Tuesday, June 13, 2017

අත් බෙහෙත් නොව නිසි බෙහෙත් කලයුතු ‘‘කුරුලෑ‘‘

කුරුළෑ, යුවතියන්ගේ ගතට වඩා හිතට වද දෙන රෝගයක්.
කුරුළෑ යනු මොනවාද?
කුරුළෑ ආවොත් මොකද කරන්නේ?




උදැසන අවදි වෙලා මුණ සෝදනකොට, දකින දර්ශණෙන් හිත සසල වෙලා යනවා.
කුරුළෑවක් ඇවිල්ලා!!!

දැන් මොකද කරන්නේ? මූණ කැත වෙයිද? උදේ රූපපෙට්ටියේ යන බෙහෙතක් ගානවාද? අත් බෙහෙතක් කරනවාද? මේක නැති වෙලා යයි?

කුරුළෑ කියන්නේ මොනාද?

කුරුළෑ, වයිට් හෙඩ්ස්(whiteheads),බ්ලැක් හෙඩ්ස්(blackheads) .... යනු ඇක්නි(Acne) වර්ගයි.

අපේ හම හා රෝම ස්නේහනය කිරිමට ස්නේහක නිපදවන ස්නේහ ශ්‍රාවී ග්‍රන්ථි (Sebaceous glands) පිහිටා තිබෙනවා. අත්ල, පතුල වැනි සීමාසහිත ස්ථාන වල හැර සමේ අනෙකුත් ස්ථාන වල පිහිටා ඇති මෙම ග්‍රන්ථි රෝම කූප තුල හෝ නිදහස්ව පිහිටනවා. ග්‍රන්ථි නිපදවන ස්නේහක (sebum) සම මතුපිටට ප්‍රණාල හරහා පැමිනෙනවා.



ස්නේහක අධික ලෙස නිපදවීම, මියගිය සමේ සෛල යන හේතු නිසා නාල අවහිර වීම සිදුවෙනවා. අවහිරවූ නාල තුල ස්නේහක අධිකව සිරවී පවතිනවා. මේ මත   Propionibacterium acnes වැනි බැක්ටිරියා ක්‍රියාකාරකම් හේතුවෙන් ආසාධනයක් හටගන්නවා. ඔන්න ඔහොමයි වැඩේ සරලව කිව්වොත්.

මුහුනේ පමනක් නෙවෙයි, පපුව හා පිට ප්‍රදේශවලද කුරුළැ ඇතිවීම දකින්න ලැබෙනවා.

කුරුළෑ ඇතිවිමට බලපාන සාධක‍
  • හෝමෝන වෙනස්කම්
  • ජානමය නැඹුරුතාව
  • ආසාධන
  • ආහාර රටා
  • මානසික ආතතිය
  • නොගැලපෙන විලවුම් වර්ග භාවිතය

කුරුළෑ ඇතිවූනාම බොහෝ දෙනෙක් කරන වැරදි දෙයක් තමයි, කුරුළෑ නිතරම අතගෑම හා බිබිලි මිරිකිම. මේක වහාම නවත්තන්න. මූණ බේරගන්න ඕනානම් කුරුළැ බිබිලි මිරිකන්න එපා. එයින් සිදුවන්නේ මුහුනේ තවත් කුරුළෑ වර්ධනය වීම හා පැසවීම වැඩිවිම පමණයි. 

කුරුළැ සදහා ප්‍රතිකාර

සම මතුපිට ආලේප කරන බෙහෙත්, බොන බෙහෙත් හා අවශ්‍යතාව අනුව විටමින වර්ග භාවිතා කල යුතුයි. 
ඒ නිසා හොදම දේ තමයි, සමේ රෝග විශේෂඥ වෛද්‍යවරයකු හමුවීම. රජයේ රෝහල් සායනයකදි මෙන්ම  චැනල් සේවාවකදි වුවත් පහසුවෙන් ඔබට සමේ රෝග විශේෂඥ වෛද්‍යවරයකු හමුවෙන්න පුලුවන්. ලිපියේ ඖෂධ නාම සදහන් කිරිම සිතාමතාම පැහැර හැරියේ ඔබ ගැන සිතාය.

කුරුළැ වලක්වාගැනිමට ඔබට කලහැකි දේ

  • පිරිසිදුකම අංක එකයි..
  • තෙල් රහිත (water based) ආලේපන භාවිතා කරන්න.
  • ආහාර රටා ගැන සැලකිලිමත් වන්න.
  • සම තදින් පිරිමැදිමෙන් වලකින්න. සමහරුන් නාන්න ගියාම ගල් වලිනුත් සම මදිනවා.
  • කුරුළැ මිරිකිමෙන් වලකින්න.
  • හිනාවෙලා සතුටින් ජීවත් වන්න.








1 comment: