Wednesday, November 2, 2016

ඇමරිකාවේ ඉන්නේ අලියායි බූරුවයි විතරද?

ලංකාවේ දේශපාලන පක්ෂ කියක් නම් තියනවාද? නමුත් ඇමරිකාවේ නම් එච්චර නෑලු.
අද කතාව ඒ ගැනයි.




ඇමරිකා එක්සත් ජනපදයේ වර්ථමානයේ ක්‍රියාත්මක වන්නේ ද්විපක්ෂ ක්‍රමයක්. 
එ් අනුව එරට ඇති ප්‍රධාන පක්ෂ දෙක වන්නේ,

  1. ඩිමොක්‍රොටික් පක්ෂය 
  2. රිපබ්ලිකන් පක්ෂය




ඩිමොක්‍රොටික් පක්ෂය, 1828 වසරේදි ආරම්භ විය. එම පක්ෂයෙන් පත්වූ පලමු ජනාධිපතිවරයා වන්නේ ඇන්ඩෘ ජැක්සන් මහතායි.  වුඩ්රොව් විල්සන්, ෆ්‍රැන්ක්ලින් රෑස්වෙල්ට්, ජොන්.එෆ්.කෙනඩි, බ්ල් ක්ලින්ටන්, බැරැක් ඔබාමා වැනි අය ඩිමොක්‍රොටික් පක්ෂයෙන් පත්වූ ජනාධිපතිවරැන් වේ.



රිපබ්ලිකන් පක්ෂය, 1854 දී ආරම්භ විය. එම පක්ෂයෙන් පත්වූ පලමු ජනාධිපතිවරයා වන්නේ ඒබ්‍රහම් ලිංකන් මහතායි.

ඇමරිකාවේ පලමු ජනාධිපති වූ ජෝර්ජ් වොෂින්ටන් මහතා පක්ෂ දේශපාලනය හෙලා දැකි පුද්ගලයෙකි. ඔහු ජනාධිපතිධුරයට පත්වූයේ නිර්පාක්ෂිකවයි. වොෂින්ටන් නිතරම කියා සිටියේ පක්ෂ දේශපාලනය, මතවාද ඇතිකරන බවයි.

ඇමරිකාවේ ඩිමොක්‍රොටික් හා රිපබ්ලිකන් යන පක්ෂ හැරුනු විට, තවත් කුඩා පක්ෂ ඇත.
එවැනි පක්ෂ කිහිපයක් නම්,


Pirate Party


Green party


prohibition party


මෙම පක්ෂ වල ඡන්ද පදනම ඉතා කුඩා බැවින් එවාට ප්‍රධාන පක්ෂ සමග ගැටිම අපහසුයි. එබැවින්, ඇමරිකානු ඡන්ද සටන ඩිමොක්‍රොටික්- රිපබ්ලික්න් සටනක් බවට පත්වේ.




No comments:

Post a Comment