Tuesday, June 20, 2017

වාතයෙන් දුවන කාර් - AIRPod

ලෝක බලශක්ති අර්බුදය හේතුවෙන්, ඛනිජතෙල් වලින් බැහැර ශක්තිප්‍රභව සොයායැමට ලොවම උනන්දු වෙලා. එහි ප්‍රතිපලයක් ලෙස බැටරිබලයෙන්, සූර්යබලයෙන් ධාවනය වන රථ කරළියට එන්නේ. මේ කියන්න යන්නේ එවැනි අලුත් නිර්මාණයක්.
මේ කාර් දුවන්නේ වාතයෙන්



ඔව්! වාතය පමණයි..



බැලූබල්මට පෙන්නේ බැටරිභාවිතයෙන් විදුලිබලයෙන් ධාවනය වන රථයක් වගේ.නමුත් 100%ක්ම සම්පීඩීත වාතය (Compressed air)  මෙහි ඉන්ධනය ලෙස යොදාගන්නේ. කිසිදු වායු විමෝචනයක් නැත.

ලොව රථවාහන  මිලියන ගනනක් තියනවා. මෙවා විසින් දිනකට ජෛව ඉන්දන අතිවිශාල ප්‍රමාණයක් දහනය කරමින්, පරිසරයට හානිකර වායුන්  විශාල ලෙස විමෝචනය කරනවා. ජෛව ඉන්දන ක්ෂයවිම හා අධික පරිසර හානිය හේතුකොට ගෙන විකල්ප ශක්ති ප්‍රභව  සෙවිමේදි තමයි සම්පීඩිත වාතයෙන් වැඩක් ගන්න පුලුවන් කියලා පරික්ෂණයන්ගේ සිතේ අදහස් මතුවෙන්නේ.

වායු පුරවන අයුරු

වෙන වාහන වලට පුරවන්නේ තෙල්. නමුත් මේ වායු කාරයට පුරවන්නේ සම්පීඩිත වාතයයි. එම වාතය පිස්ටන් හරහා ගොස් රථය ධාවනය කිරිම සදහා අවැසි බලය නිපදවනවා. පිස්ටන් හරහා ගියා කියලා සාමාන්‍ය රථවල වගේ අභ්‍යන්තර දහනයක් වෙන්නේ නැ. ඒ නිසා වායු විමෝචන සිදුවන්නේත් නැ.

සම්පිඩිත වාතය(Compressed air ) කිව්වාට මේවා වෙනම විශේෂයෙන් සකස්කල වායුවර්ගයක් නෙවෙයි. සාමාන්‍ය වාතයම තමයි. නමුත් විශේෂත්වය, වාතය අධික පීඩනයකට ලක්කර තිබිම පමණයි.



සම්පිඩිත වාතය ඇසුරින් රථ ධාවනය අලුත් වගේ පෙනුනාට, ඉතා ඇත අතීතයේ එනම් 1900 මුල්ම කාලේ ට්‍රෑම්ප් රථ හා කාර් සම්පිඩිත වාතය ඇසුරින් ධාවනය කරන්න උත්සහා කලත් ඒවා වානිජමය ලෙස සාර්ථක වුනේ නැත.



නිර්මාපකයන් පවසන පරිදි මෙම වායු කාරයකට  පැයට කිලෝමිටර් 80 උපරිම වේගයකට ලගාවිය හැක. එක්වරක් වායු පිරවිමෙන් කිලෝමිටර 200ක් පමණ ගමන් කරන්න පුලුවන්.

ලෝ ප්‍රකට ටාටා සමාගමත්  මේ වැඩෙට අතගහලා කියලා ආරංචියි. 
හෙට අනිද්දා ඔබේ අපේ පුංචි පවුලේ වාහනේ
වායු කාරයක් වෙන්න පුලුවන්.


සබැදි ලිපි


තවත් ලිපි කියවන්න  ලේබල වලට පිවිසෙන්න.
අපිව ‍follow කරන්න අමතක කරන්න එපා.

1 comment:

  1. ශා... මරුනේ. පරිසරයටත් හිතකාමීයී..😃

    ReplyDelete