Thursday, June 1, 2017

ලොක් නැති, දොරවල් නැති, හොරු නැති අපූරු ගමක්

අපි ගෙදරකට දොරක් දාන්නේ ආරක්ෂාවට නේ. නමුත් දොරවල් නැති ගමක් තියනවා කිව්වොත් ඔයාලා විස්වාස කරනවාද? ඒ මදිවට මේ ගමේ බැංකු වලටත් දොරවල් නැ....
පුදුමයි නේද?
එන්න යමු ඒ පුදුමාකාර ගමට....



ඉන්දියාවේ මහාරාෂ්ඨ ප්‍රාන්තයේ,  Shani Shingnapur නම් මේ පුදුමාකාර ගම්මානය පිහිටා තිබෙනවා. මේ ගම්මානයේ ගෙවල් වලට දොරවල් නැ, අගුල් නැ. මේ ගමේ හොරු නැ....



Shani Shingnapur ගම්මානයේ පුරාණ හින්දු දේවස්ථානයක් පිහිටා තිබෙනවා. පුරාණ හින්දු විස්වාස වලට අනුව එම දෙවොලේ ශානි නම්  දෙවියෙක් වැඩ සිටිනවා. කවුරුන් හෝ සොරකමක් සිදුකල හොත් ශානි දෙවියන් විසින් දැඩි දඩුවම් ලබා දෙන බව ගම්වාසින්ගේ විශ්වාසයයි. කවුරුන් හෝ සොරකමක් කලහොත්, එම සොරා මිනිත්තු ගනනක් තුල මියයෑම හෝ මානසික රෝගියකු වන බව ඔවුන් විස්වාස කරයි.



දෙවියන් කෙරෙහි ඇති විස්වාසය නිසාම කිසිවෙකු තම නිවෙස් වලට දොරවල් පවා සවිකර නැ. උලුවහු තිබ්බට දොරවල් නැ. ගෙවල් විතරක් නෙවෙයි තැපැල් කන්තොරු, කඩ සාප්පු වලටත් දොරවල් නෑ.



Shani Shingnapur පොලිස් ස්ථානය අනෙත් පොලිස් ස්ථාන වලින් වෙනස් වෙනවා. මෙහි සොරකම් පැමිණිලි නැති තැනක්. පොලිස් ස්ථානාධිපතිම කියන විදිහට දශක ගනනාවට පසුව මෙහි 2010 වසරේදි  සොරකමක් වාර්තා වෙලා තියනවා. නමුත්  ගම් වාසින් කවුරුත්ම තවමත් තමන්ගේ වටිනා දේවල්  අගුලු දාන්නේ නෑතිලු. දවස් ගනනාවක් මේ ගම්මානයේ කඩ සාප්පු හිමිකරුවන් නැතිව විවෘතව තිබුනත් කිසිම දෙයක් නැති වෙලා නැ කියලායි පොලිසිය කියන්නේ.

 UCO නම් ඉන්දියානු බැංකුවත් දෙවියන් කෙරෙහි විස්වාසය තියලා, දෙර අගුලු නැති බැංකු ශාඛාවක් ගම්මානයේ විවෘත කරලා. අගුලු නැති බැංකුවක්!!! පුදුමයි නේද?



නමුත් බැංකුවක් කොහොමද දොරවල් නැතුව තියන්න බෑනේ. නිති රෙගුලාසි අනුවත් බැංකුවකට උපරිම ආරක්ෂාවක් දිය යුතුයි. ඒ නිසාම බැංකු ශාඛාව විසින් පසුව දොරවල් සවිකලත්, ඒවාත් නිතරම ඇරලා තියන්නේ. නමුත් ආරක්ෂිත ලිපිලේඛන අගුලු දානවාලු. 

මහාරාෂ්ඨ වැනි අපරාධ අධිකව සිදුවන ප්‍රාන්තයක  මෙවැනි ගම්මානයක් තිබිමත් පුදුමයි.






6 comments:

  1. Interesting..

    අනේ මේ මොනවා කියනවද.. අපේ රටෙත් තියෙනවානේ ඔය වගේ තැනක්.. ඒ කියන්නේ අගුලුත් තියෙනවා, දොරත් තියෙනවා.. ඒ උනාට අගුල දාන්නේ නැති දොරක්!!!

    කියන්නෙම නැහැ!

    ReplyDelete
  2. අන්ධ භක්තියෙන් ප්‍රයෝජනයක් ගන්නා තැනක්

    ReplyDelete
  3. ක්වේරෝස්ගෙ පොතේ තියෙනවා රාජසිංහ රජතුමා හරකුන්ගෙ කරේ රන් පොටවල් ගැට ගහලා යැව්වලු රටේ හොරු ඉන්නවද කියලා බලන්න. හොරකම ඒ තරම්ම ලංකාවේ දුර්ලභ දෙයක් වුණාලු. ඒ නිසා මේක අන්ධ භක්තියට බැර කිරීම හරිද? - යුවපාද - prathiloma.blogspot.com

    ReplyDelete