Friday, November 4, 2016

ලොව වැඩිම කාලයක් තිස්සේ අඛණ්ඩව සිදුකරන පරික්ෂණය

විද්‍යාව සම්බන්දව නිරන්තරයෙන් විවිධ විද්‍යඥයන් විවිධ ආකාරයේ පරික්ෂණ කරනවා.
අද කතා කරන්න යන්නේ ගිනස් පොතට ගිය
ලොව වැඩිම කලායක් පුරා අඛණ්ඩව අදටත් සිදුකරන පරික්ෂණය වන
Pitch Drop Experiment
පිලිබදවයි



තාර වල දුස්ස්‍රාවිතාව නැතිනම් උකුගතිය ගැන  හොයන්න ඕනැ කියලා පරික්ෂණයක් කරන්න අදහසක් ඕස්ට්‍රේලියාවේ කුවින්ස්ලන්ත විශ්වවිද්‍යෘල මහාචාර්ය  තෝමස් පානෙල් මහතාට අදහසක් ආවා. ඒ අනුව ඔහු විසින් 1927 දි  Pitch Drop Experiment නැතිනම් තාර බිංදු පරික්ෂණය ආරම්භ කරනවා.



මහාචාර්ය පානෙල් විසින් තාර කුඩු ගෙන, ඒවා රත්කර පුනිලයකට දමා, පුනිලය සීල් කර වසර 3ක් පමණ තබන ලදි. පසුව 1930 වසරේදි පුනිලයේ කට කපා තාර පහලට ගලා ඒමට සලස්වන ලදි.

1938 වසරේදි පලමු තාර බින්දුව පුනීලයේ කටින් වැටුන අතර, ඒ සදහා වසර 8ක කාලයක් ගතවන ලදි. ඒ වන විට මහාචාර්ය පානෙල් මෙම පුනිලය නිරික්ෂණය අත්හැර දමා තිබුනේ, මේ සදහා ගතවන අධික කාලය හේතුවෙනි. 



මහාචාර්ය පානෙල් 1948 වසරේදි මෙලොව හැරයන විටදි, පුනීලයෙන් නිකුත්ව තිබුනේ තාර බින්දු 2ක් පමණි.

ආසන්න ලෙස තාර බින්දුවක් නිකුත් වීමට වසර 8ක් පමණ ගතවේ.
මෙතෙක් තාර බින්දු 9 ක් නිකුත්ව ඇති අතර, අවසන් බින්දුව නිකුත් වුයේ 2014 වසරේදියි.

මේ පරික්ෂණය ඇසුරින් තාර,ජලය මෙන් බිලියන 230 වරක් උකුබව හදුනාගෙන ඇත.

පුනිලයේ ඇති තාර ප්‍රමාණය, තාර බිංදු පරික්ෂණය තවත් වසර සියයක් පමණ ක්‍රියාත්මක විමට ප්‍රමාණවත් බව ගණන් බලා ඇත.


No comments:

Post a Comment