Monday, September 3, 2018

වියට්නාම යුද්ධයේ තුරුම්පුව - ස්කොප්ප ආසියා!

වියට්නාම යුද්ධයේදි ඇමරිකානු සෙබළුන් අවියක් ලෙස
 ස්කෝප්ප ආසියා භාවිතා කල බව ඔබ දැන සිටියාද?






වියට්නාමය තුල ඇමරිකාව දරුණු යුද්ධයට සම්බන්ද සිටි. වියට්කොං ගරිල්ලා සටන්, සාම්ප්‍රදායික භූමියේ සටන් වෙනස් මානයට ගෙන ගියේය. උමං හෑරිමේ කෙළ පැමිණි ඊට නොදෙවෙනි උගුල් ඇටවීමේ දක්ෂයන් වූ වියට්කොං සටන්කාමින්ට එදිරිව නව තාක්ෂණය ද කැටිකොට ගෙන ප්‍රහාර එල්ල කිරිමට ඇමරිකානුවෝ කිසිත් පසුබවට නොවිය. පමාව හෝ ඉසිඹුව මරණය ලගාකරයි.සෑම තත්ත්පරයක්ම තීරණාත්මකය. 



සටන් වදින ඇමරිකානු සෙබළුන් ඇතැමෙකුගේ හිස් ආවරණයේ කාඩ් කූට්ටමේ ස්කෝප්ප ආසියාගේ කොළය රදවා තිබෙනු  දැකිය හැකි විය. එමෙන්ම ස්කොප්ප ආසියා ම පමණක් ඇති කොළ සහිත කූට්ටම් රැසක් සෙබළුන්ට තොග පිටින් ලැබිණ. 

මක් නිසාද, මෙතරම්ම කාඩ් කොළ?
සෙබළුන්ට විවේකයේදි සෙල්ලම් කරන්නද?

නැත!
මෙය සතුරාට එදිරි අවියකි!
සතුරාගේ මනස බිඳ දමන අවියකි.

ඇමරිකානු සෙබළුන් විසින් තමන් ඝාතනය කරන ලද සතුරන් ගේ මුඛයේ හෝ ශරිරයේ ස්කොප්ප ආසියන් රදවනු ලැබීය. ඔවුන්ගේ අදහස වුයේ, කොළ රදවනු ලැබූ මළසිරුරු සොයාගන්නා සටන්කාමින් තම සගයන්ට අත්ව ඇති ඉරණම  දැක බියට පත්ව අධෞර්යමත් විය හැකිය යන්නයි.  මළ සිරුරු සමග නිරන්තරයෙන් හමුවන ස්කොප්ප ආසියා යනු වියට්නාම යුද්ධයේ මරණයේ සංකේතයක් බඳු විය. 




උතුරු වියට්නාමය, ස්කොප්ප ආසියා අවාසනාවේ සංඛේතයක් ලෙස සලකනු ලබන බවට යුද්ධය අතරතුර පැතිර ගිය මතයද,(මෙය අසත්‍යකි!) ඇමරිකානු සෙබළුන් කාඩ් කූට්ටමේ මෙම කොළය වෙත දැඩිව ඇලුම් කිරිමට බලපෑවේය. ඉස්කොප්ප ආසියා තම හිස් ආවරණයේ රදවාගැනිම ඇමරිකානු සෙබළුන්ගේ චිත්ත ධෛර්යය වඩවන්නක් විය.

තුරුම්පුව කොතරම් පැතිර ගියාද යත්, ඇමරිකානු ප්‍රකට සමාගමක් වෙත ස්කොප්ප ආසියා පමණක් ඇති කාඩ් තොග ලබාදෙන ලෙස සටන්වදින සෙබළුන්ගෙන් ඉල්ලිමක් ලැබිණ. ඒ අනුව සමාගම විශාල කාඩ් තොගයක් වියට්නාමය වෙත එවූ බව පැවසේ.  විලබ්ධිය කොතරම් උත්සන්නද  යත්, ගුවනින්ද කාඩ් හෙලූ බවට වාර්තා වේ.

වියට්නාම යුද්ධයේදි ස්කොප්ප ආසියා මරණයේ සංකේතයක් උවද, ලෝක යුද්ධ වලදි වාසනාවේ සංකේතයක් ලෙස භාවිතා විය. දෙවැනි ලෝක යුද්ධයේ 101 වැනි ගුවන් සංග්‍රාමික බලකායේ ජයග්‍රාහි සංකේතය ලෙස සැලකුවේද මෙයයි.  ලෝක යුද්ධයේ මිත්‍ර හමුදා රටවල් ගණනාවක බලඇණි රැසක එකතුවක් වූ නියාවෙන් තීරණාත්මක මෙහෙයුම් වලදි භටකණ්ඩායම් හදුනාගැනිමේ පහසුව තකා කාඩ් කුට්ටමේ වංශ 4 යොදාගත් අවස්ථාද දැකිය හැකිය. Band of Brothers ටෙලිමාලාව නැරඹුවහොත් අවසන් සටනේදි වංශ සංකේත දරණ සෙබළුන් දැකිය හැකිවේවි.




වර්තමානයේද ඇතැම් හමුදා බලඇණි තම සංකේත ලෙස ඒවා භාවිතා කරයි.
ඇත්තෙන්ම ස්කොප්ප ආසියා යුද්ධයේදි තුරුම්පුවක් උනාද?
ඇමරිකානු සෙබළුන් විස්වාස කල තරමින්ම ඔවුන්ගේ තුරුම්පුව ක්‍රියා කල බවට වාර්තා වෙන්නේ නැත. වියට්කොං සටන්කාමින්ගේ භිතිකාව සත්‍යයෙන් ඔබබ්ට ගමන් කරයි. නමුදු කෙසේ කුමක් සිදුවුවද, ස්කොප්ප ආසියා ඇමරිකානු සෙබළුන්ගේ චිත්ත ධෛර්ය වර්ධනය කිරිමට මනා සේ ඉවහල් විය.

කාඩ් කුට්ටමට හේරා, පොරව වගේ නම් කොහෙන්ද කියා ඔබ කිසි විටෙකත් සිතා තිබෙනවාද?
භාෂා විශාරදයන්ගේ මතය අනුව මෙම නාමයන් ලංකාව කලක් යටත් කරගෙන සිටි ලන්දේසින්ගේ භාෂා අනුසාරයෙන් සැකසෙන්නට ඇති බව සැලකේ.

Ace --> ආස් (Aas) --> ආසියා
King --> හෙර් (Heer) --> හේරා
Queen --> ෆ්රොව් (Vroouw) --> පොරව
Diamonds --> රුයිට් (ruit) --> රුවිත
Spades --> ස්කෝප් (schop) --> ස්කොප්ප
Clubs--> ක්ලාවර (klaveren) --> කලාබර

- රොෂින් ප්‍රනාන්දු

No comments:

Post a Comment