Monday, June 19, 2017

අමරණීය සංගීත කණ්ඩ වතගොත

බටහිර චිත්‍රපටයක්, වැඩසටහනක්   නැරඹිමේදි  බටහිර
 සංගීතයේ විවිධ සංගීත කණ්ඩ අැහිලා ඇති. ඒවා ඔයාලාගේ හිතේ තැම්පත් වෙලා ඇති. නමුත් බොහෝ සංගීත කණ්ඩ වල නම් පවා නොදන්නවා ඇති. මේ නිසා රිදි තිරයට, රූප පෙට්ටියට නැතිවම බැරි සංගීත කණ්ඩ කිහිපයක වතගොත ගෙනඑන්නයි මේ සුදානම.






චිත්‍රපටයකට, වැඩසටහනකට සංගීතය එක්කිරිමෙන් එහී රූපය හා අර්ථය තවත් තිව්‍රර කරන්නත්, ඇදබැද තබාගන්නත් සමත් වෙනවා. මේ ඇසෙන සංගීත ඛණ්ඩ ඔබේ මතයේ නිතැතින්ම තැන්පත් වන්නට ඇති. මෙසේ  චිත්‍රපට/ටෙලිනාට්‍ය හෝ වැඩසහන් වල අන්තර්ගත යම් සංගීත කණ්ඩ ප්‍රසිද්ධ සංගිතඥයින් විසින් නිර්මාණය කල නිර්මාණත් තියනවා. ඒ නිසා අපි ඒවා ගැන සොයා යමු. ඔයාලා අහලා තියන ඒවාත් තියනවාද බලන්නකෝ. අහලා කමෙන්ට් කරන්න.


  •  Symphony No. 9 /the Choral
ලුඩ්විග් වෑන් බිතෝවන්, ලෝ ප්‍රකට සංගීතඥයෙක්. මෙය ඔහු විසින් නිර්මාණය කල අවසන් සංධ්වනිය (Symphony) ලෙසද සැලකෙනවා. මෙම සංධ්වනියේ යම්  කොටස්, විවිධ පසුනිර්මාන සදහා බාවිතා කලා.




  • Für Elise / Bagatelle No. 25
මේකත් බිතෝවන්ගේම වැඩක්. පියානෝව මූලික වාද්‍ය භාණ්ඩය ලෙස භාවිතා වෙනවා. බොහෝ අවස්ථාවල භාවිතා වෙන කණ්ඩයක්. පියානෝ ටයිප් ක්‍රිඩාවේදිත් මේක අහලා ඇති ඔයාලා.


  • Eine kleine Nachtmusik
වුල්ෆ්ගෑන්ග් අමදියෙස් මොසාර්ට් ගේ වැඩක්. මේකට වයලින්,චෙලෝ,වියෝලා හා ඩබල්බේස් කියන වයලීන් පවුලම දායක කරගෙන තියනවා. 



  • Alla turca 
මොසාර්ට් විසින් සම්පාදනය කල Piano Sonata No. 11 in A major හි අන්තර්ගත කොටසක් තමයි මෙලෙස ප්‍රසිද්ධ වුනේ. පියානෝ වාදකයින් අතර ප්‍රසිද්ධ මෙය ඔබ නිසැකව අසා ඇති.






  • William Tell Overture
ඉතාලි ජාතික සංගිතඥ ජොකිනෝ රොසිනි (Gioachino Rossini) විසින් සම්පාදනය කරපු නිර්මාණයක්. රොසිනිගේ බොහෝ නිර්මාණ ජනප්‍රිය හා ප්‍රසිද්ධ වුනා. William Tell Overture, නැවතත් කොටස්වලට කඩලා පසුනිර්මාණ බොහෝමයකට භාවිතා කලා. මෙහි අවසන් කොටස වන March of the Swiss Soldiers බොහෝ සිනමානිර්මාන සදහා යොදාගත්තා. විශේෂයෙන්ම කව්බෝයි ආරයේ චිත්‍රපට බොහෝමයක දකින්න ලැබුනා.







  •   The Barber of Seville 
මෙයත් රොසිනි ගේ නිර්මාණයක්. මෙහි යම් යම් කොටස් කාටුන් සදහා යොදාගත්තා.(Looney Tunes/ හා හා හරි හාවා වැනි )






  • The Four Seasons
ඉතාලි ජාතික අන්තෝනියෝ විවාල්ඩි ගේ නිර්මාණයක්. මෙහි කොටස් ඔබ නිසැකව අසා ඇති. පසුකාලිනව මෙහි ප්‍රතිනිර්මාණයන් රැසක්  බිහිවුනා.  මෙය මාගේ සිත්ගත්තේ,  රූපවාහිනි නාලිකාවේ විකාශය වූ ‘‘ඇගිලි සලකුණ‘‘ වැඩසටහනේ පසුබිම් සංගීතය ලෙස මෙහි කොටසක් ඇතුලත් වුනා.






  • Flight of the Bumblebee
 Nikolai Rimsky-Korsakov ගේ නිර්මාණයක්. බටහිර ලෝකය තුල බොහෝ ප්‍රචලිතයි.
වේගවත්ම ගිටාර් හෝ වයලින් වාදකයා වීමේ ගිනස් වාර්තාව පිහිටුවීමට නම්, Flight of the Bumblebee නිවැරදිව වේගවත්ම වාදනය කල යුතුයි. 



ඩේවිඩ් ගැරට්  මෙය වාදනය කරමින් ගිනස් වාර්තාව පිහිටවූ අවස්ථාව. පසුව මෙම වාර්තාව බෙන් ලි විසින් බිදහෙලන ලදි.


  • In the Hall of the Mountain King
එඩ්වර්ඩ් ග්‍රිග් ගේ නිර්මාණයක්.  කාටුන් වැඩසටහන් හා චිත්‍රපට සදහා යොදාගැනුනා.






රසවිදින්න!!!
‘‘මෙහි ඇත්තේ බිදක් පමණයි‘‘.
 ඔයාලා ඇසු තවත් ප්‍රකට සංගීත කණ්ඩ ඇත්නම් කමෙන්ට් කරන්න.

බ්ලොග් අඩවියෙන් ගත යුත්තක් තිබේ යැයි හැගෙනවානම් අපිව follow කරන්න අමතක කරන්න එපා.


2 comments:

  1. අහම්බෙන් වගේ අන්තර්ජන්ජාලේ අයාලේ යනකොට blog කියල දෙයක් හම්බුණා. (මං හිතන්නේ මං ගල් යුගේ ඉදං ආව වගේ ඔයාලට දැනෙනවා ඇති.) එකෙන් ගොඩක් දේවල් ඉගෙනගත්ත.විශේෂයෙන් ජනේලෙන්.තවත් මං කියවන්න ඇබ්බැහි වෙනවා blog වලට පිං සිද්දවෙන්න.
    ඔබටත් ඔබේ උත්සාහයටත් ජයවේවා...!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තනිකඩයා..
      ඔබටත් ජයෙන් ජයම වේවා

      Delete