමාගමක් ඔහුගේ පවුල සතු විය. සරුවට වෙළද කටයුතු වල යෙදී සිටි නික්ස් ගේ ව්‍යාපාර වලට  1883 බදු පනත සම්මතයත් සමග සෘජු බලපෑම් එල්ල විය. නික්ස් පවුල නව පනතින් වෙව්ලුම් කෑ බව නිසැකය.

පනත ප්‍රකාරව ආනයනය කරන එළවලු වර්ග සදහා වටිනාකම අනුව තීරු බද්දක් පැනවීම සිදුකරයි.  වරාය බදුඅයකරු වෙත එය ගෙවිය යුතුය. පනත බලපැවැත්වූයේ එළවලු වර්ග සදහා පමණක් වූ අතර පළතුරු වර්ග සදහා බදු නිදහසක් විය.

ඒ අනුව නික්ස් ගේ සමාගම විසින් ආනයනය කරන තත්කාලි ද එළවලුවක්  ලෙස සලකා පනත යටතේ වරාය බදුකරු විසින් බදු අයකරගන්නා ලදි. 

උද්භිත විද්‍යාත්මක නිර්වචන මත පළතුරක් යනු ශාකයක බීජ දරණ ව්‍යුහයයි.(The seed-bearing structure of a plant) .
ඒ අනුව තත්කාලි යනු පළතුරකි. පනතේ පළතුරු බදුනිදහසෙන් බැහැරව තමන් ආනයනය කරන තත්කාලි සදහා බදු අයකිරිම හේතුවෙන් නික්ස් ඇතුලු පවුල එවක වරාය බදුඅයකරු වූ  එඩ්වඩ් හේඩන්ට එදිරිව උසාවියේ නඩුවක් ගොණු කරනවා.

හේඩන්

Nix v. Hedden නඩුව ලෙස ප්‍රකට මෙයයි. 1889 දී  ප්‍රාන්ත අධිකරණයක පලමුව අසන නඩුවේ තින්දුව ලෙස තත්කාලි සදහා බදු අයකිරිම නිවැරදි බව ෆෙඩරල් විනිසුරුවකු තීරණය කරමින් බදුඅයකරු හේඩන්ට පක්ශව තීන්දුව ලබාදෙනවා.

මේ තීන්දුවෙන් සැහිමට පත්නොවු නික්ස්, තම දුක්ගැනැවිල්ල ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගොනුකරනවා. 1893 වසරේදි අගවිනිසුරු ප්‍රමුඛ නවදෙනකුගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් ඉදිරියේ නඩුව නැවත විවාදයට ලක්කරනවා.

විනිසුරු මඩුල්ල

  1. මැල්විල් ෆියුලර් (අගවිනිසුරු)
  2. ස්ටිවන් ෆිල්ඩ්
  3. ජෝන් හාලන්
  4. හොරස් ග්‍රේ
  5. සැමුවෙල් බ්ලච්ෆෝර්ඩ්
  6. ඩේවිඩ් බ්‍රිවර්
  7. හෙන්රි බ්‍රවුන්
  8. ජෝර්ජ් ශිරස් (කණිෂ්ඨ)
  9. හොවෙල් ජැක්සන්

නඩු විභාගයේදි පැමිණිල්ල විසින් තම මතය තහවුරු කරනු වස් ‘‘පළතුරු‘‘ හා ‘‘එළවලු‘‘ වල නිර්වචන ගෙනහැර පෑම සදහා වෙබ්ස්ටර්, වූස්ටර්ස් හා ඉම්පිරියල් වැනි ශබ්දකෝශ දිගහැරි අතර එම නිර්චන අසා එය හා වෙළද පාරිභාෂිකය අතර සමානතාව විමසීම සදහා  සාක්ෂිකරුවන් ලෙස පාරම්පරික පළතුරු හා එළවලු වෙළෙන්දන් කැදවීය.


