Saturday, May 6, 2017

අභ්‍යවකාශයේ දිවි ගෙවන කත







දින 534, පැය 2 පැයේ 49 වන මිනිත්තුවේදි
 ඇය නව වාර්තාවක් පිහිටුවිමට සමත් වුනා.
සමස්ථයක් ලෙස අභවකාශයේ වැඩිම  දින ගනනාවක් රැදිසිටි නාසා අභවකාශගාමියා ඇයයි.
අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ අණදෙන නිලධාරියා බවට පත්වු පලමු කාන්තාවද ඇයයි.
ඇය මේ මොහොතේත් අපට උඩින් තමයි ඉන්නේ.

කවුද ඇය?

 Peggy Whitson 


වයිට්සන් නාසා එකේ රස්සාවට එන්නේ 1980 දශකයේදියි. ජෛව රසායන විද්‍යාව (biochemistry) පිලිබද ආචාර්ය උපාධියක් සහිත ඇය, වැදගත් පර්යේෂණ වාර්තා ගණනාවක් සම්පාදනය කර තිබෙනවා. 



ඇය 2002 වසරේදි පලමු වරට අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයට පා තබනවා. ඇය ඇතුලු පිරිස අභ්‍යවකාශයට ගෙනයන්නේ එන්ඩෙවර් ශටලයේ උපකාරයෙන්. 

මේ වනවිට නාසා අායතනය අභ්‍යවකාශ ශටල භාවිතා කරන්නේ නැනේ. නමුත් ශටල බොහෝසෙයින් නාසා අභ්‍යකාශ ගමන් සදහා උපකාරි වුනා. අභ්‍යවකාශ ගමන් සදහා භාවිතා කල ශටල 5න් දැනට 3ක් (ඩිස්කවර්,ඇට්ලාන්ටිස්,එන්ඩෙවර්) ඉතිරි වෙලා තියෙනවා. කොලොම්බියා හා චැලෙන්ජර් යන ශටල මෙහෙයුම් වලදි විනාශ වුනා. මීට අමතරව මුලින්ම හැදු එන්ටර්ප්‍රයිසස් ශටලය අභ්‍යවකාශ ගමන් වලට බාවිතා කලේ නැ. 

පලමු ගමනින් ඇය දින 184 අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රැදිසිටිමින්, පරික්ෂණ 21කට දායක වි තිබෙනවා. 2008 වසරේදි ඇය අභ්‍යකාශ මධ්‍යස්ථානයේ පලමු කාන්තා අණදෙන නිලධාරියා බවට පත්වෙනවා. 

දෙවැනි අභවකාශ ගමනේදි අැය දින 192 ක් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රැදි සිටි අතර 5 වරක් අභ්‍යවකාශයේ ඇවිද ගිය ගියා. 

ඔයාලා දන්නවාද අභ්‍යවකාශයේ ඇවිද ගිය පලමු කාන්තාව කවුද කියලා?
ස්වෙත්ලානා සවිෂ්කායා (Светла́на Сави́цкая).
අභ්‍යවකාශයට ගිය දෙවැනි කාන්තාව හා අභ්‍යවකාශයේ ඇවිද ගිය පලමු කාන්තාව වන්නේ ස්වෙත්ලානා මැතිණියයි.

ස්වෙත්ලානා

 පසුගිය නොවැම්බරයේ ඇරඹු වයිට්සන් ගේ තුන්වන ගමනේදි, දැනට ඇය 3 වරක් අභ්‍යවකාශයේ ඇවිදිමට සමත් වුනා. ඇය දැනට අභ්‍යවකාශයේ ඇවිද ඇති මුලු පැය ගනන පැය 53ක්. ඒම කාලයත් සමග, අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් පිට වැඩිම කාලයක් රැදි සිටි කාන්තාව වන්නේද ඇයයි.

ලබන සැප්තැම්බරයේදි නැවත වයිට්සන් පෘතුවියට පැමිණිමට නියමිතයි. 
ඒ වන විට ඇය සමස්තයක් ලෙස දින 650 කට ආසන්න සංඛ්‍යවක් අභ්‍යවකාශයේ ගතකොට තිබෙනවා.

 වයිට්සන් විසින් පසුගියදා බිදහෙලනු ලැබුනේ ජෙෆ් විලියම්සන් විසින් දින 520ක් අභ්‍යවකාශයේ ගතකරමින් පිහිටුවා තිබු වාර්තාව බවද මතක් කර සිටිමු.




  


No comments:

Post a Comment