Sunday, November 6, 2016

ලොව සංකිර්ණම මැතිවරණයක් වන ඇමරිකානු ජනාධිපතිවරණය

ඇමරිකා එක්සත් ජනපද ජනාධිපතිවරණය නොවැම්බර් 08 පැවැත්විමට නියමිතයි.
 නමුත් ඇමරිකාවේ ඡන්ද තියෙන්නේ අපිට හුරුපුරුදු විදිහටනම් නෙවෙයි. 
සැහෙන්න සංකිර්ණයි.






ජනාධිපතිවරණයක් කිව්වාම අපිට පුරුදු ඡන්දේ දවසේ ඡන්ද මධ්‍යස්ථානයට ගිහින් ඡන්දේ දාලා, එදා රෑට ඡන්ද ගණන් කරලා, පහුවෙනිදා වෙද්දි කවුද ජනාධිපති කියලා දැනගන්න එකනේ. නමුත් ඇමරිකාවේ ජනාධිපතිවරණය මීට හුගක් වෙනස්.

ඇත්තෙන්ම කියනවානම් නොවැම්බර් 08 වෙනිදා ඡන්දය තියන දවස ගැන විතරක් කතා කරලා මදි. ඇමරිකානු ජනාධිපතිවරණය කියලා කියන්නේ වසරක පමණ දීර්ඝ ක්‍රියාවලියක්.

අැමරිකාවේ ජනාධිපතිවෙන්න අවශ්‍ය අවම සුදුසුකම් 3ක් තියනවා.

  • ඇමරිකාවේ උපන් පුරවැසියකු විය යුතුයි.
  • වයස අවුරුදු 35 සම්පූර්ණ විය යුතුයි.
  • අවම ලෙස වසර 14ක් වත් ඇමරිකාවේ ස්ථිර පදිංචිය තිබිය යුතුයි.
  
කවුද අකමැති ඇමරිකාවේ ජනාධිපති වෙන්න? ඉතින් මෙම සුදුකම් සපිරු අයට පුලුවන් ඇමරිකාවේ ජනාධිපති අපේක්ෂකයෙක් ලෙස තමන් ඉදිරිපත් වෙනවා කියලා කියන්න. නමුත් ඒ අයට මුලින්ම සිද්ධ වෙනවා ඇමරිකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක වන ඩිමොක්‍රටික් හා රිපබ්ලිකන් යන පක්ෂ දෙකෙන් එකක ජනාධිපති අපේක්ෂකයා වෙන්න. ඩිමොක්‍රටික් හා රිපබ්ලිකන් හැරුනාම තවත් පොඩි දේශපාලන පක්ෂත් තියනවා. නමුත් ඒවායේ පදනම ඉතාම කුඩායි. ඒ නිසා ඇමරිකානු ඡන්ද සටන දෝලනය වන්නේ ඩිමොක්‍රටික් හා රිපබ්ලිකන් යන පක්ෂ දෙක අතර තමයි.





ඉතින් ඡන්දයට ඉදිරිපත් වන අපේක්ෂකයින්, ඇමරිකාවේ ප්‍රාන්ත සිසාරා දේශපාලන රැලි පවත්මින් තමා විසින් තොරාගත් දේශපාලන පක්ෂයේ  අපෙක්ෂකත්වය වෙනුවෙන් සටන් කරනවා. ඉන්පසු පෙබරවාරි මාසයේ සිට ජූනි මාසය දක්වා අපෙක්ෂකත්වය වෙනුවෙන් වන ඡන්දය එක් එක් ප්‍රාන්තයේ නියම කරගත් දින වලදි පැවැත්වෙනවා.

මෙම අපෙක්ෂකත්වය සදහා වන ඡන්දය ආකාර දෙකකට පැවැත්වෙනවා.

  1. Primery election
  2. Caucuses

Primery election ක්‍රමය ටෙක්සාස්,වර්ජිනියා,ටෙනිසි,මැසටුසෙට්..වැනි ප්‍රාන්ත වල ක්‍රියාත්මක කරනවා. මෙහිදි අදාල ප්‍රාන්තයේ ඡන්දදායකයින්ගේ ඡන්දයෙන් ප්‍රධාන පක්ෂ දෙකේ ජනාධිපති අපේක්ෂකයින්ව තෝරාගන්න.  පලමුව, ඔවුන් විසින් ප්‍රකාශය කල ඡන්දය අනුව විශේෂිත නියෝජිතයින් පිරිසක් (delegates) පත්වෙනවා.  

Caucuses නැතිනම් දේශපාලන බලමණ්ඩල මගින් අපේක්ෂකයා තෝරාගැනිම සිදුකරන්නේ නෙවාඩා, කොලරාඩෝ, මිනසෝටා, ඇලස්කා...වැනි ප්‍රාන්ත වලයි. මෙහිදි ඒ එ් පක්ෂයේ ක්‍රියාකාරින් එක්වි සාකච්ඡාවෙන් හෝ අභ්‍යන්තර ඡන්දයෙන් නියෝජිතයින් තොරාගන්නවා.

මෙසේ ඉහත ආකාර දෙකෙන් තෝරගත් පක්ෂ නියෝජිතයින් වෙන වෙනම රැස්වි, තමන්ගේ පක්ෂයේ ජනාධිපති අපෙක්ෂකයා කවුරුන් විය යුතු දැයි ඡන්දයකින් තිරණය කරනවා. අපෙක්ෂකත්වය ඉදිරිපත් වූ අය අතුරින්, නියෝජිත ඡන්ද 50%ක් හෝ ඊට වැඩි ගනනක් ලබාගත් අපේක්ෂකයා ඒ ඒ පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා  බවට පත් වෙනවා.

                                                                          

ඒ අනුව 2016 ජනාධිපතිවරණය වෙනුවෙන් ඩිමොක්‍රටික් පක්ෂ අපෙක්ෂකයා ලෙස හිලරි ක්ලින්ටන් මහත්මියද, රිපබ්ලිකන් පක්ෂ අපෙක්ෂකයා ලෙස ඩොනල්ඩ් ට්‍රමප් මහතාද ඉදිරිපත්ව තිබෙනවා. මීට අමතර ගැරි ජොන්සන් (රිබරේටියන් පක්ෂය), ජිල් ස්ටේන් (හරිත පක්ෂය), ඩැරල්ට් කාසල් (කන්ටිටියුෂන්) හා කෙවින් මැක්මුලින් (ස්වාධින) යන අය සුලු පක්ෂ අපෙක්ෂකයින් ලෙස ඉදිරිපත්ව සිටි.

දැන් ඇත්තේ අපේක්ෂකයින් අතුරින් ජනාධිපතිවරයා තෝරාපත්කර ගැනිමයි.

මේ වසරේ මැතිවරණ දිනය යෙදි ඇත්තේ නොවැම්බර් 08 වැනි දිනටය. එදිනට ඇමරිකා‍වේ නිල ජන්ද දායකයින්ට තමන් කැමති අපේක්ෂකයින්ට ඡන්දය දැමිමේ අවස්ථාව හිමිමේ. නමුත් ජනාධිපතිවරයා පත්වන්නේ ඡන්ද දායකයින්ගේ සෘජු ඡන්දයෙන් නොවේ.

පලමුව, ජනතා ඡන්දයෙන් ඒ ඒ ප්‍රාන්තයට අදාලව ඒ ඒ අපෙක්ෂකයා ලද ඡන්ද ප්‍රමාණය අනුව, අදාල ප්‍රාන්තයේ   ඡන්ද නියෝජිතයින් (Electors) පිරිස හිමිකර ගනි.උදාහරණයක් ලෙස, ෆ්ලොරිඩා ප්‍රාන්තයේ නියෝජිතයින් ගණන 29 කි.  ඒ අනුව නියෝජිතයින් 29ම ප්‍රාන්තය ජයගත් අපේක්ෂකයාට ලැබේ. 

Electors ගණන ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට වෙනස් වේ. මෙය තිරණය කරනු ලබන්නේ, එම ප්‍රාන්තයේ සෙනට් සභාව නියෝජනය කරන සෙනට් සභිකයින් ගණන හා නියෝජිත මන්ත්‍රි මණ්ඩලයේ මන්ත්‍රිවරුන් ගණන එකතු කිරිමෙන් ලැබෙන අගයයි. ප්‍රාන්තයකට සිටිය හැකි අවම ඡන්ද නියෝජිතයින් ගණන 3 කි. මුලු Electors ගණන 535 කි. 

ඡන්දයෙන් පත්වූ නියෝජිතයින්(Electors) දෙසැම්බර් 18 වැනි දින Electoral College ‍වෙත රැස්ව ජනාධිපතිවරයා තෝරාගැනිම වෙනුවෙන් වන ඡන්දයක් පවත්වයි. ජනාධිපතිවරණය ජය ගැනිමට නම්, බහුතර ඡන්ද ප්‍රමාණයක් එනම් ඡන්ද 270ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ලබාගත යුතුවේ.

ඉන්පසු මෙම ප්‍රතිපලය කොන්ග්‍රසය මගින් ප්‍රකාශය කිරිමෙන් අනතුරුව එය නිල ප්‍රතිපලයක් බවට පත්වේ.

ජනවාරි 20 වැනි දින නව ජනාධිපතිවරයා දිවුරුම්දිම සිදුවේ.

ඉහත ක්‍රමයේ අඩුපාඩුත් තියනවා. ඒ ගැන වෙනම ලිපියකින් කතා කරමු.

හම්මේ...
ලේසි පහසු නැ නේද වැඩේ???

- රොෂින් ප්‍රනාන්දු

--------------------------------------------------------------------------------------------------------------------

මේ ලිපිත් කියවන්න.




No comments:

Post a Comment