Monday, May 1, 2017

ජීවගුණයද? මුදල්ද? ඉන්දියානු ක්‍රිකට් දෙලොවක් අතර !!!

ක්‍රිකට් යනු මහත්වරුන්ගේ ක්‍රිඩාවයි. බැට් බෝල පහර කා මනා සේ පදම් වූ තණ නිල්ල මතින් බිහිවූ ක්‍රිකට් මහත්වරුන් බොහෝය. එමෙන්ම සුදු කරපටි පැලදි පමනින් මහත්වරුන් නොවන බව දේශපාලනයේදි මෙන්ම ක්‍රිකට් වලදිද පෙන්වූ අවස්ථා නැතුවා නොවේ. මේ දිනවලද එවැනිම නාටකයක් වේදිකාගත වෙමින් පවති.
 


'' අපට ශූරයන්ගේ කුසලානය වර්ජනය කරන්නට පුලුවන්‘‘ - සුනිල් ගවස්කාර් හින්දුස්ථාන් ටයිම්ස් වෙත පසුගියදා මෙසේ ප්‍රකාශ කලේය. මේ ප්‍රකාශය ක්‍රිකට් වෙනුවෙන්ද? මුදල් වෙනුවෙන්ද?

අන්තර්ජාතික ක්‍රිකට් - ඉන්දියානු ක්‍රිකට් ආරවුල ඇතිවන්නේ, නව ක්‍රිකට් සැලැස්ම පසුගියදා සම්මත විමත් සමගයි. 2014 වසරේදි ශ්‍රී නිවාසන් යටතේ හදුන්වාදුන් සුපිරි බලවතුන් 3 මුල්කරගත් ක්‍රිකට් සැලැස්ම වෙනුවට පසුගියදා සම්මත වූ සැලැස්ම අනුව ඉන්දියාව ලැබිය යුතු ගෙවිම් ප්‍රමාණය සැලකිය යුතු ලෙස කප්පාදු වෙනවා.විශේෂත්වය වන්නේ, පසුගියදා පැවැත්වූනු ඡන්ද විමසිමේදි ඉන්දියාව හැර අනෙකුත් සියලුම රටවල් පාහේ නව සැලැස්මට එකගත්වය දැක්විමයි.

දුකට කාරණාව නම් මෙවැනි ඉතා වැදගත් තිරණයක් ගත් අවස්ථාවකදිද අන්තර්ජාතික ක්‍රිකට් තුල ලංකාවේ හැසිරිම හැසිරිම කොතරම් ක්‍රීඩාශිලි ද යන්නයි. මෙම ඡන්ද විමසිමේදි ඉන්දියාව සමග පක්ෂව එකට සිටගත් එකම රට ලංකාව බවද සදහන් කල යුතුයි. 2014 වසරේදි ශ්‍රි නිවාසන් සුපිරි බලවතුන් බිහිකිරිම සමග ක්‍රිකට් රටවලට මෙන්ම අපටද සිදුවු ගැහැට අමතක වූයේ ඇයි? ඉන්දියාව හා ලංකාව අතර ඇති සාමාජිය ආර්ථික සබැදියාව සුලුපටු නොවේ. නමුත් ක්‍රිකට් යනු ක්‍රිකට්ය. මෙවැනි අවස්ථාවලදි අපද උත්සහ කල  යුත්තේ අප රටට හොදම දේ ලබාගැනිම නොවෙද?  වෘත්තියමය පාලකයින් නොමැති අඩුව වෙන කවරදාටවත් වඩා අපට දැන් දැනෙමින් ඇත.




පසුගිය කාලය මුලුල්ලේම ඉන්දියානු ක්‍රිකට් හැසිරිම, ක්‍රිකට් ක්‍රිඩා කිරිම තියා පිටියේ වතුර ඇදිමටවත් සුදුසු නොවන බව මනාවට පැහැදිලිය. ශ්‍රිනිවාසන් යනු කිරෙන් නා, සුදු හදුන් ගැ පුද්ගලයෙකු නොවේ. 

මෙයියප්පන්

ඉන්දියානු සිමෙන්ති සමාගමේ ප්‍රධානියකු වන ශ්‍රිනිවාසන් ඉන්දියානු ක්‍රිකට් අායතන ප්‍රධානියා වූ සමයේ සිදුකල මුල්‍ය වංචා නඩු, ඔහුගේ පවිත්‍රත්වයට සාක්කි සපයයි. තම බැනා වූ ‘‘ගුරුනාත් මෙයියප්පන්‘‘ IPL තරග වංචා චෝදනා ලැබුවෙකි.  පසුව අන්තර්ජාතික ක්‍රිකට් මුල පුටුවට පත්වූ ඔහුට එයද අහිමි විය. නමුත් ඔහු ගියේ බිහිසුනු තිරණ ඉතිරි කරමිනි.

ඉන්දියාව ශූරයින්ගේ කුසලානය වර්ජනය කරයිද? 




තවමත් ඉන්දියාව නිල සංචිතය නම්කර නැත. ඉන්දියාව තරගාවලිය වර්ජනය කලද, අනෙකුත් ක්‍රිකට් කණ්ඩායම් තරග කිරිමට සුදානම් බව පකිස්ථාන ක්‍රිකට් අායතන ප්‍රධානි "ශහර්යාර් ඛාන්" විසින් මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදුකර ඇත. 

තමාට නැතිවූ කිර්තිය ලබාගැනිම සදහා ඔවුන් IPL හා ඉන්දියාව සතු ක්‍රිකට් හා බැදි වානිජ ආයතන භාවිතා කරන සේයාවක්ද පෙනෙන්නට තිබේ. ඉදිරියේදි හොද හොද නාඩගම්, කස්තිරම් බලාගන්නට හැකිවේවි.

සියල්ලන්ම මතක තබාගත යුතු දෙයක් ඇත.
ඒ ක්‍රිකට් වල නියම අයිතිකරුවන් ප්‍රේක්ෂකයින් බවයි.

ප්‍රේක්ෂකයින් ක්‍රිඩාගාරය වෙත එන්නේ නැතිනම්, ක්‍රිකට්ද නැත.
















 




No comments:

Post a Comment