Monday, November 21, 2016

නැපෝලියන්ට බයේ අගනුරත් වෙනස් වෙයි.

 ප්‍රංශයේ නැපෝලියන් අධිරාජ්‍යයාට බියේ, තවත් අධිරාජ්‍යයක් තම අගනුවර වෙනස් කරපු කතාවත් ගැනයි 
මේ ලිපියෙන් කතා කරන්න යන්නේ.






1807 වසරේදි ප්‍රංශයේ නැපෝලියන් බොනපාර්ට් විසින් පෘතුගාලය ආක්‍රමණය කලා. එය නැපෝලියානු යුධ සිතියමේ අර්ධද්විපික යුද්ධය ආරම්භ කිරිම සනිටුහන් කලා. එවකට පෘතුගාලයේ නායකයා වූයේ පලමුවන මරියා  රැජිනයි. නැපොලියන්ගේ දැවැන්ත ප්‍රහාරය හමුවේ බියට පත් රජ පවුල තවත් 15000 ක පිරිසක් සමග තම යටත් විජිතක් වන බ්‍රසිලය කරා ගමන් කරනු ලබනවා. 



එතැන් පටන් වසර 13 ක කාලයක් පෘතුගාල රාජධානියේ අගනුවර බවට පත්වන්නේ රියෝ ද ජෙනයිරෝ නගරයයි. 

1816 වසරේදි බ්‍රසිලයේදි මරියා රැජින මිය ගිය අතර, සිව්වැනි ජෝන් රජුලෙස පත්වෙනවා. 

1821 වසරේදි නැවත පෘතුගාල රජපවුල පෘතුගාලය වෙත පැමිණෙනවා.

තම අධිරාජ්‍යයේ අගනුවර, තම යටත් විජිතයකට ගෙනගිය දුලබ අවස්ථාවක් ලෙසයි මෙය සැලකෙන්නේ.



No comments:

Post a Comment