Thursday, June 15, 2017

ගසක් අත්අඩංගුවට ගෙන විලංගු දමයි!!!

වැරදිකාරයෙක් අත්අඩංගුවට ගැනිම සාධාරණයි. නමුත් පාකිස්ථානයේ එක්තරා ගසක් අත්අඩංගුවට ගෙන වසර 100කට වඩා වැඩි කාලයක් විලංගු දමා තිබෙනවා.
අත්අඩංගුවට ගැනිමට මොකක්ද මේ ගහ කරපු වරද?







පකිස්ථානයේ ලන්දි කොටල් හමුදා කදවුරේ මෙම විලංගු දැමූ ගස පිහිටා තිබෙනවා. පකිස්ථානය බෙදි යන්නට කලින් එය ඉන්දියාවේම කොටසක්. බ්‍රිතාන්‍ය යටත් විජිතයක් ලෙස පැවැති සමයේ මෙම හමුදා කදවුර ඉදිකර තිබෙනවා.

1898 වසරේදි, හමුදා කදවුරේ බ්‍රිතාන්‍ය ජාතික ජේමිස් ස්කුයිඩ් නම් හමුදා නිලධාරියකු සේවය කරලා තියෙනවා. ඔහු දිනක් මද්දහනේම හොදහැටි මධුවිතෙන් සප්පායම් වි සිටින විට, කදවුරු භූමියේ තිබු නුග වර්ගයේ ගසක් තමන් දෙසට ඇලවෙනවා නැතිනම් ගමන් කරනවා වගේ දැකලා තියෙනවා. මත්බව නිසා ඔහු දැකපු දෙයක් වුනත්, මෙය තමන්ට කරපු තර්ජනයක් ලෙස දුටු ජේමිස් වහාම සාජන් ට මෙම ගස අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කරලා තියෙනවා.

ඒ අනුව ගස දම්වැල් දමා ගැට ගසා තිබෙනවා. සිද්ධිය සිදුවී වසර 119ක් ගතව ඇතත් තාමත් විලංගු එහෙම්මමයි. 

ගසේ කදේ ‘‘I am  under arrest'' හා එයට හේතුව සදහන් පලකයක්ද සවිකර තිබෙනවා.



හුදෙක්ම එක් නිලධාරියකුගේ අඥාණ ක්‍රියාවක් වුවද, මෙමගින් බ්‍රිතාන්‍ය විසින් තම යටත්විජිතයන් පාලනය කල ආකාරය මනාවට පිළිබිබු වනවා. තමන්ට/ තමන්ගේ ක්‍රියාවලට අවනත නොවන ඕනැම දෙයකට දඩුවම් දිමේ කෘර ක්‍රියාකලාපය මෙම සිද්ධියෙන්ද මනා ලෙස පෙනියනවා.

මෙය යටත්විජිතවාදයේ කෘරබව හා අසාධාරණය පෙන්වන ප්‍රතිමූර්තියක් බදුය.

සබැදි ලිපි

හා තවත් කතා කියැවීමට සැගවුණු ඉතිහාස කතා ලේබලට පිවිසෙන්න






No comments:

Post a Comment