Sunday, June 25, 2017

Fidget spinner උන්මාදය

මේ දවස්වල සමාජජාල වෙබ් අඩවි සියල්ලකම පාහේ fidget spinner ගැන කතා කරනවා දකින්න පුලුවන්.
මොකක්ද මේ fidget spinner කියන්නේ??





එක එක සීසන් වලදි එක එක දේවල් ලෝකප්‍රකට වෙනවා. මේ සීසන් එකේ ජනප්‍රිය භාණ්ඩය වෙලා තියෙන්නේ fidget spinner එක. මේ ගැන කතා නොවන සයිට් එකක් නැති තරම්. දැන් උන්මාදයක් ලෙස පැතිර ගියාට fidget spinner සැලකිය යුතු තරම් ඉතිහාසයක් පවතින සෙල්ලම් බඩුවක්.



fidget spinner, කුඩා බෝල බෙයාරින් සහිත සරල සෙල්ලම් බඩුවක්. අතැගිලි අතර සිරකරගෙන කරකැවිමේ හැකියාවක් තියෙනවා. මෙහි භ්‍රමණය බොහෝ දෙනකුගේ සිත් බැදගන්නට සමත් වෙලා. ඒ නිසාමයි මෙච්චර මෙය ජනප්‍රිය වන්නේත්. 

1993 තරම් දිගු ඉතිහාසයක්  fidget spinner සතුයි. මෙය මුලින්ම කරලියට පැමිණෙන්නේ විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ව සන්සුන් කරන, ඔවුන්ගේ ඒකාග්‍රතාව පවත්වාගෙන යන උපකරණයක් හැටියටයි. ඔටිසම්, ADHD තත්ත්ව සහිත දරුවන්ගේ උද්වේගකාරි හැසිරිම් පාලනය කරන්නට මෙය භාවිතා කලා. ඔවුන් මෙය භ්‍රමණය කරමින්, එය සමග ගතකිරිමත්  ඔවුන්ගේ ඒකාග්‍රතාව තබාගැනිමට උපකාර වෙලා තිබෙනවා.

මේ වැඩේම  fidget cube එකෙනුත් කරනවා.



නමුත් පසුකාලිනව  fidget spinner  සාමාන්‍ය දරුවන් අතටත් ගියා. මුල් කාලයේ මෙය එතරම් බලපෑමක් කලේ නැ. නමුත් දීර්ඝ කාලයක් දරුවන් fidget spinner  ලෙස බලාසිටිම, කාලය ගත කිරිම, අවනශ්‍ය අවධානයක් ලබාදිම වැනි හේතුනිසා පන්තිකාමර වල fidget spinner  තහනම්  වූ අවස්ථාද තිබෙනවා.





අපේ ලංකාවේ fidget spinner  ප්‍රසිද්ධියට පත්ව වැඩිකාලයක් ගතව නෑ.  
විවිධ හැඩයෙන්, විවිධ වර්ගයෙන් වෙළදපොලේ තියෙනවා.

ගොඩක් වැඩ කිඩ දාන්නත් පුලුවන්.
fidget spinner  හා සබැදි ගිනස් වාර්තා පවා තිබෙනවා.


නමුත්,තවත් අලුත් ගැජට් එකක් ආවම, fidget spinner
 තවත් එක් සෙල්ලම් බඩුවක් විතරක් වේවි.



No comments:

Post a Comment