එක් සාක්ෂිකරුවකු කියා සිටියේ ; 
ශබ්දකෝෂ වලින් සියල්ල බෙදා වෙන්කර නැ.... සියලුම එළවලු හෝ පළතුරු පැහැදිලිව බෙදා වෙන්කර නැ... මම සිතනා ලෙස ‍ වෙළදාම පටන් ගත් දා සිටම වෙළද වහරේ එළවලු හා පළතුරු සැලකුවේ එකම අර්ථයෙන්......



තවෙකෙක් කියා සිටියේ ; 
1883 හෝ පෙරදි  පළතුරු හෝ එළවලු ලෙස නියමිත ශිර්ෂයන් තිබු බව මා සිතන්නේ නැ. පොදුවේ රටේ විවිධ පෙදෙස් වල වානිජ වෙළදාමේ භාවිතයන් හා ඉහත නිර්වචන අතර පරස්පරතාවක් ඇතැයි සිතේ.


පැමිණිල්ල හා විත්තිය යන පාර්ශව දෙකම ශබ්දකෝෂ පිටු අතර අකුරු සටනක නිතර වුනා. විත්තිය  විසින්  සාක්ෂි ලෙස මෑ,පිපිඤ්ඤා,වම්බටු වැනි ආහාර වල තේරුම් ඉදිරිපත් කල අතර පැමිණිල්ල විසින් අර්තාපල් මල්ගෝවා හා ගෝවා වල තේරුම් ඉදිරිපත් කරමින් ප්‍රතිඋත්තර දෙන ලදි.

පැමිණිල්ලේ හා විත්තියේ දේශණ අවසානයේදි විනිසුරු මඩුල්ල 1893 මැයි 10 දින  ‘‘ඒකමතික තීරණයකට‘‘  පැමිණියේය.
එනම්

තක්කාලි  ‘‘එළවලුවක්‘‘ ලෙස වර්ග කල යුතුය. එය පොදුවේ  ප්‍රචලිතව ඇති ආකාරය, එහි භාවිතය හා පනත් සම්පාදකයන්ගේ මූලික අරමුණ යන කරුණු මෙහිදි සලකන ලදි.  ශබ්දකෝශ, සාක්ෂි ලෙස භාරගැනිමට නොහැකි බවත් කල හැක්කේ මතක් කිරිම හෝ අබෝධකරගැනිමට උපකාරයක් ලෙස භාවිතය පමණක් බවත් සදහන් විය. එබැවින් පනත ප්‍රකාරව තත්කාලි වලින්  බදු අයකිරිම නිවැරදි යැයි ද නිගමනය විය.




නඩුව නිමාවිය.

උද්භිත විද්‍යාත්මක ව තත්කාලි පළතුරකි. නමුත් එදිනෙලා ආහාර පිසිමේදි ජනයා බොහෝ විට සලකනුයේ තත්කාලි එළවලුක් ලෙසය. කුමක කුමක් සදහන්ව තිබුණද, කුමණ වර්ගකිරිම් තිබුණද ශතවර්ෂ ගානනාවක් පුරා මිනිසුන් තත්කාලි අනුභවය කලේය. ආශා කලේය. රසාංකුර වින්දනය කිරිම සදහා තත්කාලි එළවලුවක්ද පළතුරක්ද යන නිවැරදි නිර්වචනය අදාලවම නැත.

මිනිසා සාදාගත් නිති සිමා මායිම් තුල මිනිසාම අතරමංව ඇත.

මෙවැනි ඉතිහාසයේ සැගවුණු කතාවක් සමග නැවත හමුවෙමු!

- රොෂීන් ප්‍රනාන්දු

5 comments:

  1. මේ පරස්පරය දැනන් හිටියත් නිධාන කථාව දැනන් හිටියෙ නැහැ. ස්තූතියි ඔබට.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මිතුර
      ජයෙන් ජය

      Delete
  2. තක්කාලි.....හලි පස්නයක් තමා

    ReplyDelete
    Replies
    1. Tadiya Oya Babek wage ane
      Visit https://www.Aluthsofthome.blogspot.com

      Delete
  3. තක්කාලි ගිහින් තියෙන දුරක්.දැනන් හිටියේ නෑ මේ ගෑන.ස්තූතියි :)

    ReplyDelete