Tuesday, May 2, 2017

සීත දේශගුණ වලදි නාසය බරවෙන්නේ ඇයි?

නිරෝගි ඔබ සීත දේශගුණයක් ඇති පරිසරයක සිටින විට, ඔබගේ නාසය බරවෙලා දියර ගැලිම සිදුවිම ඔබ අත්දැක ඇති. මේක වෙන්නේ කොහොමද?






ස්වසනය කියලා කියන්නේ අපේ සිරුර මනාව පවත්වාගෙන යන්නට වැදගත් වන ක්‍රියාවක්. ස්වසන මාර්ගයේ ඇති නාසය, ස්වසන වායු සිරුරට ඇතුල් කරගන්නට හා පිටකරන්නට දායක වන ස්ථානයයි. නාසයෙන් ස්වසන මාර්ගයට ඇතුල්වන වාතය ගර්ත පෘෂ්ඨ තුලදි රුධිරය සමග හුවමාරු විම සිදුවෙනවා.


ගර්ත තුලදි රුධිරය හොදින් හුවමාරු වීම සදහා වායුන් සිරුරේ උෂ්නත්වයට පත්කිරිම හා වායුන් තෙත් කිරිම වැදගත්. එමෙන්ම වාතය හා මුසුව ඇති කුඩා අංශුන් ඉවත් කිරිමත් සිදුකල යුතුයි. ස්වසන මාර්ගය ආස්තරණය කරන අපිච්ඡදය මෙම කාර්යයන් සදහා විශේෂයෙන් සැකසි තිබෙනවා.


සීත දේශගුණ ඔබ සිටින විටදි, ඔබ ආස්වාස කරන වාතයේද උෂ්නත්වය අඩුයි නේ. ඒ නිසා නාස් කුටිරය ආස්ථරණය කර රුධිර නාල වලට හා අපිච්ඡදයට සිසිල් වාතය ශරිර උෂ්නත්වයට පත්කිරිම සදහා වැඩියෙන් වෙහෙස වීමට සිදුවෙනවා. මේ නිසා අතිරේක ශ්ලේෂ්මලයක් නිපදවිම සිදුවෙනවා.


ස්වසන මාර්ගය ආස්ථරණය කරන අපිච්ඡදය අන්වික්ෂයෙන්
ජායාරුප අයිතිය - රොෂින් ප්‍රනාන්දු 


 ප්‍රශ්වාස වාතයේ අඩංගු ජල වාශ්ප ද අඩංගු වන බව මිතුරන් දන්නවානේ. මෙම ජල වාශ්ප බාහිර පරිසයේ උෂ්නත්වය හමුවේ නාස් විවර අසල ද්‍රව බවට පත්වෙනවා.

අතිරේකව නිපදව ශ්ලේෂ්මලය හා ද්‍රවබවට පත්වූ වායුන් එක්වි සොටු දියර ලෙස එලියට පැමිණෙනවා.

වෛද්‍ය සායනික පාරිභාෂික වචන මාලාවේ නාසයෙන් දියර ගැලිම, Rhinorrhoea ලෙස හදුන්වනවා. ග්‍රීක බසින් Rhin- [ලතින් බසින් නම් Nasus,i (ලිංගය-m)] යනු නාසය වන අතර,     -rhoea,ae (ලිංගය-f ) යනු ගලායැම හා වැගිරිම යන අරුත් දෙයි. 

ප.ලි
ලතින් හා ග්‍රීක භාෂාවෙන් පද දැක්විම සම්බන්දව මිතුරෙක් inbox කරලා විමසිමක් කලා. ඒ අනුව ඉදිරියේදි ග්‍රික හා ලතින් භාෂාවන් ගැනත් පාඩම් මාලවක් ආරම්බ කරන්නට බලාපොරොත්තු වෙනවා. ලතින් භාෂාව නම් මේ වන විට මළ භාෂාවක් ලෙසයි සැලකෙන්නේ. නමුත් ගොඩක් සිත්ගන්නාසුලු භාෂාවන් දෙකක්.

''Nulla aetas ad discendum sera''
-live and learn-











No comments:

Post a Comment