Tuesday, May 15, 2018

ඩග්ලස් බාඩර් - පාද දෙකම රහිත ගුවන් නියමුවා

පාද දෙකම නැති පුද්ගලයකුට පුලුවන්ද ගුවන්යානා පදවන්න? 
හිත ඇත්නම් පත කුඩාද?






ඩග්ලස් බාඩර් (Douglas Bader) එංගලන්තයේ ලන්ඩන් නුවර උපත ලබන්නේ විසිවැන සියවසේ මුල්ම භාගයේදියි. දැඩි කැමැත්ත මත ඔහු බ්‍රිතාන්‍ය රාජකිය ගුවන් හමුදාවට එක්වෙනවා. 





ආසාව කැමැත්ත තිබුනත් දෛවය ඔහුට සරදම් කරනවා. පත්විම් ලැබිමෙන් කෙටි කලකට පසු ගුවන්කරනම් පුහුණුවක් අතර සිදුවු අනතුරකින් ඔහුගේ පාද දෙකම ඉවත් කරන්නට සිදුවෙනවා.

යන්තමින් දිවිගලවාගන්නා ඩග් නැවතත් කෘත්‍රිම පාද පැළැද තම පුහුණුවිම් වල නිරත වුවද සුදුසු ශරිර යෝග්‍යතාවක නොසිටිම නිසා විවේකගන්වනවා. මේ සමයේ ඔහු කෘත්‍රිම පාද භාවිතයෙන් රිය ධාවනය, ගොල්ෆ් ක්‍රිඩාකිරිම වැනි දැ සිදුකර තිබෙනවා.

කෘත්‍රිම පාද වලින් ගුවන් යානයට
ගොඩවන ඩග්

නොසිතු ලෙස දෙවැනි ලෝක යුද්ධය ඇරඹෙනවා. ගුවන් නියමුවන් අවශ්‍යම මොහොතක්. ඩග් තම පාද නැතත් සේවයට ගන්නා ලෙස ඉල්ලා සිටිනවා. ඩග් ගේ ආබාධය ඔහුගේ හැකියාව ගැන ප්‍රශ්න මතුකරනවා. නමුත් දැඩි උත්සහය කැපවිම මත නැවතත් ඩග් හට ගුවන්නියමුවෙකු ලෙස සේවයට අවස්ථාව ලැබෙනවා.

කෘත්‍රිම පාද යුගලක් පැළදියද ගුවනේදි ඔහු දැක්වු සාමාර්ථය විශිෂ්ඨයි. සතුරු ගුවන්යානා ගනනාවක් ඔහුගේ පහරදිම්වලින් විනාශ ව ඇත.  ප්‍රංශයේ ඩන්කිර්ක් වලින් බ්‍රිතාන්‍ය සෙබලුන් මුදාගැනිමේ මෙහෙයුමේදිද ඔහු තම දායකත්වය ලබා දි තිබෙනවා. 

නැවතත් ඩග්ට දෛවය සරදම් කරනවා.  ප්‍රංශ ගුවනේදි සිදුවූ ගුවන් ගැටුමකදි  ඔහුගේ යානාවට ජර්මන් සතුරු ප්‍රහාර එල්ල වෙනවා. ඔහු පැරශූටයක් ආධාරයෙන් දිවි ගලවා ගත්තද භුමියේ වූ ජර්මන් හමුදා ඔහුව අල්ලාගන්නවා. යුධ සිරකරුවකු බවට පත්වුද ඩග්ගේ ආබාධය දුටු ජර්මානුවන් කාරුණිකව සලකා ඇතැයි සදහන්.

ඩග් හිර කරලා තියන්නම බැරි මිනිහෙක්. ඔහු රදවා තිබු රෝහලෙන් රෙදිවලින් සැදූ ලණුවකින් ඉහල මාලයේ සිට බැස පලායන්නට උත්සහයක නිරත වුවත් එය ව්‍යාර්ථ වනවා.පසුව සිරකදවුරකට මාරු කලද, එහිදිද අවස්ථා ගණනාවකදිම පැන යන්නට උත්සහ දරා තිබෙන්නේ ජර්මානුවන්ට දැඩි හිසරදයක් වෙමින්. එ සැම අවස්ථාවක්ම අසාර්ථක උවද ඩග් කිසිදාඋත්සහය අතැර නැ. විටෙක ඩග් ගේ පලායැමේ උත්සහයන් ව්‍යාර්ථ කිරිමේ අරමුණින් ජර්මන් ආරක්ෂකයින් ඔහුගේ කෘත්‍රිම පාද පවා ගලවා තිබෙනවා.

ඩග් ගේ ක්‍රියාවන් සිරකදවුරේ පාලකයින්ට දැඩි ගැටලු ඇතිකල අතර පසුව ඔහුව ආරක්ෂිත සිර කදවුරක් ලෙස භාවිතා කල මාලිගාවක් වෙත මාරුකොට තිබෙනවා. දෙවැනි ලෝක යුද්ධය අවසන් සමයේ එම මාලිගාව අත්පත් කරගත් ඇමරිකා හමුදා එහි රදවා සිටි ඩග් ඇතුලු පිරිස මුදා ගන්නවා.

කිසිදා උත්සහය අත අරින්න එපා.
ඩගලස් අපිට ඉගැන්වූ පාඩම එයයි.

- රොෂින් ප්‍රනාන්දු

ගිනිකදු උණූසුමෙන් පාන් පුලුස්සන හැටි දැනගන්න ආසද?
හෙට ජනේලයට පිවිසෙන්න!

No comments:

Post a Comment