Friday, May 19, 2017

අහසේදි ගුවන්යානා වල ඉන්දන ඉවත් කිරිම - Fuel dumping

ගුවන් ගමන් කියන්නේ නූතන ලෝකය තුල ජනප්‍රිය ගමනාගමන මාධ්‍යයක්. ගුවන් යානා දුවන්නෙත් තෙල් බලෙන් නොවැ. එක වරම ගුවන්යානාවක් ගුවනේදි තෙල් ඉවත් කරොත් මොකක් වෙයිද? මෙහෙම තෙල් ඉවත් කරොත් ගුවන්යානාවකට පියාසර කරන්න පුලුවන්ද? 
මෙහි පලය කුමක්ද?






Fuel dumping - ගුවන් යානා වල හදිසි ගොඩබැම් සිදුකල යුතු අවස්ථා වලදි, බර අඩුකර ගැනිම සදහා ආරක්ෂක ක්‍රියාමාර්ගයක් ලෙස තෙල් ඉවත් කිරිමේ ක්‍රියාවලියයි.

ගුවන් යානා වලට ප්‍රධාන බර සීමා දෙකක් තියනවා. 

  1. Maximum takeoff Weight (ගුවන්ගත කිරිමේදි උපරිම බර)
  2. Maximum landing Weight (ගොඩබැස්විමේදි උපරිම බර)
මේ බර සීමා දෙකෙන් Maximum landing Weight අඩු බරක් ගන්නවා. මෙහෙමනේ. ගුවන් යානාවක් ගුවන්ගත වෙද්දි මිනිස්සුනට අමතරව තම ගමන සම්පූර්ණ කරන්න අවශ්‍ය ඉන්දන ප්‍රමාණයත් අරගෙනයි යන්නේ. ඒ නිසා ගුවන් ගමන ආරම්බ කරද්දි ගුවන් යානාවේ බර සාපෙක්ෂව වැඩියි. ගුවන් ගමන තුලදි ඉන්දන දැවි ගොස්, ගමන අවසන් කරන විට සාපෙක්ෂව අඩු බරක් තමයි තියෙන්නේ. 

ඒ ඒ ගුවන්යානාවේ ගොඩබැස්විමේදි තිබිය යුතු උපරිම බරට වඩා වැඩි බරකින් ගොඩබස්වන්න උත්සහ කලොත් ඇතිවන පීඩනය, තෙරපුම හා ඝට්ටනය නිසා ගුවන් යානාවේ ගොඩබැස්විමේ පද්ධතියට මෙන්ම ගුවන්යානාවටද හානි වෙන්න පුලුවන්. එයින් මගීන්ගේ ආරක්ෂාවටත් ඇතිවන්නේ සුටුපටු තර්ජනයක් නෙවෙයි.  සාමාන්‍ය ලෙස තම ගුවන් ගමන සම්පූර්ණ කරන ගුවන් යානා වලට මේ ගැටලුව එන්නේ නැ. මොකද ගුවන් ගමන තුලදි ඉන්දන වැයකිරිම හේතුවෙන් ගොඩබැස්විමට සුදුසු වන ලෙස බර හැදිලා එනවා.

නමුත් ගුවන් ගත කරලා කෙටි වෙලාවකින් හදිසි තත්ත්වයක් ඇතිවෙලා ගුවන්යානාව බාන්න සිදුවුනොත්, ඒ වගේ වෙලාවටදි ගුවන්යානාවේ බර වැඩි නිසා ගොඩබෑමේ ගැටලු ඇතිවෙනවා. 

මෙන්න මේ වගේ වෙලාවලදි පහත තීරණ වලින් එකක් ගන්න වෙනවා.
  • ගුවන්යානාවේ ඉන්දන අවශ්‍ය ප්‍රමාණයෙන් ඉවත්කිරිම, 
  • ගුවන්යානාවේ වැඩි ඉන්චන ප්‍රමානය දැවියන තෙක් පියාසර කිරිම,
  • බර වැඩි වුවද ගොඩබැස්සවිම

ගුවන්යානා වල ඉන්දන ඉවත්කිරිම නියමුවාගේ තනි තීරණය අනුව කරන්න බෑ. ඒකට ගුවන් ගමන් පාලක මැදිරියෙන් අවසර ගන්න ඔනා. ගුවනේදි ඉවත් කරන තෙල් පොලවට පතිත වීමට පෙර වාශ්ප බවට පත්විය යුතුයි. නැතිනම් පරිසරයටත් හානියක්  සිදුවෙනවා. ඒ නිසා ගුවන්යානා ඉන්දන ගුවනේදි ඉවත් කිරිම සදහා විශේෂිත උසක් ද සදහන් කර තිබෙනවා.  

ගුවන්යානා තෙල් ඉවත් කිරිමට පෙර හැකිතරමක් ගුවනේ රැදි සිට ඉන්දන දහනය කරගැනිමට නියමුවන් උත්සහ කරනවා. නමුත් ගුවනේ රැදි සිටින්නට බැරිම තරමේ හදිසි අවස්ථාවකදි, ඉන්දන හෙලිමේ කාර්යයට යන්නට සිදුවෙනවා.

ඉන්දන ඉවත් කිරිම සදහා ගුවන්යානා තටුවල විශේෂිත නොසල සවිකර  තිබෙනවා.



මතක තියාගන්න, ඉන්දන ඉවත් කිරිමේදි ගුවන්යානාවේ ඇති සම්පූර්ණ තෙල් ඉවත්කිරිමක්  සිදුකරන්නේ නැ. ගුවන්යානාව බැස්සවිමට අවශ්‍ය වන බර සකස් කර ගැනිම සදහා අවශ්‍ය ප්‍රමාණය පමණයි ඉවත්කරන්නේ.


ඉන්දන හෙලිම කැමරා කාච වල සටහන් වූ අවස්ථාවන්










හැම ගුවන්යානාවේම තෙල් ඉවත් කිරිමේ යාන්ත්‍රණය දක්නට ලැබෙන්නේ නැ. දැන් දැන් එන අලුත් ගුවන්යානා බොහෝමයක මේ යාන්ත්‍රණය දක්නට නැ. 

එමෙන්ම ගුවන්යානාව තියන ස්ථානය හා උස අනුව පාලක මැදිරියෙන් තෙල් හෙලිමට අවසර නොලැබෙන්න පුලුවන්. අනික ගුවන්යානා තෙල්, මිලෙන් අධිකයි.  ඒ නිසා නවතම ගුවන්යානා වල තෙල් ඉවත්කිරිමකින් තොරව ආරක්ෂිතව ගොඩබැස්විම සදහා නව තාක්ෂණික ක්‍රම හා ව්‍යුහාත්මක වෙනස්කම් ඇතුලත් කරලා තිබෙනවා.

සබැදි ලිපි


මේ හා සබැදි තවත් ලිපි කියවීමට ආකාස කතා ලේබලයට පිවිසෙන්න.



 








No comments:

Post a Comment