Sunday, May 7, 2017

ස්පුට්නික්ට එරෙහිව රොකට් හැදු ගමේ කොල්ලෝ

1957 ඔක්තොම්බරයේ  සෝවියට් රුසියාව අභ්‍යවකාශ යුද්ධය අරඹමින්, ලොව පලමු චන්ද්‍රිකාව වන ස්පුට්නික් ගුවන්ගත කරනවා.  මේ ප්‍රවෘත්තිය ලොව පුරා පැතිරෙන්නේ විදුලි වේගයෙන්.  මේ පුවතින් මුලු ඇමරිකාවම කැලබෙනවා. 






තම ප්‍රතිවාදියා තමන්ට කරපු ඔච්චම දරාගන්න ඇමරිකාවට බොහොම අමාරුයි. මේ අතරේ බටහිර වර්ජිනියාවේ පතල් ගමක කොලුවෙකුට හිතෙනවා ස්පුට්නික්ට අභියෝග කරන හැටි.

ඔහු තමයි පසු කාලයේදි ලෝකයම දැනගත්ත හෝමර් හිකම්.හෝමර් කොහොමද මේ දේ කරන්නේ? ඒක දැනගන්න නම් මේ සලරුව බලන්නම වෙනවා..



ගමේ නේ!  කොල්ලො නේ! වැඩ්ඩො නේ!

ඇත්තටම හෝමර් හිකම් කියන්නේ නාසා ආයතනයේ ඉන්ජිනේරුවෙක්.. ඒ වගේම ග්‍රන්ථ කතෘකෙනෙක්. මම විශ්වාස කරනවා මේ කතාව ඔයාලගේ ජීවිත වෙනස් කරාවි කියලා.

මේ චිත්‍රපටයට Jake Gyllenhaal, Chris Cooper, Laura Dern ,Chris Owen වැනි නලුනිලියන් රංගන දායකත්වය සපයනවා.. රොකට් තාක්ෂණයට ආස හැමොම බලන්න ආසකරන චිත්‍රපටයක් වේවි...


IMDB - 7.8



පරිවර්තනය හා උපසිරැසි ගැන්විම - රොෂින් ප්‍රනාන්දු
කරුණාකර කතෘ අයිතිය සුරකින්න.





No comments:

Post a Comment