Wednesday, November 2, 2016

Google කොච්චර පෝසත් ද?

Google කියන්නේ අපි කවුරුත් යම් දෙයක් සොයාගන්න යන තැන නේ. Google  සමාගම කියන්නේ ලොව ධනවත්ම සමාගම් වලින් එකක්. අපිට තොරතුරු හොයා දෙන Google  සමාගම සල්ලි හොයන හැටි ගැනයි අද කතා කරන්න යන්නේ.





වර්ෂ 1998 වසරේදි සර්ජි බ්‍රන් හා ලැරි පේජ් විසින් ආරම්භ කල Google, 2015 වසරේ පමණක් ලද ආදායම ඩොලර් බිලියන 75ක් පමණ වෙනවා.

එසේ උපයාගත් ඩොලර් බිලියන 75න් ඩොලර් බිලියන 67.4ක් උපයා ගෙන ඇත්තේ වෙලද දැන්විම් ප්‍රදර්ශණය කිරිම මගින්. 

ඇමරිකාවෙන් ඩොලර් බිලියන 34.8 ද, බ්‍රිතාන්‍යෙයන් බිලියන7.1ක්ද, අනෙකුත් රටවල් වලින් බිලියන 33.1 ක් ද Google  සමාගම අාදායම ලබා තියනවා.

Google  සමාගමේ ප්‍රධාන ආදායම් මාර්ගය වෙන්නේ, වෙලද දැන්විම් ප්‍රචාරණ අවස්ථා ලබාදිමයි. ඔවුන් තමන්ගේ වෙබ් අඩවි තුල මෙන්ම අන්තර්ජාලයේ වෙනත් වෙබ් අඩවි තුලත් වෙලද දැන්විම් ප්‍රචාරය කිරිමට ඉඩ සලසා දෙනවා.


No comments:

Post a Comment