පෙරදා සවස මෙට්‍රෝ දුම්රියෙන් යන කල කලකට පසු නොර්වේජියානු මිත්‍රයෙක් හමුවිය.සැප දුක විමසිමෙන් ඉක්බිති නිරායාසයෙන්ම කාලින තොරතුරු කිහිපයක් සංවාදයට මාතෘකා වූ අතර ඉන් මූලික වූයේ මේ දිනවල සබය රත්කරන ගිණිකදු විදාරණයයි.
‘‘මිත්‍රයා දන්නවාද, අයිස්ලන්තකාරයෝ ගිණිකදු උණුසුමෙන් පාන් පුච්චනවා? ‘‘
ඔහු නැගු කාරණාව මා හට නවමු විය. ඉදිරි නැවතුමකින් ඔහු බැසගියද ඔහු මතුකල කාරණාව පිලිබද කරුණු සෙවිමේ ආසාවක් සිතෙහි ඇතිවිය.
අයිස්ලන්තය, සාමකාමි සුන්දර රටකි. ලොව වඩාත් උතුරු දෙසට වන්නට පිහිටි අගනුවර වන රෙජ්වික්, අයිස්ලන්තයේ සංස්කෘතික සාමාජිය ආර්ථික සන්තානය දරාසිටි. සාමකාමි සුන්දරත්වය ඔනැම අවස්ථාවක උඩුයටිකුරුකලහැකි එක් අංගයක්ද නොඅඩුව අයිස්ලන්තය සතුය.
ඒ, ගිනිකදු ය.
සක්‍රිය ගිනිකදු ගණනාවක් සමන්විත භූමියේ ගිනිකදු ක්‍රියාකරිත්යේ බලපෑමෙන් ඇතිවු උණුදිය උල්පත් රාශියකින්ද සමන්විතය. උණුසුම සම්පතක් කරගත් අයිස්ලන්තය තම විදුලි නිෂ්පාදනයෙන් අතිබහුතරය
පූර්ණ කරගන්නේ පුනර්ජනනිය ශක්ති ප්‍රභවයක් වන භූතාපය මගින් විදුලිය නිපදවිමෙනි. වසර ගනනාවක් මුළුල්ලේ අයිස්ලන්ත වැසියන් උණුදිය උල්පත් ජලය තම නිවාස උණුසුම් කිරිම ට හා එදිනෙදා කටයුතු සදහා ද බාවිතා කරයි.
නිරන්තරව උණුසුම් වාශ්ප හා බුබුළු දමන ජලය ඇති මෙම උල්පත් බිම ආශ්‍රිත සමහරෙක් උදුනක් ලෙසද භාවිතා කරයි. මේ අරුම භාවිතය ‘‘යමහල් පාන්‘‘ වලට උපත ලබා දෙයි.
කලමනා ආදිය එක්කොට සුදුසු ලෙස පාන් මිශ්‍රණය සාදන ගැමියෝ එය යකඩ බදුනකට දමා පියනකින් හොදින් වසා දමයි. පසුව උණුසුම් දුම් දමන බිමේ වලක් හාර අගල් කිහිපයක් යටට වන්නට වසා දමයි.
හොදින් පාන් පිලිස්සිම සදහා පැය 24ක කාලයක් මෙසේ තැබිය යුතුය. ඉන්පසුව ගොඩගන්නා පාන් වඩාත්ම රසවත් වන්නේ බටර් සමග ආහාරයට ගත්විට ය.
ඕනැම වෙලාවක මහත් ව්‍යසනයක් සිදුකල හැකි ගිණිකදු සහිත දේශයක, බුබුළු නගින උණුසුම් භුමියක සිට ඒ උණුසුමෙන්ම පිලිස්සු මෙවැනි අහරක මිහිර වීදිම කොතරම් අරුම අත්දැකිමක්ද?
- රොෂින් ප්‍රනාන්දු
++++++++++++
ReplyDelete