Wednesday, September 6, 2017

බිරිද, දික්කසාද කරනවාද? විකුණා දමනවාද?

විවාහය කියන්නේ ජිවිත කතාවේ වැදගත් පරිච්ඡේදයක්. නමුත් යම් යම් හේතුවන් නිසා කසාදය, දික්කසාදයකින් කෙලවර වන අවස්ථාද අහන්න ලැබෙනවා. 
දික්කසාද නඩු වලින් උසාවි ත් පිරිලා.
අපිට නිති හදලා දුන්න සුද්දා
කාලෙකට කලින් දික්කසාද කරන්න අමුතුම විදිහක් බාවිතා කලා.
මේ කියන්නයන්නේ ඒ ගැනයි.




දහඅටවැනි සියවසේ අගභාගයේදි හා දහනමවැනි සියවස මැදභාගය වනතෙක් එංගලන්තය තුල පැවැති අපූරු චාරිත්‍රයක් ලෙස ‘‘බිරිද වෙන්දේසිකිරිම‘‘ පෙන්වාදිය හැක. අපට මහා වික්ටෝරියානු විනිතකම උගන්වන්න ආපු සුද්දාගේ රටේම මෙවැනි සිද්ධින් සිදුවිම  පුදුමඑලවනසුළුයි. 

විවාහ සම්බන්දව පැහැදිලි හා සෘජු නිතිරාමුවක් නොතිබුනු මේ යුගයේ, විවාහයක් කටුගෑමට ඉතා සංකීර්ණ නිති ක්‍රියාදාමයක් සැපිරිමට සිදුවිය. මුදලින් එවකට පවුම් 3000 (අදට සාපෙක්ෂව පවුම් 15000) ක් වැයවන අතර හා පල්ලියේ පූර්ණ කැමැත්ත ද හිමිවිය යුතුය. එබැවින් නිත්‍යානුකුල දික්කසාදයක් ලබාගැනිමට හැකිවූයේ ධනය හා බලය ඇති සීමිත පිරිසකට පමණි.

රජ මැදුරේ හෝ පුංචි පැලේ හෝ තියන පවුල් ප්‍රශ්ණ වල ලොකු වෙනසක් ඇත්තේ නැ. සදාකාලික වූ ප්‍රේමයක් වෙනුවෙන් විවාහ වු දෙන්නා දෙමහල්ලෝ ටික කාලයකින් විරසක වෙලා දික්කසාද වෙන්න තිරණය කලොත් වෙන් වෙන්න පහසු නැ.

මේ යුගයේ පැවැති සමාජ වාතාවරණය අනුව විවාහපත්වූ බිරිද සැමියාගේ යටත්වැසියෙක් ලෙස නොනිල පිලිගැනිමක් මුල්බැස තිබුණා. 

එබැවින් ආර්ථික මට්ටම පහල අයවලුන් විසින් තම බිරිද කඩමන්ඩියට රැගෙන ගොස් ප්‍රසිද්ධියේ ගෝෂාකරමින් වෙන්දේසියක් පවත්වා ඉහලම ඉල්ලුමට විකුණාදමින් විවාහය ඇවර කිරිමට පෙලබී ඇත. පොතපතේ සදහන් වන පිරිදි වෙන්දේසියට රැගෙන එන බිරින්දැවරුන් ගේ ගෙලෙහි, ඉනෙහි හා ඈතේ ලණු පොට බැද තිබු අතර, එය සත්ත්වයන් බැද දැමිමට සමානය.



රූපශ්‍රිය වයස මත ඉල්ලුම වැඩිවේ. ඉතා අඩු මුදලකට බිරිදන්දැවරුන් විකිණු අවස්ථා අසන්නට ලැබේ. විටෙක බිරිදකගේ වටිනාකම බීර බෝතලයට නොවැඩි ය. ස්ත්‍රිය හා නව හිමිකරු සමග වීදියේ වේදිකාවක්, අල්තාරය කොටගෙන කෙටි විවාහ චාරිත්‍රයක් මගින් විවාහ වීම සිදුකෙරිනි. අසල ඇති සුරාසැලක් ඔවුන්ගේ මදුපානය සරිකරයි.



මෙය නිතිවිරෝධි නමුදු සංකේතාත්මක වෙන්විමකි. දික්කසාද විමට ඇති විකල්පය මෙයම වන බැවින් බිරින්දැවරුන්ද ප්‍රසිද්ධ වෙන්දේසිය සදහා අකමැත්තක් පල නොකල බව පැවසේ. සංඛ්‍යාෙල්ඛන අනුව 300 ඉක්මවූ ස්ත්‍රින් පිරිසක් මෙසේ ප්‍රසිද්ධ වෙන්දේසි වල අලෙවි වි ඇත. නමුත් මහපොලවේ ගණන නම් දහස ඉක්මන බව පැවසේ.

පසුකාලිනව හදුන්වාදුන් දික්කසාද නිති හා පවුල් ආරවුල් උසාවි හේතුවෙන් ප්‍රසිද්ධ වෙන්දේසි අභාවයට ගියේය. කනින් කොනින් වාර්තා වූ සුළු සිද්ධින් හැර විසිවැනි සියවසේ මුල්භාගය වන විට මෙය එංගලන්තය තුල ඉතිහාසයට එක්වූ පැල්ලමක් බවට පත්විය.

21 වැනි සියවස තුලද මෙවැනි කතා අසන්නට නොලැබෙනවා නොවේ. ඉන්දියාවේ එක්තරා පෙදෙසක වැසියන් විසින් ණය හිලව් ලෙස බිරිද විකිණිම සිදුකරයි.

පෙනුමෙන් උගත්
ගතියෙන් නූගත්!!! 

4 comments:

  1. Mathugama ovitagala patte innawa kotipathi vyaparikayek,, ohuge naya mudal gewimata parakku uwahoth ohu naya karuwage biriya ussagena yamata puruduwa sitiya

    dan nam honda upasaka mahathek

    ReplyDelete