Saturday, May 13, 2017

ඇල්සේෂන් vs ජර්මන් ශෙපර්ඩ්

ගෘහස්ත සුනඛ වර්ග අතරින් බොහෝ දෙනෙකු අතර ප්‍රකට නාමයන් වන අැල්සේෂන් හා ජර්මන් ශෙපර්ඩ් කියන වර්ග වල වෙනසක් තියනවාද?




‘‘අපේ ගෙදර ඉන්නේ ඇල්සේෂන් බල්ලෙක්.‘‘ කියලා කෙනෙක් කියද්දි, තව කෙනෙක් ‘‘මමත් ගත්තා ජර්මන් ශෙපර්ඩ් පැටියෙක්.‘‘ කියලා කියනවා. සමහරු හිතන් ඉන්නවා ඇල්සේෂන් හා ජර්මන් ෂෙපර්ඩ් කියන්නේ  වර්ග දෙකක් කියලා. නමුත් ඒක සාවද්‍ය කරුණක්.

ජර්මන් ශෙපර්ඩ්(German Shepherd) හා ඇල්සේෂන්(Alsatian) යනු එකම බලු වර්ගයක් හදුන්වන වෙනස් නම් දෙකක්.


වර්තමානයේ දක්නට ලැබෙන ජර්මන් ශෙපර්ඩ් බලු වර්ගය ජර්මානු සත්ත්වපාලකයෙක් වන Max von Stephanitz මහතා විසින් ඩවලප් කරනු ලැබූ වර්ගයක්. 



ජර්මන් ශෙපර්ඩ් යනු බුද්ධිමත්, දක්ෂ හා ශක්තිමත් බලුවර්ගයක් නොවැ. මේ හේතුවෙන් යුද්ධයන් වලදි බල්ලන්ගේ දායකත්වය ලබාගත්තා. ජර්මනිය විසින් පුහුණුකල විශේෂ සුනඛ බලඇණියක් සකස්කර තිබුනා. බොහෝ රටවල් ජර්මන් ශෙපර්ඩ් බල්ලන් සේවයට යොදාගත්තා. 

ලෝක යුද්ධ සමයන් හී පැවැති  ජර්මානු විරෝධි ආකල්ප හේතුවෙන්, මිත්‍ර පක්ෂ රටවලදි ජර්මන් ශෙපර්ඩ් බල්ලන්ට නම් හොද පිලිගැනිමක් ලැබුනේ නැ. ඒ බල්ලන්ගේ අඩුපාඩුවක් නිසා නොව, උන්ගේ නමේ වූ ‘‘ජර්මානු‘‘ කොටස නිසායි. ඒ වගේම එංගලන්තය වැනි මිත්‍ර පක්ෂ හමුදා සෙබලුන් ජර්මන් ජෙෂපර්ඩ් බල්ලන්ට එනමින් අැමැතිමට එතරම් කැමැත්තක්  දක්වා නැ.

‘‘ජර්මන්‘‘ කෑල්ලක් නිසා බල්ලන්ට වූ අභාග්‍ය දුටු  එංගලන්ත සුනඛ සංගමය  (British kennel club), Alsatian Wolf Dog ලෙස නම වෙනස්කර තිබෙනවා. පසුකාලිනව Wolf Dog කියන කොටස හැලිලා, ඇල්සේෂන් කියන කොටස විතරක් ඉතුරු වුනා.

එංගලන්තයේ පාලනය යටතේ පැවැති බොහෝ යටත් විජිත වලද, ජර්මන් ශෙපර්ඩ් බල්ලන්, ඇල්සේෂන් යන නමින්ම ප්‍රසිද්ධ වුනා. ලංකාවටත් ඇල්සේෂන් නම ආවේ ඔන්න ඔහොමයි.

යුද්ධයෙන් පසුවත් එංගලන්තය නම වෙනස් කරන්නට එතරම් උනන්දුවක් දැක්වුයේ නැ. ඔන්න ඔය නම් පලහිලව්ව නිසා තමයි මිනිස්සු, ජර්මන් ශෙපර්ඩ් හා ඇල්සේෂන් පටලගන්න හේතු වුනෙත්.

ඇල්සේෂන් කියන්නේ කොහෙන් ආපු නමක්ද?



ජර්මානු- ප්‍රංශ දේශසිමාවේ පවතින ඇල්සාස් ප්‍රදේශය ඇසුරින් තමයි ඇල්සේෂන්(Alsatian) නම හදාගෙන තියෙන්නේ. ඇල්සාස්, ලෝක යුද්ධයේදි ජර්මනිය හා එංගලන්තය අතර දරුණු ගැටුම් ඇතිවුන ප්‍රදේශයක්.  ලෝක යුද්ධ ඇතිවෙන්න පසුබිම් වෙච්ච කරුණු කාරනා අතර ඇල්සාස්- ලොරේන් භූමියේ අයිතිය ගැන ගැටලුවත් ‘‘අලු යට ගිනි‘‘ වගේ  තිබුනා.

මේ අතර අපේ අය පටලවා ගන්න බල්ලෙක් ඉන්නවා.
ඒ,
 ලයන් ශෙපර්ඩ්

සුනඛයින් ගැන තතු දත්තෝ කියන විදිහයට නම් ලයන් ශෙපර්ඩ් කියලා ලොව බලු වර්ගයක් ඇත්තේ නැ. ඒකත් අපේ අය අතර තියන වැරදි මතයක්. ලයන් ශෙපර්ඩ් කියන්නෙත් ජර්මන් ශෙපර්ඩ් වර්ගයටම තමයි.

ලංකාවට බල්ලන් ගෙන්වූ ආනයනකරුවන් විසින් සාදාගත්ත නාමයක් වීම හා දිගු ලොම් ඇති ජර්මන් ශෙපර්ඩ් බල්ලන්, ලයන් ජර්මන් ශෙපර්ඩ් ලෙස හැදින්විමට පටන් ගැනිම නිසා තමයි මේ ලෙස වැරදි නාමයක් ජනගත වෙලා තියෙන්නේ


8 comments:

  1. ඕක සිහලට ඇල්ටෙෂන් වෙනවා නේද

    ජය වේවා ..!!!

    ReplyDelete
  2. එතකොට කොකේෂියන් ෂෙෆර්ඩ්

    ReplyDelete
    Replies
    1. කොකේසියන් ෂෙපර්ඩ් වෙනම බ්‍රීඩ් එකක් මිතුර. රුසියානු හා පැරණි සෝවියට් රුසියානු රටවල් වල ගොඩක් ප්‍රසිද්ධ බලුවර්ගයක්. කොකේසියාවේ කදුකර බල්ලන්ගෙන් සම්බවය වුනා කියලායි සලකන්නේ. මෙයාලා රුසියානු කලාපයේ හදුන්වන්නේ කොකේසියන් ඔව්චර්කා කියලා. ඔව්චර්කා කියන්නෙත් එඩේරාට තමයි.

      Delete
    2. මේ බල්ලන් ගේ නම්

      Delete
  3. ලෝකේ දුර්ලභම සුනඛ වර්ග ගැන ආටිකල් එකක් කරන්නකෝ

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම මිතුර.

      Delete
  4. Kohomada trane karanne ballawa man gawath jerman seperd kenek inne

    ReplyDelete