Monday, September 18, 2017

ඊජිප්තු මමි වලින් තීන්ත හදයි!

16 වැනි සියවසේ යුරෝපා කලාකාමීන් අතර Mummy Brown  නැමැති අපූර්ව වර්ණකයක් ප්‍රචලිතව පැවැති බව ඔබ දන්නවාද? 
ඊජිප්තු මමී වලින් සායම් හැදුවේ ඇයි? මෙම වර්ණකය යුරෝපයේ ප්‍රචලිත වූයේ ඇයි?
එන්න අපි සොයායමු!




පුරාණ මිසර මමිකරණය ගැන නොදත් කෙනෙක් සොයාගැනිමට පවා අපහසුයි. ජනේලයේ අපිත් කීප වරක්ම ඊජිප්තුවේ ප්‍රසිද්ධ මමී ගැන කතා කලා ඔබට මතක ඇති. ඊජිප්තුවේ සොහොන් වල තැම්පත් කර තිබු මමි පසුකාලිනව පුරාවිද්‍යාඥයින් හා මංකොල්ලකරුවන් අතින් රට පැටවෙන්නට  වුනා. අද වන විට ප්‍රකට මිසර මමි බොහොමයක් තියෙන්නේ සුද්දන්ගෙ රටවල් වල කෞතුකාගාර වලයි. 

නමුත්, පුරාණ මමි වල ශේෂයන් චිත්‍රවලින් හොයාගන්න පුලුවන් කියලා කිව්වොත් මොකද හිතෙන්නේ??

20 වැනි සියවසේ අරුණැල්ල වැටෙන සමය වන තුරුත්, පුරාණ මිනිස් හා සත්ත්ව මමි ශේෂයන් ඇසුරින් සායම් නිපදවීම සිදුකරගෙන ගියා. මෙම සායම් Mummy Brown ලෙස හැදින්වූවා. 

Mummy Brown සායමේ අක්මුල් 16 වැනි සියවස දක්වා ඇදි යනවා. මමිකරණය කල සිරුරු කොටස් කොටා කුඩුකර එයට ගල්තාර හා ලාටු මිශ්‍රකර සාදාගත් මෙම වර්ණකය නමාර්ථයෙන්ම දුඹුරු පැහැයකින් යුතු වුනා.



මුල් සමයේ සිත්තරුන්ගේ අවධානයට ලක්නොවු Mummy Brown සායම, 19 වැනි සියවසේ එංගලන්තයේ පෙරළිකාර චිත්‍රකලා සමාගමයක් වූ Pre-Raphaelite සහෝදරත්වයේ ක්‍රියාකලාපය හේතුවෙන් යුරෝපාකරයේ අවධානයට ලක්විය.  දක්ෂ චිත්‍රකරුවන්ගේ ඇසුරෙහි Mummy Brown සායම ගැවසෙන්නට විය. චිත්‍ර ඇදෙන්නට විය.

මෙම සායම් යොදාගෙන සිත්තම් කලායැයි සැලකෙන කළාකෘති කිහිපයක්
L’interieur d’une cuisine (Martin Drölling)

The Last Sleep of Arthur in Avalon (Edward Burne-Jones)


Liberty Leading the People (Eugene Delacroix)

නමුදු Mummy Brown චිත්‍රකරුවන්ගේ ඇසුරෙහි වැඩිකල් සිටින්නට වරම් නොලදි. 19 වැනි සියවස අග භාගය වන මමිකරණ කල සිරුරු වල පුරාවිද්‍යා, මානවවිද්‍යාත්මක හා වානිජමය වටිනාකම පිලිබද හොද වැටහිමක් ලෝකයාට අවබෝධ විය. තින්ත සැදිමට වඩා මමි වල වටිනාකම ගැන අවබෝධය ලදි. අමුද්‍රව්‍ය ලෙස මමි සොයාගැනිමට අපහසු විය. මමි ආශ්‍රයෙන් නිපදවු සායම් භාවිතා කිරිමට සිත්තරුන්ද විරුද්ද වන්න්ට විය. නිෂ්පාදනය ඇනහිටින. Mummy Brown සාමය ඉතිහාස පොතට එක්විය.




සායම් ලෙස භාවිතා කිරිමට අමතරව, මමි තුල සැගවුණු සුවවිමේ ශක්තියක් ඇතිබව විස්වාස කල ඇතමෙක් ඒවා කුඩුකර ඹෟෂධ නිපදවූ බවටද සාධක ඇත. මධ්‍යතන යුගයේ හා පසුකාලිනව යුරෝපයේ අවිධිමත් ප්‍රතිකාර ක්‍රමයක් ලෙස මෙය පැතිර ගොස් ඇත. අමුද්‍රව්‍ය හිගවිම හේතුවෙන් ලෝකයා සුවකිරිමේ ඒ මහා ප්‍රතිකාරයද නෂ්ඨ විය.

Mummy Brown  වර්ණයේ මතක දරා සිටින්නේ ලොව පුරා ඇති අතලොස්සක් වූ චිත්‍ර හා සායම් කුප්පි කිහිපයක් විසිනි.

සමාදානයෙන් සැතපුණු මිනිස්සුන්ට වෙච්ච දෙයක්!!!

- රොෂීන් ප්‍රනාන්දු

ඊජිප්තු මමි හා පිරමිඩ ගැන තතු දැනගන්න
සැගවුණු ඉතිහාස කතා ලේබලයට පිවිසෙන්න.


4 comments:

  1. මමී වලින් බෙහෙත්?

    ඔවෑක්කා !! ( එක අතකට බෙහෙත් හදන්න ගන්න දේවල් එක්ක බැලුවහම මොකට හිතනවද එහෙම නේද? ඒ උනත් ඔවෑක්කා!!!!!!)

    ReplyDelete
  2. බොහොම හොද ලිපියක් ගොඩක් දේවල් දැනගන්න ලැබුනා බොහොම ස්තූතියි.අපිට නොමිලේ ගෙදරට ගෙන්න ගන්න පුථවන් ප්‍රී අයිටම්ස් ගැන ලිපියක් දානවනම් ගොඩක් ආස වේවි හැමෝම සුභ දවසක් ජය වේවා!

    ReplyDelete