Saturday, September 2, 2017

ටොරන්ට් ගොනු, ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරමුද?

ටොරන්ට් ආශ්‍රිත බාගත කිරිමේදි  මිතුරන්ට ප්‍රයෝගික ගැටලු මතු වූ අවස්ථා ඇති. සීඩර්ස්ලා ප්‍රමාණයේ ගැටලු, බාගත වන වේගයේ සීමා, වෙබ් අඩවි තහනම් කිරිම පැන ඔයාලාටත් ඇති. සමහර විදේශ රටවල් වල ටොරන්ට් බාගත කරන්න දැඩි අවහිරතා තියෙනවා. විදේශගත මිතුරන්ට මේ ගැටලුව සෘජුව බලපානවා.
මේ ගැටලුව මටත් පැනනැගි නිසා ටොරන්ට් ගොනුවක් ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් (direct download) කිරිමට මා සොයාගත් ක්‍රමයන් බෙදාගන්න හිතුවා.






seedr.cc



ටොරන්ට් ගොනුවක් සෘජුව පරිගණයකට බාගත කරන්න උපකාරිවන අඩවියක් තමයි මේ. ඔබ මෙම අඩවියේ ලියාපදිංචි (sign in) වුනාම, 2GB නොමිලේ මතකයක් ලැබෙනවා. ඔබ බාගත කරන්න සුදානම් වන ටොරන්ට් ගොනුව හෝ එහි ලිපිනය ඇතුලත් කරලා, ක්ලවුඩ් එක තුලින් ලැබෙන දිගුවෙන් ඔබට බාගත කිරිම සිදුකරන්න පුලුවන්. ඔබ පරිගණකයේ Internet Download Manager ස්ථාපිත කරලා තියෙනවානම් වේගවත්ව බාගත කිරිම සිදුකරගත හැකියි. නිර්දේශ කල හැකි හොද වෙබ් අඩවියකි.

මීට අමතරව පහත සදහන් අඩවි ආධාරයෙන් ද බාගත කිරිම් සිදුකල හැකි වුවත්, නොමිලයේ ලැබෙන මතක ප්‍රමාණය අවම බැවින්, විශාල ප්‍රමාණයේ ගොනු බාගත කිරිමට නොහැකිය. මුදල් ගෙවා වැඩි මතක ගබඩාවක් ලබාගත යුතුවේ. 
 
නිර්දේශයන් පමණි.
භාවිතයෙන් හා අත්හදාබැලිමෙන් ගැලපෙනම අඩවිය තෝරගන්න!

සබැදි ලිපි
ටොරන්ට් වැඩ කරන හැටි 


2 comments: